IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ඔමික්‍රෝන් උප ප්‍රභේදය බිහිසුණුයි

‘කොවිඩ් 19’, ‘එක්ස්.බී.බී.1.5’ ඔමික්‍රෝන් උප ප්‍රභේදය ගැන සැලකිලිමත් විය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

මේ වනවිය ලොව රටවල් රැසක කොවිඩ් 19 ආසාදිතයන්ගේ ඉහළ යෑමක් සිදුවී ඇත්තේ ද එක්ස්.බී.බී.1.5 ඔමික්‍රෝන් උප ප්‍රභේදය හේතුවෙනි.

ඇමෙරිකාවේ වාර්තා වන ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගෙන් සියයට 40 කට ආසාදනය වී ඇත්තේ ‘එක්ස්.බී.බී.1.5’ ඔමික්‍රෝන් උප ප්‍රභේදය බව ඇමෙරිකන් රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ වෛද්‍ය පර්යේෂකයන් පැහැදිලි කර තිබේ.

මේ වනවිට චීන ජනගහනයෙන් සියයට 70 කට ‘කොවිඩ් 19’ ආසාදනය වී ඇත. ඔවුන්ගෙන් වැඩි පිරිසකට ආසාදනය වී ඇත්තේ ද ‘එක්ස්.බී.බී.1.5’ ඔමික්‍රෝන් උප ප්‍රභේදයයි. ඊට අමතරව තවත් ඔමික්‍රෝන් උප ප්‍රභේද තුනක් චීනයේ ව්‍යාප්ත වෙයි.

ඉන්දියාව, සිංගප්පූරුව ආදී රටවලින් ද ‘එක්ස්.බී.බී.1.5’ ඔමික්‍රෝන් උප ප්‍රභේදය වාර්තා වී තිබේ.

‘එක්ස්.බී.බී.1.5’ ඔමික්‍රෝන් උප ප්‍රභේදය බිහිසුණු බවට වෛද්‍ය පර්යේෂකයන් අනතුරු අඟවා ඇත්තේ එම උප ප්‍රභේදය ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව සිරුරේ ඇතිවන ප්‍රතිදේහවලට ප්‍රතිරෝධයක් දැක්වීමය.

‘කොවිඩ් 19’ සඳහා ලබා දුන් එන්නත් සහ බූස්ටර් එන්නත්වලින් ලැබුණු ප්‍රතිශක්තියත්, ‘කොවිඩ් 19’ ආසාදනය වී ස්වභාවිකව ඇති වුණු ප්‍රතිශක්තියත් අඩපණ කිරීමට ‘එක්ස්.බී.බී.1.5’ ඔමික්‍රෝන් උප ප්‍රභේදය සමත් බව තහවුරු වී තිබේ.

(රොයිටර්)



අදහස් (0)

ඔමික්‍රෝන් උප ප්‍රභේදය බිහිසුණුයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 1898 0

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


බයිඩන් ඇමසන් වනාන්තරයට ගිහිල්ලා
2024 නොවැම්බර් මස 18 186 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යද්දී, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඊයේ (17) ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ද අමතක කළේ නැත.


ඊශ්‍රායලයට චෝදනා: පාප්තුමා කනස්සල්ලෙන්
2024 නොවැම්බර් මස 18 86 0

ජනසංහාර කරනවා යැයි ඊශ්‍රායලයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පැවැත්විය යුතු යැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ පෙන්වා දෙති.


හිස්බුල්ලා ප්‍රකාශක අෆීස් ඊශ්‍රායල ප්‍රහාරයෙන් මියයයි
2024 නොවැම්බර් මස 18 85 0

ඊශ්‍රායල හමුදා ලෙබනනය් බීරූට් අගනුවර ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයකින්, ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ


මෝදි බ්‍රසීලයට
2024 නොවැම්බර් මස 18 17 0

‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමේ අරමුණින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බ්‍රසීලයේ රියෝ දි ජිනයිරෝ නුවරට පැමිණියේය. අග්‍රාමාත්‍ය මෝදි බ්‍ර


උත්තරීතර නායක කමේනී සිහිසුන් තත්ත්වයක
2024 නොවැම්බර් මස 18 108 0

ඉරාන උත්තරීතර නායක 85 හැවිරිදි අයතුල්ලා අලී කමේනී, අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත්, මේ වනවිට ඔහු සිහිසුන් වී කෝමා තත්ත්වයක පසුවන බවත් ඇමෙරිකාවේ නි


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25412 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18852 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 369 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1842 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site