ඊශ්‍රායල බලධාරීන්ට සහ එරට හමුදාවට එරෙහි වරෙන්තු නිකුත් කරන්නැයි පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉල්ලයි.
පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් මෙසේ ඉල්ලා ඇත්තේ ඊශ්‍රායලය දිගට හරහට ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් පලස්තීන වැසියන් ජීවිතක්ෂයට පත් වීම නැවැත්වීමේ අරමුණ ඇතිවය.
ඊශ්‍රායල බලධාරීන් සහ ඊශ්‍රායල හමුදාව යුද අපරාධ කරනවා යැයි ද පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් චෝදනා නගා තිබේ. මේ වනවිට පලස්තීන වැසියන්ට ලබා දෙන ආහාර, ජලය සහ විදුලිය නැවැත්වීමට ද ඊශ්‍රායලය පියවර ගෙන ඇත. එය ද යුද අපරාධයක් බවට චෝදනා එල්ල වෙයි.
(අල් ජසීරා)
දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිවරයකු වන මූන් ජේ-ඉන් අල්ලස් චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කළ බව එරට වාර්තා කළේය. මේ බව මූන් ජේ-ඉන්ගේ නීතීඥවරුන් ද තහවුරු කර ඇ
යුරෝපා සංගමය, ඇපල් සමාගමටත් සහ ෆේස්බුක් මවු සමාගම වන ‘මෙටා’ සමාගමටත් නඩු පවරා ඇත. ඒ, ඇපල් සමාගමට ඇමරිකන් ඩොලර් මිලියන 570 ක් සහ මෙටා සමාගමට ඇමෙරිකන් ඩොලර්
තුර්කියේ ඉස්තාන්බුල් නගරය, රික්ටර් මාපකයේ 6.2 ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවකින් සහ පසු කම්පන මාලාවකින් කැලඹිණි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි
ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්
දකුණු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සැලවීමත් සමඟ, සෞදි නිල සංචාරය අතරමඟ නවත්වා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කඩ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඊශ්‍රායලයට වරෙන්තු නිකුත් කරන්න
සුරංග Wednesday, 01 November 2023 07:06 AM
ඊශ්‍රායලයට නොවෙයි, තහනම් නියෝග දෙන්න ඕනෑ මුලින්ම යුද්ධය ආරම්භ කරපු අයට හා ඔවුන්ට සහයෝගයක් දුන්නු අයට තමයි කියලා තේරුම් ගන්න බැරිද? ගහන්න ගහන්න වදින්න ගියාම බැහැ. ඒනිසා මුලින්ම ගහපු කට්ටිය වැන්දොත් යුද්ධය නැවැත්වීමට කටයුතු කරන්න ඕනෑ.
රංබොඩ Wednesday, 01 November 2023 09:38 AM
ත්‍රස්තවාදීන් පළමුව ඊශ්‍රායලය ට නොකියාම ප්‍රහාරයක් එල්ල කර අඅහිංසකයින් ට කළ මහා අපරාධය ගැන මොවුන් කිසිවක් කතා කරනැත. එදා අපේ රටේ L.T.T. E ත්‍රස්තවාදීන් ට ඇතැම් සංවිධාන උපකාර කළේ මේ අයුරිනි.
chandaniWednesday, 01 November 2023 12:18 PM
ප්‍රරශ්නය අරම්භකලේ යුදෙව්වෝ !!! ඉන්න හිටින්න තැනක් නැතිව පෙට්ටි ඔලුවේ තියාගෙන රටක් රටක් ගානේ ඇවිද්ද යුදෙව්වන්ට පලස්තීනයෙන් කොටසක් වෙන්කර දුන්න එංගලන්තයටත් ශාපවෙනවා.හමාස් ත්‍රස්තයින් බිහිවුනේ ඉස්රයලයේ විනාශකාරී වැඩ නිසා.මේ යුද්ධය අවසන් නැහැ, මෙවර ඉස්රායලය පරදිනවා,තවම වැඩ පටන් අරගෙන නැහැ වගෙයි පෙනෙන්නේ.දෙවියන්ටත් අකිකරුවුන යුදෙව්වන්ව දෙවියන් විසින් සමුලඝාතනය කරනබව බයිබලයේත්, කුරානයේත් ලියවිලා තියෙනවා.
සම්පත්Thursday, 02 November 2023 01:25 PM
ඔබ ඉතිහාසය නොදැන කතා කරන්න එපා... ඊශ්‍රායලෙය් අතීතය හොඳින් විමසා බලන්න. සිදුවිය යුත්ත සිදුවෙයි.
චන්දන Wednesday, 01 November 2023 10:08 AM
ඒක හරි. රුසියාවට වරෙන්තු නිකුත් කලා නම්...මෙතරම් දෙයක් කරන ඊශ්‍රායලයට නැත්තෙ ඇයි? එහෙම නම් රුසියාවට නිකුත් කළ වරෙන්තුව ඉවත් කරන්නත් ඔ්න. ලංකාවට එරෙහි ක්‍රියා නවත්තන්න ඔ්න
සම්පත් Thursday, 02 November 2023 01:22 PM
ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කර ඔවුන් ලෝක සිතියමින් අයින් කරන්නයි මුස්ලිම් ත්‍රස්තවාදී කණ්ඩායම්වලට අවශ්‍ය වුනේ.. ගාසාතීරය පුරාම උමං මාර්ග හදලා, ආයුධ එක්රැස්කරනකන් ෙම් ඔක්කෝම බලං හිටියා.. නිකං සමාදානෙන් හිටපු ඊශ්‍රායලයට රොකට් 7000ක් එල්ල කරලා රට විනාශ කරලා මිනිස්සුන් මරා දැම්මා.. දැන් විඳවනවා.. අහිංසක දරුවෝ, වැඩිහිටියන් කොහොමත් පව්, ඔවුන්ට ඉවත් වන්නට තිබුණා.., ඔවුන්ව මිනිස් පලිහක් විදිහට භාවිතා කරනවා.. දැන් ත්‍රස්තවාදීන්ට ඕනෑ මුළු ඉස්ලාම් සමාජයම මෙයට එකතු කරගන්න විතරයි. යුද්ධය දෙන්නේ විනාශයක්ම විතරයි..