දකුණු කොරියාවටත්, ඇමෙරිකාවටත් පහරදෙන බවට තර්ජනය කරන උතුරු කොරියාව, පෙරේදා (18) කෙටි දුර මිසයිල තුනක් අත්හදා බැලූවේය.
උතුරු කොරියාවේ කි‍්‍රයාකාරකම් ගැන නිරන්තරයෙන් සෙවිල්ලෙන් සිටින දකුණු කොරියාව ප‍්‍රකාශ කළේ උතුරු කොරියානු රජය පෙරේදා උදෑසන මිසයිල දෙකක් අත්හදා බැලූ බවත් තෙවැනි මිසයිලය එදින සවස අත්හදා බැලූ බවත්ය.
උතුරු කොරියාව, එම මිසයිල අත්හදා බැලීම් කළේ යුද අභ්‍යාසයක් පවත්වමිනි.
උතුරු කොරියාව ඇමෙරිකාවට සහ දකුණු කොරියාවට පහර දෙන බවට අනතුරු ඇඟවීම් කළේ ඉකුත් මාර්තු මස 30 වැනිදා සිටය.
ඊට හේතු වූයේ ඇමෙරිකාව සහ දකුණු කොරියාව එක් වී කොරියානු අර්ධ ද්වීපයේ කහ මුහුදේ පැවැත්වීමට සූදානම් වූ මහා පරිමාණයේ යුද අභ්‍යාසයකි.
උතුරු කොරියානුවන් ප‍්‍රකෝප කිරීමට සමත් වූ, ‘ෆොල් ඊගල්’ නමැති එම යුද අභ්‍යාසය අත්හැර දැමීමට තමන් තීරණය කළ බව ඇමෙරිකාවත් දකුණු කොරියාවත් ඉකුත් 30 වැනිදා නිල වශයෙන් නිවේදනය කළේය.
ඒ අනුව උතුරු කොරියාව, ඇමෙරිකාව සහ අසල්වැසි දකුණු කොරියව දෙසට හරහා තිබූ මිසයිල යළි ඔවුන්ගේ හමුදා කඳවුරු තුළට ගෙන යෑමට ඉකුත් 6 වැනිදා කටයුතු කළේය. ජගත් යුද විශ්ලේෂකයන් කියා සිටියේ ඒ සමඟ උතුරු කොරියාවෙන් එල්ල වූ යුද තර්ජන නිමාවට පත්වුණු බවය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උතුරු කොරියාව කෙටි දුර මිසයිල 3 ක් අත්හදා බලයි
සේරම් පැරිස් Monday, 20 May 2013 03:06 PM
අවි ගත්තෝ අවියෙන් නසී. තෝරු මෝරු අස්සේ හාල්මැස්සොත් වලියට ඇවිත් . මේවට වියදම් කරන මුදල් රටේ ජනතාවට කන්න බොන්න අඳින්න වියදම් කරනම් වටිනවා (නි)
මාරසිංහ Monday, 20 May 2013 11:02 AM
අනේ මොකද්ද ඔබට ඕනැ?ඩලෝකේ දුප්පත්ම රට නේද. නරකද පොඩ්ඩක් තමන්ගේ මිනිස්සු ගැන, ආර්ථික දියුණුව ගැන හිතුවොත්.කොමියුනිස්ට් වාදේ දැන් පරණ වැඩියි ලෝකෙට.ඒක හරි ගියේ කාර්මික විප්ලවඑයට කලින් තිබුණු රදලවාදී සමාජෙට නොවැ. චිනෙත් දැන් ඇමරිකාවට වඩා දනවාදී නොවැ (නි)