අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඇමෙරිකා හමුදාවට හසුවී ඝාතනය වීමට පෙර, වසර 9 ක් පාකිස්තාන ආරක්ෂක අංශ ඇස්වලට වැලි ගසා එරට සැඟවී ජීවත් වූ බව අල් ජසීරා පුවත් සේවය ඊයේ (9) අනාවරණය කළේය.
අල් ජසීරා පුවත් සේවය, මේ බව අනාවරණය කළේ, පාකිස්තාන බුද්ධි අංශ රහස් වාර්තාවක් පාදක කර ගනිමිනි.පාකිස්තානයේ අයි.එස්.අයි. බුද්ධි අංශය පිටු 336 කින් යුත් එම වාර්තාව සකසා ඇත්තේ මීට මාස 6 කට පෙරය.
ඒ, ඔසාමා බින් ලාඩන් පාකිස්තාන රජයටත් ආරක්ෂක අංශවලටත් හොරා එරට රැඳී සිටීම සම්බන්ධවෙන් පැවැති විශේෂ නඩු විභාගයට ඉදිරිපත් කිරීමටය.
එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ එක් අවස්ථාවක බින් ලාඩන් ගමන් කළ මෝටර් රථය පොලිස් නිලධාරීන්ගේ සෝදිසියකට ලක් කෙරුණු බවත්, එහි සිටියේ බින් ලාඩන් බව නොදත් පොලිස් නිලධාරීන්, දඬ කොළයක් ලියා එම මෝටර් රථය පිටත් කර හැර ඇති බවත්ය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් එම විශේෂ නඩු විභාගය පැවැත්වුණු අතර එහිදී බුද්ධි අංශ, ආරක්ෂක අංශ ඇතුළු රජයේ නිලධාරීන් 201 දෙනකුගෙන් බින් ලාඩන් සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුණි.
බින් ලාඩන් පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර මහල් නිවසක සැඟවී ජීවත් වන බව ඇමෙරිකාව දැනගත්තේ සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරීන්ගේ දස්කම් හේතුවෙනි.
ඔවුන් 2011 මැයි දෙවැනිදා බින් ලාඩන් ඝාතනය කළේ පාකිස්තාන රජයට හෝ බුද්ධි අංශයට හෝ නොදන්වා රහස් හමුදා මෙහෙයුමකිනි. ඒ, ඇමෙරිකා ජනපති ඔබාමාගේ අනුදැනුම යටතේය.
බින් ලාඩන් තම රටේ රැඳී සිටින බව තමන් කිසිවක් නොදන්නා බව පාකිස්තාන රජයත්, ආරක්ෂක අංශත් පැවැසීය.
ඇමෙරිකාව බින් ලාඩන් ඝාතනය කිරීම පාකිස්තාන බුද්ධි සහ ආරක්ෂක අංශවලට අතුල් පහරක් වූවා පමණක් නොව ලැජ්ජාවට කරුණක් ද වූ බව පුවත් සේවා වාර්තා කළේය. ඒ ගැන විශේෂ විමර්ෂණයක් පවත්වා නඩු විභාගය පැවැත්වුණේ ඒ අනුවය.
බින් ලාඩන් පාකිස්තානයේ ජීවත් වූ වසර නවය තුළ ඇබොට්ටාබාද් නුවර පමණක් නොව, තවත් ස්ථාන 6 ක ජීවත් ව ඇතැයි ද පාකිස්තාන බුද්ධි අංශ සකස් කළ එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඔසාමා බින් ලාඩන් වසර 9 ක් පාකිස්තානයේ සිටියා
රානි Thursday, 11 July 2013 01:35 AM
කොටින්ට කිරි පෙවුවේ ඇමරිකාව නෙවේ බොලවූ ඉන්දියාව සහ ඇතැම් කාලවල අපේම නායකයෝ.නිකන් බොරුවට තප්පුලන්නේ නැතිව කොටින්ට කිරි පොවාපු අපේම නායකයන්ට මතක ඇති කාලෙකට බලේට එන්ට දෙන්ට එපා. (අ)
රිෂාර්ඩ් Wednesday, 10 July 2013 12:41 PM
