පරාජිත පෙම්වතකුගේ ඇසිට් ප්‍රහාරයට ලක්වී මුහුණ විරූපී වූ ඇයගේ නම සොනාලි මුකර්ජී වේ. සැත්කමට මුදල් නැතිව ළතැවෙද්දී එරට රූපවාහිනී තරගයකින් රුපියල් විසි ලක්ෂයක් දිණුවාය.
ඇය දෙස බලන තැනැත්තෙකුට සිය මවිතය සගවාගැනීමට අපහසු වන්නේ ඇයගේ මුහුණ සම්පූර්ණයෙන්ම පාහේ පිළිස්සී ඇති හෙයිනි.ඒ මිීට වසර කිහිපයකට පෙර ඇයට එල්ලවී තිඛෙන ඇසිඩ් ප්‍රහාරයක් නිසාය.සොනාලි පවසන ආකාරයට ඇයගේ අතපතා පැමිණියෙකු ප්‍රතික්ෂේප කිරීම නිසාවෙන් කෝපයට පත් වූ ඔහු සිය මිතුරන් සමග එකතුව ඇයට ඇසිඩ් ගසා ඇත.ඇය සහ ඇගේ දෙමව්පියන් අධිකරණයේ පිහිට පැතුවද විත්තිකරුවන්ට නිසි දඩුවම් ලබා දීමටවත් නිීතිය අපොහොසත් වී ඇත.ඒ විත්තිකරුවන්ට ලැබුණු දඩුවම කෙටි කාලීන සිර දඩුවමක් පමණක් වීම නිසාවෙනි.
සිය ස්වරූපය යථා තත්ත්වයට පත් කරගැනීමට සොනාලි ප්ලාසිටික් සැත්කම් වල පිහිට පතා ඇත.එයද හරිහැටි සිදුකරගැනීමට නොහැකි වී ඇත්තේ ඒ සදහා වන වියදම පවුලේ අයට දැරිය නොහැකි තරම් වීම නිසාය. ඉච්ඡා භංගත්වයට පත්වී සියදිවි නසාගැනීමට සොනාලි උත්සාහ කර ඇත්තේ වරක් දෙවරක් නොවේ.කෙසේ හෝ එක් වටයක ප්ලාස්ටික් සැත්කම් මාලාවක් සම්පූර්ණ කර ඊළග පියවර කරා යෑමට මුදල් අපහසුතා නිසා නොහැකිව සිටි අවස්ථාවකදී ඇය මේ වැඩසටහනට අයැදුම් කර තිබේ.
වැඩසටහන මෙහෙයවූ බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් සොනාලිගේ ජයග්රහණයෙන් පසු ඇයට සුභ පතමින් ඇය මුලු මහත් ඉන්දීය ජනතාවටම ආදර්ශයක් බව පැවසීය.හිත ඇත්නම් පත කුඩාද යන්නට ඇය කදිම ආදර්ශයක් සපයන බවද හෙතෙම කීය.
ඇසිඩ් ප්‍රහාරය නිසා සොනාලිට අහිමිවී ඇත්තේ මුහුණ පමණක් නොවේ.ඇයගේ එක් ඇසක් හරි හැටි නොපෙනෙන අතර ශ්රවණේන්ද්රියන්ටද හානි වී ඇත.ඒ සියලූ බාධා මැඩගෙන හෙට දිනයේ ජීවිතය ජය ගැනීමේ අරමුණින් ඇය සිටින්නීය.ඒ සදහා මේ ජයග්‍රහණය ඇයට මහගු රුකුලක්ම වනු ඇත.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඕනෑම වෙලාවට සල්ලි ලැබේ
මුතුකුඩ Tuesday, 25 December 2012 02:34 PM
ඇත්තෙන්ම ඔබ පරාජිත වී නැත. ඔබට අනාගතයට මුහුණ දීමට තවතවත් ශක්තිය ලැබේවායි අප ප්‍රාර්ථනා කරමු. (නි)
අමිල කටුනායක Thursday, 27 December 2012 07:17 AM
දෙවියන්ට ස්තූතියි. (නි)
චින්තක Wednesday, 26 December 2012 08:09 AM
මෙවැනි තිරිසන් වැඩකරන මිනිසුන්ට කිසිදා සමාවක් නොදිය යුතුයි කිසිම දවසක ජීවිතයෙන් පරාජ වෙන්න එපා හැමදේම වෙන්නේ මිනිසාටනේ ඔබගේ ජීවිතය සාර්ථක වේවා ඔබට ලස්සන අනාගතයක් හෙට උදාවනු ඇත සොයුරියේ (ස)