IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ඔබාමාගේ නැන්දයි දූරු දෙන්නයි හරිම ඇණලු

 මේ දිනවල චීනයේ සංචාරයක යෙදෙන ඇමරිකා ජනපති ආර්යාව වන මිෂෙල් ඔබාමා හා ඇයගේ මව හා දුවණියන් දෙදෙන බලා කියා ගැනීම මහත් හිසරදයකැයි ඔවුන් නැවතී සිටින බීජිං නුවර චඕයෑන්ග් හෝටලයේ සේවකයෝ කියති.

බීජිං නුවර ඇති ඉහළම පහසුකම් වලින් සපිරි හෝටලක් වන වෙස්ටින් බීජිං චඕයෑන්ග් හෝටලයේ රාත්‍රියකට ඩොලර් 8350 ක් වැය කිරීමට සිදුවන සුපිරි පැලැන්තියටම වෙන්වූ විසල් හෝටල් කාමරයක් මිෂෙල් ඔබාමා ඇතුළු සාමාජිකයින්ට වෙන් කර තිබේ.

ජනපති ආර්යාව පැමිණි දිනයේ සිට ඇයගේ ආරක්ෂක නිලධාරීන් හෝටලයේ පාලනය සියතට ගෙන ඇතැයිද සෝපාන ක්‍රියාකරවීමේ සිට හෝටලයට ඇතුළු වන පුද්ගලයින් පිළිගැනීම දක්වා සියලූ කටයුතු කරන්නේ ඔවුන් යැයිද සේවකයෝ කියති. මෙනිසා තමන්ගේ වැඩ රාජකාරි හරිහැටි ඉටුකිරීමට නොහැකි තත්ත්වයක් උදාවී තිඛෙන්නේයැයි ඔවුහු පවසති.

ජනපති ආර්යාව සැළකූ විට ඇය ඉතා මිත්‍රශීලී තැනැත්තියක් වුවත් ඇයගේ මව ඉතා සැර පරුෂ තැනැත්තියක් යැයිද ඇය නිතරම බලා සිටින්නේ කුඩා හෝ වැරැද්දක් සිදුවන තෙක් සිට තමන්ට දොස් පැවරීමට බව සේවකයෝ කියති.

මිෂෙල් ඔබාමාගේ පැමිණීම හෝටලයේ නවාතැන් ගෙන සිටින අනෙක් පුද්ගලයින්ටත් කරදරයක් වී ඇති බව සදහන්වේ.ඔවුන් නිතරම කාමරයෙන් කාමරයට මාරු කිරීමට ඇයගේ ආරක්ෂක නිලධාරීන් කටයුතු කරන බව සේවකයෝ පවසති.

ඇමරිකා ආරංචි මාර්ග පවසන්නේ මිෂෙල් ඔබාමාගේ චීන සංචාරය දේශපාලනික වුවමනා එපාකම් පිරිමැසීමට වඩා දෙරට අතර වඩා හොද මිතුරු වාතාවරණයක් ඇතිකිරීම මුල් කරගෙන සිදුවන්නක් බවයි.චීන මාධ්‍යයද මිෂෙල් ඔබාමාගේ පැමිණීම ඇමරිකා හා චීන සබදතා නව මාවතකට ගෙන යනු ඇතැයි වාර්තා කරනු දැක ගත හැකි වුනි.



අදහස් (0)

ඔබාමාගේ නැන්දයි දූරු දෙන්නයි හරිම ඇණලු

මැටිල්ඩා Saturday, 29 March 2014 09:06 AM

අනේ ඉතින්, අපියි කියලා මොනවා කරන්නද? (නි)

:       0       0

බිමල් Sunday, 23 March 2014 11:25 PM

ඔන්න මම නම් නොවෙයි කියුවේ නැති නම් ඒකටත් මාව අල්ලා ගනී (දී)

:       0       0

පහන් Tuesday, 25 March 2014 08:01 AM

බියෝන්සේට කියන්න මොනවහරි සහනයක් කරලා දේවි. (නදී)