එතකොට ඇමෙරිකාව රුසියාව මට්ටුකරන්න යොදා ගත්තු කට්ටිය කව්ද ?අමිල ඒ ගොල්ලන්ට ඕන නම් හෙට අමිලව ගස් න්ග්ගන්නත් පුළුවන්. අන්න ඒවත් මතක තියා ගන්න.බින් ලාඩන් ලෝකෙට තර්ජනයක් කියපු රටවලම දැන් මෙය ගැන හොයන්න පටන් අරන්.මොකද?තාම සැක සහිත පුද්ගලයෙක් මිස මෙය කියල ඔප්පුවෙලා නැති නිසා ? අමෙරිකාවත් ඔය තාක්ෂනය ගැන වැඩි විශ්වාසයක් තියෙන මිනිස්සු නොවේ.කරන වංචාවට කවද හෝ වන්දි ගෙවනවා. (අ)
අරුසි Wednesday, 10 July 2013 05:51 PM
උපුල්, මෙයාලා අවි දීපු වෙලාවේ දෙවි පිහිට පැතුවේ නැද්ද? (දී)
ඉස්හාක් Wednesday, 10 July 2013 06:11 PM
පකිස්ථානයේදී මැරුණේ ඇමරිකාව විසින් බිහිකරපු බින් ලාඩන් කෙනෙක්... (දී)
දිල්කි Wednesday, 10 July 2013 01:06 PM
මෙයාව ඇමරිකාවෙන් මරපු එකට වැඩිපුර දුක්වෙන්නේ අහවල් නාලිකාවේ උදේට ලෝක විචාරය කරන අය. පව් අසරණයා.(නදී)
ඉස්හාක් Wednesday, 10 July 2013 06:16 PM
ඇමරිකාව කියන්නේ මොන වගේ රටක්ද කියන එක බුද්ධිමත් ජනතාව දන්නවා. ඇමරිකන් කාරයෝ තමා කොටින්ට කිරි පෙව්වේ. ඉරාකයට ගහන්න හේතුවක් හදාගන්න ඕනෑ හින්දා තමන්ගේම රටේ අහිංසක ජනතාව මරපු අය ගැන තව මොන කතාද ? ලකාවේ ගුවන් තොටුපළට පිස්ටල් එකක්වත් අරන් යන්න බැරි එකේ කොහොමද ඇමරිකන් ෆ්ලයිට් එකකට ත්රස්තවාදීන් රිංගුවේ? (දී)
ඉසහාක් Wednesday, 10 July 2013 06:18 PM
නියම බිල් ලාඩන් නැති වුනේ හෘදායාබාධයකින් නේද? (දී)
නිර්මාල් Wednesday, 10 July 2013 06:50 PM
ඇමෙරිකාව නැත්නම් ත්රස්තවාදීන් මේ වෙනකොට මීට වඩා මිනී මරනවා. ඇමරිකානුවනි, ඔබට ස්තූතියි. (දී)
ලාල් Wednesday, 10 July 2013 06:52 PM
ඇමෙරිකාව කළේ හොඳ වැඩක් (දී)
දිසානායක Wednesday, 10 July 2013 08:02 PM
ඇමරිකාව නමැති ත්රස්තවදියාගේ සුජාත දරුවෙක් තමා මොහු (අ)
ජෝයි ඩයස් Wednesday, 10 July 2013 02:29 PM
මෙයා හිටියානම් දෑන් ඉන්නේ තමිල්නාඩුවේ පෑනපු කොටින් එක්කයි. ඉන්දියාවෙන් තමිල්නාඩුවත් කඩලා, ලංකාවේත් ජරමර ගොඩාක් කරලා. මෙයාලගෙ අයයි කොටියි හොද මිතුරන්, මෙයාලගේ සංවිඬානයට දෑන් ඕනා ආගම් ජරමරයක් කරන්නයි. අපි හෑම ජාතියක් සමග සුහදව කටයුතු කලයුතුයි. 83 වගෙ ප්‍රස්නයක් ආවොත් අපේ රණවිරුවන්ගේ කෑපවිමත් ජීවිත පරිත්‍යාගයත් ගගට කෑපූ ඉනිවාගේයි. මෙයා චුත උනත් ප්රභාකරන් චුත උනත් ඒවයේ මුල් තාමත් පොලවයට සෑගවී ඈතිබව අප අමතක නොකල යුතුයි.ශ් රී ලාංකික අප සෑම ජාතියක්ම රට රෑකගන්නත්, ලෑබූ සාමය රෑකගන්නත් විකල්ප බලවෙගවලට යටනොවී සහජීවනයෙන් කටයුතු කලොත් අප රට විශාල දියුනුවක් කරා යා හෑකිය. අතීත මතක සටහන් තුලින් ගමන් කිරීම ඔබෙත් මගෙත් රටවෙනුවෙන් කරන යුතුකමක් වෙනු අත.(නදී)
