'ජී7' රාජ්‍ය නායක සමුළුවට සමගාමීව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ අතරේ මුහුණට මුහුණ හමුවක් පැවැත්විණි. ඒ, ඉන්දියාවත් කැනඩාවත් අතරේ විරසකයක් පවතිද්දීය.
පසුගිය වසරේ කැනඩාවේ ඉන්දීය කැනඩා ජාතිකයකු ඝාතනය විය. මේ තැනැත්තා සීක් ජාතිකයෙකි. ඉන්දියාවට අනුව, ඔහු ඉන්දියාවේ සීක්වරුන් වෙනුවෙන් වෙනම පාලන ප්‍රදේශයක් ඉල්ලන සීක් කලිස්තානී ත්‍රස්තවාදියෙකි. කැනඩාවට ඔහු කැනේඩියානු පුරවැසියෙකි.
හර්දීප් සිං නමැති මොහු වෙඩි තබා ඝාතනය කෙරුණේ ඉන්දීය ඒජන්තවරුන් විසින් යැයි කැනඩා අග්‍රාමාත්‍ය ටෲඩෝ ඉන්දියාවට චෝදනා කළේය. කැනඩාවත් ඉන්දියාවත් අතරේ අර්බුදයක් ඒ අනුව නිර්මාණය විය. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ වැටුණි.
ඉන්දීය සහ කැනඩා මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ අතරේ පැවැත්වුණු සාකච්ඡා ඵලදායී වූ බව ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී)
ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද
න්‍යෂ්ටික බලවතකු නොවන රටක්, එවැනි න්‍යෂ්ටික බලැති රටක සහාය ලබා ගනිමින් ප්‍රහාරයක් එල්ල කරන්නේ නම් එය ‘ඒකාබද්ධ’ ප්‍රහාරයක් ලෙස සැලකන බව රුසියන් ජනාධි
චීනයෙන් තෑගි වශයෙන් ලැබුණු පැන්ඩා වලසුන් දෙදෙනකු ආපසු චීනයට යැවීමට ෆින්ලන්ත රජය තීරණය කර ඇත. ඒ, එම පැන්ඩා වලසුන් දෙදෙනා නඩත්තු කිරීම ෆින්ලන්ත රජයට අසී
වසර 40 කට පමණ පසු චීනය පෙර දැනුම් දීමකින් තොරව, හිටි හැටියේ දිගු දුර අන්තර් මහද්වීපික බැලැස්ටික මිසයිලයක් අත්හදා බැලුවේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කැනඩා අගමැති මුහුණට මුහුණ හමුවෙලා
රංබොඩ Saturday, 15 June 2024 10:38 AM
ලෝකෙ ඉන්න ඔක්කෝම ත්‍රස්තවාදීන් ගෙනැල්ලා තමන්ගේ රටේ පුරවැසිකම දුන්නාට, හයිය තියෙන රටවල් නිකම් ඉන්නේ නෑ.