IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


ඔබාමා බයිඩන්ට ඉවත් වෙන්නැයි කියයි

ජනාධිපති සටනින්, වත්මන් ජනාධිපති ජෝ බයිඩන් ඉවත් වී, වෙනත් සුදුස්සකු ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු යැයි තමන් විශ්වාස කරන බව හිටපු ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.

බැරැක් ඔබාමා ඇමෙරිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයාය. ඔබාමා ජනාධිපති ධුරය හෙබවූයේ 2009 සිට 2017 තෙක් කාලයේය. එම කාලයේ ඔබාමා සිය දෙවැනියා මෙන්ම උප ජනාධිපතිවරයා ලෙස ද තෝරා ගත්තේ ජෝ බයිඩන්ය.

ජෝ බයිඩන් පළමු වරට 2021 දී ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත් වෙද්දී, ඔහුට සහාය පළ කළේ ඔබාමාය. කෙසේ නමුත්, එලැඹෙන නොවැම්බර් 5 පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවිය යැයි ඩිමොක්‍රටික් පක්ෂයේ වැඩි දෙනකුගේ විශ්වාසය වී ඇති අතර, ඔබාමා ද ප්‍රසිද්ධියේ පවසා ඇත්තේ බයිඩන් ජනාධිපති සටනින් ඉවත් වන්නේ නම්, එය නුවණැති ක්‍රියාවක් වනු ඇති බවය.

බයිඩන්ට ගැටලුවක් වී ඇත්තේ ඔහුගේ වයසය. 81 හැවිරිදි බයිඩන්, ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වුණු වයස්ගතම පුද්ගලයා ද වෙයි. වයස නිසා බයිඩන්ට තීන්දු තීරණ ගැනීමේදීත්, අදහස් ප්‍රකාශ කිරීමේදීත් බාධා එල්ල වී ඇත. මෙය ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප්ට වාසියක් වී ඇත.

ප්‍රතිවාදී ට්‍රම්ප් පරාජය කිරීමට තමන්ට හැකි යැයි බයිඩන් දිගින් දිගටම පැවැසුවත්, බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂයේ වැඩි දෙනාගේ මතය වී ඇත්තේ, බයිඩන් වෙනුවනට තරුණ ජනාධිපති ධුර අපේක්ෂකයකු පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු බවය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඔබාමා බයිඩන්ට ඉවත් වෙන්නැයි කියයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හමාස් නායකයා ඝාතනය: රටවල් රැසක් සතුට පළ කරයි
2024 ඔක්තෝබර් මස 18 2505 0

ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි


හමාස් නායකයා මැරුවට ගාසා සටන් අවසන් නැහැ
2024 ඔක්තෝබර් මස 18 1565 0

හමාස් නායක යාහ්යා සින්වාර් ඝාතනය කිරීම, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන යුද්ධයේ අවසානය නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු


හසීනා අත්අඩංගුවට ගන්න වරෙන්තු
2024 ඔක්තෝබර් මස 18 562 0

ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරය අතහැර, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීම සඳහා බංග්ලාදේශ අන්තර්වාර රජය ජාත්‍යන්තර අපරාධ අ


ලියෑම් පේන් දිවියෙන් සමුගනී
2024 ඔක්තෝබර් මස 17 2704 0

බටහිර තරුණියන්ගේ පමණක් නොව, මෙරට තරුණියන්ගේ ද හදවත් සොරාගත්, ’වන් ඩිරෙක්ෂන්’ One Direction සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයකු ද වන පොප් ගායක ලියෑම් පේන් දිවියෙන්


ඊශ්‍රායල ලෙබනන් යුද ගැටුම: දරුවෝ ලක්ෂ 4 ක් අවතැන්
2024 ඔක්තෝබර් මස 16 122 0

ඊශ්‍රායල ලෙබනන යුද ගැටුම් හේතුවෙන්, ලෙබනනයේ කුඩා දරුවන් ලක්ෂ 4 කට උන්හිටිතැන් අහිමි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.


උතුරු කොරියා හමුදාවට අලුතින් තරුණයෝ මිලියනයක්
2024 ඔක්තෝබර් මස 16 250 0

ගෙවී ගිය සතියක කාලයේ, උතුරු කොරියානුවන් මිලියන 1.4 ක් එරට හමුදාවට එක් වී ඇතැයි දකුණු කොරියාවු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 615 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1553 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site