ඉස්මෛල් හුසේන් Wednesday, 10 July 2013 10:23 AM
ලැජ්ජයි , ලැජ්ජයි, අපේ රටකට මෙහෙම වෙච්ච එක. (අ)
හුසේන් Wednesday, 10 July 2013 08:55 PM
ඇමෙරිකාව වැනි අනුන්ගේ ලේබොන රටක තවත් නිර්මාණයක් විතරයි ඔය බින් ලාදින් කියන්නේ.රුසියාවට ගහන්න ඔනවුනාම බින් ලාදින් බිහිවුණා. එපා වෙද්දී මරලා දැම්මා. ලෝක වෙළඳ පොලට ගැහුවේ බින් ලාදින් නෙමෙයි කියල ලෝකේ හුඟක් අය දන්නවා වුනාට, ඔය ළිං ගෙම්බන්ට තේරෙන්නේ නැති නිසයි මේකටත් ජාතිවාදී අදහස් දාන්නේ. (අ)
සමන් Wednesday, 10 July 2013 10:42 AM
බින් ලාඩන් පකිස්තානෙ හිටියෙ ආරක්ෂක අංශවල සහයෝගයෙන්. (නි)
ප්‍රසන්න Wednesday, 10 July 2013 11:01 AM
ඉස්මෛල් හුසේන් ඔන්න ඔතන තම ප්රශ්නය තියෙන්නේ. ඔයාගේ රට හරියටම මොකක්ද? (අ)
පෙරේරා Wednesday, 10 July 2013 11:09 AM
මේ අහිංසකය මතු බවයත් ඉපදෙන්න ඕන. මේ මනුස්සය නිසා මම අවුරුදු 4ක් ඇෆ්ගනිස්ථානයේ සේවයකර හොද ඉතිරියක් කර ගත්ත. අහිංසක ඔබට පින්.(අ)
නීලා Wednesday, 10 July 2013 11:10 AM
ඇමරිකන් හමුදාවටත්, සි අයි ඒ එකටත්, ජනපති ඔබාමාටත් ස්තුතියි. (නි)
අමිල Wednesday, 10 July 2013 11:12 AM
අපේ ක්‍රිකට් ටීම් එකට පකිථානයේදී ගැහුවෙත් මෙයාගෙ නියමෙට අනුව.ඇමෙරිකාවට ස්තුති වෙන්න ඕන කරපු වැඩේට.මෙයා හිටිය නම් බුද්ධගයාවට මීට කලින් ගහන්නේ.ඇමෙරිකාව ඉන්නකන් අපිට බය නැතුව ඉන්න පුළුවන්.මේ ආගමික අන්තවාදීන් විනාශ කිරීමට අපිත් එකතු වෙන්න ඕන.බාමියන් පිළිම විනාශ කරද්දී එයට හඬ නැගුවේ,පියවර ගත්තේ ඇමෙරිකාව බව අමතක කරන්න එපා.ඇමෙරිකාවට එරෙහිව කෑ ගසන විමල්ලට මේවානම් තේරෙන්නේ නැතුවා නෙවේ.(අ)
අමිල Wednesday, 10 July 2013 03:30 PM
රිෂාර්ඩ්රි මම කිව්වේ ඇමෙරිකාව නැතිනම් අපිට බින් ලාදන්ලගෙන් මේ රටේවත් ඉන්න බැරි වෙනවා. කිසිම ආගමික අන්තවාදීයෙකුට සමාව දෙන්න හොඳ නැ.බින් ලාදන්ලා ගැන රිෂාර්ඩ් ල කියන කතා හොරාගේ අම්ම පේන කියනවා වගේ.බින් ලාඩන් කියන්නේ මුස්ලිම් නොවන හැම කෙනෙකුටම ලේ පිපාසිත, ආගම නිසා නොමග ගිය මිනීමරුවෙක්. (අ)
උදය Wednesday, 10 July 2013 10:22 PM
පකිස්ථානය ලංකාවෙන් හදපු පන්සලේ හාමුදුරුවෝ පිහියෙන් ඇනල මරපු රට. දැන් ඒපන්සලේ ලගින්නේ සත්තු (අ)
මහින්ද Wednesday, 10 July 2013 10:56 PM
ෙම රට ලංකාවයි. පාකිස්ථානය නොවේ. එබැවින් බිල් ලාඩන් ගැන සංවාද අනවශ්‍යයි. (නි)
ඩී.උපුල් Wednesday, 10 July 2013 04:28 PM
ලඟදි ලංකාවට ආපු පකිස්ථාන හමුදාපති අපේ හමුදාවට වැඩිපුර පුහුණුවීම් දෙන්න එකඟ වුනාලු. මෙයාලගෙන් ඉගෙන ගත්තොත් අපිටත් ඉතින් දෙවි පිහිට තමයි. (අ)