ඇමෙරිකාවේ නාසා ආයතනය අන්තර් ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සවිකර ඇති කැමරා පද්ධතිය මඟින් මහ පොළොවට බ්රභමණය වන ආකාරයේ විස්මිත දර්ශන සජීවී ලෙසින් නොනවත්වා විකාශනය කිරීම ආරම්භ කර ඇත.
පැයකට කිලෝමීටර් 18000 ක වේගයෙන් පොළවට වටා කරකැවෙන අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ මෙම කැමරා සවිකර ඇත්තේ අනාගතයෙදී දුර ඈත ගැඹුරු අභ්‍යාවකාශයේ තොරතුරු ගවේෂණයේදී වැදගත්වන එම පරිසරයට ඔරොත්තුදෙන අන්දමේ නවීන කැමරා නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය දත්ත රැස්කර ගැනීමේ අරමුණෙනි.
කෙසේ වුවද එම කැමරා මඟින් පොළවට විකාශනය කෙරෙන රුප රාමු අපතේ නොයවා සියලු ලෝක වාසීන්හට දැක බලා ගැනීමට ලබාදීමට නාසා ආයතනයත් සජීවී දර්ශන විකාශනය කරනු ලබන යු එස් ස්ට්‍රීම් සමාගම සමඟ සිටියි.
තව දින කිහිපයකින් මෙම කැමරා පද්ධතියට නවීන තම වීඩියෝ කැමරා කිහිපයක්ම එකතු කිරීමට කටයුතු යොදන බව නාසා ආයතනක කියයි.
කැමරා කිහිපයක් යොදාගනිමින් විකාශනය කෙරෙන මෙම රුප රාමු සමහර අවස්තාවලදී කලුපාට බවක් පෙනෙන්නට ඇත්තේ එම වෙලාවේදී අභ්‍යාවකාශ යානය පෘතුවියේ රාත්‍රී කාලය පවත්නා පෙදෙස් පසුකර ගමන් කරන බැවිනි.
කැමරා මාරු කරන අවස්ථාවලදී තිරය අළු පාටින් දිස්වෙයි.
පැය එක හමාරක කාලයකදී පෘතුවිය එක්වටයක් බ්‍රමණය වන ආකාරය සජීවීව දැකබලාගැනීමට හැකිවෙයි.
එමෙන්ම වලාකුළු රහිත පැහැදිලි අහසක් ඇති අවස්ථා වලදී අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ඉන්දියා කලාපය ඉහළින් යාත්‍රාකරන විට
ශ්‍රී ලංකාව අභ්‍යාවකාශයට දිස්වන අන්දමද දැකගැනීමේ අවස්ථාවද ඇත.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උඩට මිහිකත පේන හැටි පෙන්වයි
දිලාන් Monday, 12 May 2014 01:17 AM
ඉතා වටිනා ලිපියක් (නි)
හේවාවිතාරණ Thursday, 15 May 2014 02:10 AM
දොඩන්ගොඩ ;ආපහු ගල් යුගයට යන්න වගේ සුදානම් වෙන්නේ (ස)
නඩරාජා Monday, 12 May 2014 03:40 PM
අපිත් ටිකක් විමසිලිමත්ව සිටියොත් හොඳ බව හිතෙනවා. (ස)
රත්නායක Monday, 12 May 2014 06:36 AM
බලන්නම වටිනා දේවල්... (නි)
දයා අලහකෝන් Sunday, 11 May 2014 06:26 PM
නසා ආයතනය මෙය කරන විස්මිත දර්සනය අපට පුදුම උපදවන දෙයක් සේම පාසැල් දරුවන්ට අධ්යායපනට බොහොම ප්‍රයෝජනයක් ලබාදෙනු ඇති (ස) .
