2019 වසරේ මැයි මාසයේ දී උගන්ඩාවේ කරුමා හී ආරම්භ කෙරුණ හයිඩ්‍රෝ විදුලි බලාගාරයේ කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර, එය පද්ධතියට එක් කරමින් විදුලි උත්පාදන කටයුතු සිදු වෙමින් පවතියි. ව්‍යාපෘතිය 2023 වසරේ අගෝස්තු මාසයේ දී අවසන් විය. මේ වන විට එම ව්‍යාපෘතිය හේතුවෙන් වසරකට අමු ගල් අඟුරු මිලියන 1.31 ක් ඉතිරි කරගැනීමට හැකි වන අතර, උගන්ඩාවේ විදුලි මිල 17.5%කින් අඩු කරගැනීමට ද හැකි වී තිබේ. චීන ආයෝජන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වූ මෙය පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ද වෙයි.
මේ හරහා රැකියා අවස්ථා රැසක් නිර්මාණය වී ඇති බවත් ඒ හරහා ජන ජීවිතය වෙනසකට ලක්වී ඇති බවත් වාර්තාවෙයි. "තීරයක් සහ මාවතක්" (BRI ) ව්‍යාපෘතියේ 10 වැනි සංවත්සරය වෙනුවෙන් නිර්මාණය වූ වැඩසටහන් පෙළක් අතර ඇති උගන්ඩාවේ "කරුමා" හි අයෙබසිබ්වේ බ්ලෙස් නම් 29 හැවිරිදි තරුණයෙකු වටා නිර්මාණය වී ඇති කතාවේ විශේෂත්වය වන්නේ ඔහු විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන කාලයේ දීම "කරුමා හයිඩ්‍රෝ බල ව්‍යාපෘතියට" සිවිල් ඉංජිනේරුවකු ලෙස සම්බන්ධවීමට අවස්ථාව ලබා තිබීමයි. සාමාන්‍ය යෙන් උගන්ඩාවේ රැකියාවක් සොයා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවේ. එහෙත් විදුලි බල ව්‍යාපෘතිය හරහා ඔහුට වඩාත් පහසුවෙන් රැකියා අවස්ථාවක් ලැබී තිබේ. එසේම නවීන තාක්ෂණය සමග වැඩ කිරීමේ අවස්ථාවද බ්ලෙස්ට හිමිවිය.
බ්ලෙස් පවසන්නේ "ඒක මට ලැබුණ ලොකු අවස්ථාවක්. ඒ නිසා මට දක්ෂ ඉංජිනේරුවන් සමඟ වැඩකරන්න ලැබුණා. ඔවුන් සමඟ දැනුම බෙදාගත්තා." යනුවෙනි.
බ්ලෙස් පවසන්නේ මෙම ජල විදුලි බලාගාරය ඔහුගේ ජීවිතය වෙනස් කළ බවයි. "තීරයක් සහ මාවතක්" මුලපිරීම යටතේ උගන්ඩාවට පැමිණි මෙම ව්‍යාපෘතිය බ්ලෙස්ගේ ජීවිතය වෙනස් කළ බව බ්ලෙස් පවසයි. එසේම උගන්ඩාවේ ඇති ව්‍යාපෘති රැසක් නිසා එම ව්‍යාපෘතිවලට සම්න්ධ වූවන්ගේ සහ සමීපතමයන්ගේ ජීවිත ධනාත්මකව වෙනස් වී ඇති බව පෙනෙන්නට තිබේ.
(CGTN ඇසුරිනි)
https://www.youtube.com/watch?v=hxlgAnuHYG8
දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිවරයකු වන මූන් ජේ-ඉන් අල්ලස් චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කළ බව එරට වාර්තා කළේය. මේ බව මූන් ජේ-ඉන්ගේ නීතීඥවරුන් ද තහවුරු කර ඇ
යුරෝපා සංගමය, ඇපල් සමාගමටත් සහ ෆේස්බුක් මවු සමාගම වන ‘මෙටා’ සමාගමටත් නඩු පවරා ඇත. ඒ, ඇපල් සමාගමට ඇමරිකන් ඩොලර් මිලියන 570 ක් සහ මෙටා සමාගමට ඇමෙරිකන් ඩොලර්
තුර්කියේ ඉස්තාන්බුල් නගරය, රික්ටර් මාපකයේ 6.2 ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවකින් සහ පසු කම්පන මාලාවකින් කැලඹිණි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි
ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්
දකුණු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සැලවීමත් සමඟ, සෞදි නිල සංචාරය අතරමඟ නවත්වා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කඩ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
උගන්ඩාවේ ජනජීවිතයට ධනාත්මක බලපෑමක් කළ “තීරයක් සහ මාවතක්“