:       0       0

ගයාන් Sunday, 23 March 2014 11:51 PM

අපේ රටෙත් ඔහොම තමා.(නදී)

:       0       0

අසෝකා Friday, 28 March 2014 05:34 PM

දිසා, ඒ ඔය ගෙදර ඉන්නකොට විතරයි. මොකද නැත්නම් ඔයාගේ කරච්චලෙන් බේරෙන්න බැහැනේ. (අ)

:       0       0

සුහානා Saturday, 29 March 2014 08:04 PM

කාට උනත් නැති දෙයක් හම්බ උනාම හරිම අගේනේ (දී)

:       0       0

ශාන්ති Monday, 24 March 2014 01:16 AM

අනේ ඇයි ඔයාල එයාලට බනින්නේ.(නදී)

:       0       0

දර්ශනී Friday, 28 March 2014 03:01 AM

සාමාන්‍යයෙන් අැමෙරිකානුවන්ට නිතරම අනුන්ගේ වැරදි බලන්න තමයි පුරුදු ! (නි)

:       0       0

කමල් Monday, 24 March 2014 09:01 PM

ඕවා ඔහොම තමයි (දී)

:       0       0

හේළි Friday, 28 March 2014 09:08 AM

මේක මට විතරක් වෙන දෙයක් නෙවෙයි, ඔබාමටත් වෙලා.(නදී)

:       0       0

බණ්ඩාර Monday, 24 March 2014 11:05 PM

හදුනා ගතහොත් ඔබාමා [ගේ නැන්දම්මා]....(අ)

:       0       0

චන්දි Friday, 28 March 2014 12:50 PM

හරියට නිකන් අපේ ලේලි එයාගේ අම්ම වගේ මෙලෝ රහක් නැහැ.(නදි)

:       0       0

දිසා Wednesday, 26 March 2014 06:37 AM

මෙන්න එකටත් එක්ක අපේ එක්කෙනයි ,දරුවෝ තුන් දෙනයි ,කොච්චර හොදයිද ?...දෙනදේ කාලා වෙනදේ බලාගෙන ඉන්නවා ..බලන්න කොයි තරම් හොඳයිද කියල .(අ)

:       0       0

රණතුංග Sunday, 30 March 2014 03:14 PM

ඔබාමා ආර්යාව චීනයට නිවාඩුවක් ගත කරන්න ආවයි කියලා, චීනය ඇමරිකාවත් සමඟ වැඩි සබඳකම් ඇති කර ගනියි කියලා නම් හිතන්න අමාරුයි. (නි)

:       0       0

ශක්ති Saturday, 29 March 2014 04:48 PM

චීන පාලකයෝ ඇමරිකාවට ගියාමත් ඔහොම නටන්න දෙයිද? ඇමරිකන් රූපවාහිනී වැඩසටහන් වල කියන්නෙම ලෝකෙන්ම උතුම් බලවත් ජාතිය එයාල කියලයි. ඔහොම ඉඩ දුන්නම මානේ වැඩි වෙනවා. එයාල කරන අපරාධ වල හැටියට අනිත් රටවලට කරදර නොකර අමරිකාවේම හිටිය නම් ඉවරනේ නේද? (නදී)

:       0       0

රණතුංග Monday, 24 March 2014 02:17 PM

නැන්දම්මලා කොහොමත් ඇණ තමයි. (ස)

:       0       0

සූරිය Saturday, 29 March 2014 05:08 PM

ඔබාමාගේ ගෑනි හොඳ වෙලාවට එහෙ ඉපදුනේ. ලංකාවේ ඉපදුනා නම් කසාදයක් බඳින්න වෙන්නෙත් නැහැ. මොන එකකට මිනිසු මේ ගෑනි ලස්සනයි කියනවද මන්ද..(අ)

:       0       0

ධම්ම Monday, 24 March 2014 03:07 PM

ඔය සෙට් එක එකට එකතු උනාම ඇණම තමයි. මං කිව්වේ ඔය ඥාති සම්බන්ධය තියෙන සෙට් එක. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 242 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 201 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 566 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 75 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 83 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 509 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site