විජේබා Monday, 12 May 2014 05:02 PM
චලනය නොවන ද්‍රව්‍යයක් කොහේවත් නැහැ.විශ්වයේ - අවකාශයේ සහ තමා තුළ කොහේවත් නැවතී ඇති නිශ්චල දෙයක් කියා දෙයක් නැත. (නි)
ගැමී Monday, 12 May 2014 07:39 AM
නාසා ආයතනයට කාලෙකට පස්සේ ඉතා හොඳ අදහසක් පහළ වෙලා. මෙය සියලු ලෝකවාසීන්ගේ යහපත සඳහාම පමණක් වේවා! (නි)
අනිල් Monday, 12 May 2014 07:42 AM
විජේරත්න, මේ වගේ හොඳ ලිපි වලට ගරහන්න එපා. ඔයා හරිම කුහකයෙක් (නි)
අනුරංග Monday, 12 May 2014 08:11 AM
http://newswatch.nationalgeographic.com/2014/05/09/watch-stunning-live-nasa-feed-of-earth-from-space/ (නි)
ලකී Monday, 12 May 2014 09:38 AM
අනුරංග, ස්තූතියි. (ස)
නලින් Tuesday, 13 May 2014 08:06 PM
ලස්සන වගේම රටක් මේ විදියට උඩු ගුවනේ සිට නිරීක්ෂණය කිරීමේ අවදානම ගැනත් සිතිය යුතුයි. (නදී)
ජීවක Sunday, 11 May 2014 07:49 PM
මේකත් ලංකාවට විරුද්ධ ඇමෙරිකානු කුමන්ත්‍රණයක් විය හැකියි නේද ? (ස)
හේවා Tuesday, 13 May 2014 12:30 AM
ජීවක, අර්ථවත් දෙයක් කියන්නකෝ (නි)
හේවා Tuesday, 13 May 2014 12:32 AM
නිල්මිනිත් ජීවක වගේම තමා (නි)
දයාරත්න Sunday, 11 May 2014 07:57 PM
මේ තරම් දේවල් තිබිලත් අර අතුරුදන් වූ යානය සොයා ගන්න බැරි වුණේ ඇයි. (ස)
ජනක Monday, 12 May 2014 11:09 AM
සමහරු කියනවා ලෝකය පැතලියි කියලා. තාමත් ඇතැම් අය විශ්වාස කරනවා..(ස)
අරෝෂ් Tuesday, 13 May 2014 01:21 PM
සමහරුන්ගේ අදහස් දුටු විට හිනා යනවා (නි)
අනුරංග Friday, 16 May 2014 05:14 PM
http://eol.jsc.nasa.gov/HDEV/ මේ ලින්ක් එක වඩාත් පැහැදිලිව බලන්න පුලුවන් (නි)
ඉන්දික Monday, 12 May 2014 06:27 PM
මෙන්න ලින්ක් එක. http://www.ustream.tv/channel/live-iss-stream (නි)
සිරාන් Monday, 12 May 2014 11:35 AM
දයාරත්න, මේ කැමරා වලින් කරන්නේ නැතිවුණු ගුවන් යානා හොයන එක නොවේ. මෝඩ අදහස් දක්වන්න එපා. (ස)
දොඩන්ගොඩ Tuesday, 13 May 2014 03:41 AM
මේ අධිරජ්‍යවාදී කැමරාවේ විකාශනය සබැ දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් විදියට වර්ජනය කල යුතුයි. (ස)
සිරි Sunday, 11 May 2014 09:09 PM
දැනටත් මේ දර්ශනය මිලියන දොළහකට වැඩි පිරිසක් නරඹමින් සිටිනවා. (ස)
සුරේ Monday, 12 May 2014 06:44 PM
හරිම වටිනා දෙයක් (නි)
ලාල් Friday, 16 May 2014 10:33 AM
තව ඉස්සරහට වැරදි කරන අයට දඩ කොලය මෙම කැමරාවෙන් බලල එවයි ...... බොහොම පරිස්සම් වෙමු. (ස)
විද්‍යා Tuesday, 13 May 2014 06:00 AM
අභ්‍යවකාශයේ සිට දකින මිහිකත කොපමණ සුන්දරද? මිහිකතෙහි වෙන අපරාධ උහුලා ගන්නට බැරි ඇය හඬ හඬා නේද ඉන්නේ? (නි)
සරණ Thursday, 15 May 2014 01:00 PM
අමරිකාවට අපට විරුද්ධව කුමන්ත්‍රණ කරන්න ඇති වුවමනාව මොකද්ද? එයා අපේ හොඳ මිතුරෙක්. (නි)
නිලන්ත Monday, 12 May 2014 07:06 PM
මොන කැමරා සවි කළත් වැඩක් නැහැ. තවම මැලේසියානු ගුවන් යානය හොයාගන්න බැරි වුණානේ! (නි)
නලීන් Tuesday, 13 May 2014 02:35 PM
අපිට පෙන්නන්නෙ ලස්සන පැත්ත විතරයි. (නි)
සරත් බණ්ඩාර Sunday, 11 May 2014 10:54 PM
මන රංජන දර්ශනීය ලංකා .මාතා අතිරමනි . සැරදේ සැරදේ අප ලක්මෑණී. (ස)
අජිත් Sunday, 11 May 2014 10:59 PM
ගොඩක් හොඳ දෙයක්. සජීවීව බැලීමට හැකි විදියක් දෙන්න පුලුවන්ද? (නි)
නිල්මිණි Monday, 12 May 2014 01:04 PM
ඒක දැක්කම නම් බයත් හිතෙනවා. අම්මෝ වටේම මුහුද. මොනවා උනත් අපි වාසනාවන්තයි. (ස)
සදුන් Sunday, 11 May 2014 11:23 PM
කොහොමද අපේ ලෝකේ. (ස)
මෙන්ඩිස් Sunday, 11 May 2014 11:28 PM
මේක බලාගන්න පුලුවන් වෙබ් ලිපිනයක් ඇතොත් එය වඩා ප්‍රයෝජනවත් වේවි (නි)
විජේරත්න Sunday, 11 May 2014 11:33 PM
අපේ මාමත් ඉන්නවා මට පෙනෙනවා. (නි)
මධුර Sunday, 11 May 2014 11:36 PM
හරිම ලස්සනයි (නි)
අසේල Tuesday, 13 May 2014 04:17 PM
අපිට පෙනෙන ලස්සන (දිල්)
අනුර Friday, 16 May 2014 01:07 PM
ලෝකය. (ස)
සේරම් Monday, 12 May 2014 01:56 PM
සොබා දහමේ නිර්මාණ සොබා දහමට ඕනෑම වේලාවකදී විනාශ කරනවා. ඒ වගේම ආරක්ෂා කරනවා. (ස)