IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


එන්නත් අනිවාර්ය කිරීම අවසන් විකල්පයයි

'කොවිඩ් 19' වයිරසයට එරෙහි එන්නත් අනිවාර්ය කරන්නේ නම්, එසේ කළ යුත්තේ එය අවසන් විකල්පය නම් පමණක් බවත්, එන්නත් අනිවාර්ය කිරීමට තමන් කිසිම අවස්ථාවක, කිසිදු රටක් උනන්දු කර නොමැති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කලාපීය ප්‍රධානී හාන්ස් ක්ලූග් පවසා ඇත.

'කොවිඩ් 19 ලොවටම බලපෑමක් කරන වසංගතයක්. එන්නත් ලබා ගැනීම ලොව සෑම කෙනකුගේම වගකීමක්. අප සැමවිටම කියන්නේ වගකීමක් ඇති පුරවැසියකු ලෙස සෑම කෙනකුම එන්නත් ලබා ගැනීම කළ යුතුයි කියායි. ඒත් එන්නත බලෙන් කාටවත් ලබා දෙන්න අප උපදෙස් දී නැහැ. එන්නත් බලෙන් ලබා දීමට කටයුතු කිරීම සමාජිය වශයෙන් අවිශ්වාසයක් නිර්මාණය වීම, ගැටුම් නිර්මාණය වීම සහ සමාජ නොසන්සුන් තත්ත්වයක් ඇති කිරීමට හේතුවක් වේවි' යැයි යුරෝපා කලාපීය ප්‍රධානී හාන්ස් ක්ලූග් පැහැදිලි කර තිබේ.

මේ වනවිට යුරෝපා කලාපයේ 'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ ඉහළ අගයක් ගෙන තිබේ. ඊට අමතරව, යුරෝපා රටවල් රැසකින් 'ඔමික්‍රෝන්' විකෘති ප්‍රභේදය ද වාර්තා වීමට පටන්ගෙන ඇත.

ප්‍රංශය, බ්‍රිතාන්‍යය, ජර්මනිය ඇතුළු රටවල් බොහොමයක්, එන්නත් අනිවාර්ය කර ඇති අතර, එන්නත් ලබා ගැනීමට අදිමදි කරන එම රටවල වැසියන් ඊට එරෙහිව රජය සමඟ ගැටුම් ඇති කර ගනී.

'එන්නත සම්බන්ධයෙන් ජනතා විශ්වාසයක් ගොඩනැගීම රජයේ වගකීමයි. සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමයි. විශ්වාසය දිනා ගැනිමෙන් එන්නත්කරණ වැඩසටහන් පුළුල් කිරීම මෙම අවස්ථාවේදී කළ යුතුයි. එන්නත් අනිවාර්ය කරමින්, බලෙන් එන්නත් දීමට යෑමෙන් සිදුවන්නේ අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය වීමයි. එය කොවිඩ් 19 වසංගතය උත්සන්න කිරීමට ද හේතු වෙනවා' යැයි හාන්ස් ක්ලූග් පෙන්වා දී තිබේ.

(රොයිටර්)



අදහස් (1)

එන්නත් අනිවාර්ය කිරීම අවසන් විකල්පයයි

de silva Wednesday, 08 December 2021 11:25 AM

ලංකාවෙත් එන්නත අනිවාර්ය කරන්න...

:       13       2

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඕනෑම ප්‍රහාරයකට සූදානම් - රුසියන් ජනපති
2024 නොවැම්බර් මස 20 102 0

යුක්රේනයෙන් එල්ල වන ඕනෑම ආකාරයේ ප්‍රහාරයකට රුසියාව සූදානම් බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත. රුසියන් ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ, රුසිය


හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීන්ට 45 ක් හිරේට
2024 නොවැම්බර් මස 20 24 0

ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන ආකාරයට කටයුතු කළැයි චෝදනා ලැබූ හොංකොං හි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් 45 දෙනකුට සිර දඬුවම් නි


නවසීලන්ත පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා
2024 නොවැම්බර් මස 20 44 0

නවසීලන්ත වැසියන් දහස් ගණනක් එරට පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා පවත්වයි. ඒ, නවසීලන්තයේ ආදිවාසී මෞරි ජනතාවගේ අයිතීන් උල්ලංගනය කරන ආකාරයේ නව පනත් කෙටුම


චීනයේ පාසලක් ඉදිරියට මෝටර් රථයක් කඩා වදී
2024 නොවැම්බර් මස 19 96 0

චීනයේ පාසලක් ඉදිරිපිට පදික වේදිකාවට වේගයෙන් ආ මෝටර් රථයක් කඩා වැදීමෙන් පදික වේදිකාවේ සිටි පාසල් දරුවන් පස් දෙනකු මියගිය බවත් තවත් පිරිසක් තුවාල ලැබූ


‘ජී20’ රාජ්‍ය නායක සමුළුව බ්‍රසීලයේ
2024 නොවැම්බර් මස 19 70 0

දරිද්‍රතාව සහ කුසගින්න නිවාරණය කිරීමේ ප්‍රධාන අරමුණින්, ‘ජී20’ රාජ්‍ය නායක සමුළුව බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවරදී ආරම්භ විය.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 6076 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 405 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 668 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1901 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site