ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා ඉරාන ආධ්‍යාත්මික නායකයාට රහසිගත ලියුමක් යවා ඇතැයි ප‍්‍රතිවාදී රිපබ්ලිකන් මන්ත‍්‍රීවරු පවසති. ඉරාන අර්බුදය සාමකාමී අයුරින් විසඳා ගැනීමේ අරමුණින් කෙලින්ම සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් යැයි ජනපති ඔබාමා එම ලිපිය හරහා ඉරාන ආධ්‍යාත්මික නායකයාට දැනුම් දී රිපබ්ලිකන් මන්තී‍්‍රවරු පෙන්වා දෙති. ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා, මැදපෙරදිග තෙල් සැපැයුමට බාධා කරන්නේ නම්, ඉරානයට එරෙහිව ප‍්‍රහාරයක් එල්ල කිරීමට පසුබට නොවන බවද එම ලිපිය හරහා ඔබාමා ඉරානයට තර්ජනය කොට ඇති බව ද රිපබ්ලිකන් පක්‍ෂය වැඩිදුරටත් කියා සිටියි. රිපබ්ලිකන් පක්‍ෂයේ එම ප‍්‍රකාශය උපුටා දැක්වමින්, ඒ බව හෙළි කළේ ඉරානයේ ‘ෆාර්ස්’ පුවත් සේවයයි. ඇමෙරිකා ජනාධිපතිගේ එම ලිපිය කොටස් දෙකකින් සමන්විත බවත් පළමු කොටසේ ඇත්තේ ඉරානයට කරන තර්ජන බවත් දෙවැනි කොටසට ඇතුළත් වෙන්නේ සෘජු සාකච්ඡා පැවැත්වීම ගැන බවත් ‘ෆාර්ස්’ පුවත් සේවය වැඩි දුරටත් කියා සිටියි. කෙසේ නමුත් ජනපති ඔබාමා එවැනි ලිපියක් ඉරානයට යවා නැතැයි ඔබාමා පරිපාලනය සහතික වෙයි. මේ අතර ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලියොන් පැනේටා ඊයේ (19) වොෂින්ටන් අගනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර ගතහොත් ඊට එරෙහිව කටයුතු කිරීමට ඇමෙරිකන් හමුදා සීරුවෙන් තබා ඇති බවය. ”ඉරානයේ තර්ජවවලට අප බය වන්නේ නැහැ. ඒවගේමයි ඉරානයට එරෙහිව විශේෂයෙන් හමුදා මෙහෙයුමක් හෝ බලඇණියක් හෝ සූදානම් කිරීමට අවශ්‍ය වන්නේත් නැහැ. ඉරානයේ හමුදා ශක්තිය ගැන අපට හොඳ අවබෝධයක් තිබෙනවා. ඊට මුහුණ දීම එතරම් අසීරු වන්නේ නැහැ” යැයි ඇමෙරිකන් ආරක්ෂක ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටියි. ඉරානය යළිත් වරක් හෝමූස් සමුද්‍ර සන්ධියේ මහා පරිමාණයෙන් නාවික යුද අභ්‍යාසයක් පවත්වන බව පැවැසීමත් සමඟ ඇමෙරිකා නාවික හමුදාව මේ වනවිට තවත් යුද නැවක් අරාබි මුහුදට යවා තිබෙන බව ද ආරක්ෂක ලේකම්වරයා අනාවරණය කළේය. පරමාණු බෝම්බ හොර රහසේ නිපදවන බවට චෝදනා එල්ල වී සිටින ඉරානය, එම යුද අභ්‍යාසය පැවැත්වූයේ ඔවුන්ට සමුද්‍ර සන්ධිය වසා දැමීමට හැකි බව පෙන්වීමටය. මැද පෙරදිග තෙල් ප‍්‍රවාහන කටයුතු බහුලව සිදු වන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහාය.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ඔබාමාගෙන් ඉරානයට රහස් ලියුමක්