
ඊශ්‍රායලය විසින් අත්පත් කරගනු ලැබ සිටින, ගෝලාන් කඳුකර ප්‍රදේශයේ, පිට්ටනියකට රොකට් ප්‍රහාරයක් එල්ල විය.
එම ප්‍රහාරයෙන් පිට්ටනියේ පාපන්දු ක්‍රීඩා කරමින් සිටි කුඩා දරුවන් සහ තරුණයන් ඇතුළු 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් කීප දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත්, ඔවුන්ගේ තත්ත්වය ද බරපතළ බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ප්‍රහාරය එල්ල කළේ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් යැයි ඊශ්‍රායල හමුදාව චෝදනා කළත්, තමන් එම ප්‍රහාරයට සම්බන්ධ නැතැයි හිස්බුල්ලා තරයේ පවසයි. ප්‍රහාරය එල්ල වූයේ ලෙබනනයේ ගම්මානයක සිට යැයි ද ඊශ්‍රායල හමුදාව පෙන්වා දී ඇත.
ඊශ්‍රායලය සහ ලෙබනනය අතර අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ ද ගාසා අර්බුදය මුල්කොට ගනිමිනි. ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ සහාය හිමිවෙයි. හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායල විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඊශ්‍රායල හමුදා දිගින් දිගටම ගාසා තීරයට පහර දෙද්දී, පලස්තීන සිවිල් වැසියන් මියයෑම මුල්කොට ගනිමිනි.
මිසයිල ප්‍රහාරය එල්ල වූයේ ගෝලාන් කඳුකර ප්‍රදේශයේ මජ්ඩාල් ෂාම්ස් නගරය ආසන්නයේ ඇති ක්‍රීඩා පිට්ටනියකටය. ගෝලාන් කඳුකරය යනු ඊශ්‍රායලයට සහ සිරියාවට මැදිව පිහිටි සානුවකි. මෙහි වර්ග කිලෝ මීටර් 1,200 ක ප්‍රදේශයක් ඊශ්‍රායලය විසින් අත්පත් කරගනු ලැබ සිටී. දේශයේ මජ්ඩාල් ෂාම්ස් නගරය ද අයත් වන්නේ එසේ අත්පත් කරගනු ලැබ සිටින ප්‍රදේශයටය.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
769
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
459
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුඩා දරුවෝ 12 ක් මියයති