ඉතිහාසයේ පළමු වරට රොකට්ටුවක් ගුවන්ගත කිරීමට එංගලන්තය ගත් උත්සාහය අසාර්ථක විය. රොකට්ටුවේ අරමුණ වූයේ රටවල් 9 ක චන්ද්‍රිකා නවයක් උඩු ගුවනේ රැඳවීමටය.
රොකට්ටුව යැවීමට බිලියනපති ව්‍යාපාරික රිචඩ් බ්‍රැන්සන්ගේ ‘වර්ජීන්’ සමාගම සම්බන්ධ වී සිටියේය. මෙහෙයුමේ අරමුණ වූයේ සැහැල්ලු රොකට්ටුවක් ‘බෝයිං 747’ දැවැන්ත ගුවන් යානයක ආධාරයෙන් උඩු ගුවනට යැවීමය.
මීටර් 21 ක් දිග රොකට්ටුව ගුවන් යානයේ ඉහළින් සම්බන්ධ කෙරුණු අතර, ගුවන් යානය නිරිතදිග එංගලන්තයේ කෝන්වෝල් හි ‘ස්පේස්පෝට්’ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කෙරුණි.
ඉහළ අහසේ දී, සැලැසුම් කළ පරිදි, රොකට්ටුව ගුවන් යානයෙන් වෙන්වී, උඩු ගුවන බලා ගිය නමුත්, චන්ද්‍රිකා රොකට්ටුවෙන් වෙන් වී පෘථිවි කක්ෂයට මුදා හැරීම ගැටලුවක් විය. ඒ අනුව, මෙහෙයුම අසාර්ථ වූ බව නිවේදනය කෙරුණි.
(ඬේලිමේල්)
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු සහ කැනඩාව ඇමෙරිකාවේ ජනපදයක් බවට පත් කර ගැනීමේ තීන්දු තීරණ මධ්‍යයේ කැනඩාවේ මහ මැතිවරණය පැවැත්වුණු අතර, එ
ඉන්දු කාශ්මීරයේ පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තාන ‘යූ ටියුබ්’ නාළිකා රැසක්, ඉන්දියාවේ තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත. ඒ, එම පාකිස්තාන ය
නව පාප්වහන්සේ තෝරාපත් කර ගැනීම සඳහා වන කාදිනල්වරුන්ගේ රහසිගත හමුව සහ ඡන්ද විමසුම ලබන 5 වැනිදා හෝ 6 වැනිදා පැවැත්වෙනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක ද
රුසියන් යුක්රේන යුද්ධයේ දී තමන්ගේ සහාය රුසියාවට ලබා දෙන බවත්, තම හමුදා රුසියන් හමුදා සමඟ එක් වී, යුක්රේන හමුදා සමඟ සටන් වදින බවත් උතුරු කොරියාව නිල වශයෙ
කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ විය. ඒ, එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
එංගලන්තය රොකට්ටුවක් යැවීමට ගත් උත්සාහය වරදී
AKALANKA Thursday, 12 January 2023 09:57 AM
අපේ රටේ ඉන්නවා රොකට් පිළිබඳ විද්වතෙක්.රැකියාවක් නැතුව.එයා ඕකට සම්බන්ධ කර ගත්තානම් ඔහොම ප්‍රශ්න වෙන්නේ නෑ