කාම්බෝජ අග්‍රාමාත්‍ය හුන් සෙන් නිල වශයෙන්, සිය වැඩිමල් පුතු සොන් හුන් මනෙට් ට අග්‍රාමාත්‍ය ධුරය පිරිනැමුවේය.
කාම්බෝජ මහ මැතිවරණය මීට දින කීපයකට පෙර පැවැත්විණි. එයින් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට අග්‍රාමාත්‍ය හුන් සෙන් සමත් විය. 70 හැවිරිදි හුන් සෙන්, කාම්බෝජයේ අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ වසර 38 ක් තිස්සේය.
මැතිවරණ ජයෙන් පසු හුන් සෙන් කියා සිටියේ තමන් ධුරයේ රැදී සිටින්නේ සති 3 ක කාලයකට පමණක් බවය. තමන් ජයග්‍රහණය කළොත් පුතාට බලය පැවැරීමක් කරන බව හුන් සෙන් මැතිවරණ රැලිවලදී ද පවසා තිබුණි.
හුන් සෙන් සහ සොන් හුන් මනෙට් නියෝජනය කරන කාම්බෝජ ජනතා පක්ෂයයි.
45 හැවිරිදි සොන් හුන් මනෙට් පියාගේ මඟ පෙන්වීම යටතේ පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වුණු අතර ඔහුට පළමු වරට පාර්ලිමේන්තු අසුනක් දිනා ගැනීමට ද හැකිවිය.
තමන් පුතුට බලය පවරන බව හුන් සෙන්, කාම්බෝජයේ නොරෝඩොම් රජුට ද දැනුම් දී ඇති අතර, රජුගේ අනුමැතිය ද ඊට හිමි වී තිබුණි. කාම්බෝජය අග්නිදිග ආසියානු රාජ්‍යයකි. ජනගහනය මිලියන 16.59 කි. නොම්පෙන් කාම්බෝජයේ අගනුවරය.
ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛව ධනවත් රටවල් විසින් අරමුදල් කප්පාදු කිරීම හේතුවෙන්, මාරාන්තික රෝගවලට එරෙහිව ලෝකයේ දරුවන් එන්නත් කිරීම අඩාල වන බව එක්සත්
ලිංගික අපයෝජනයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ හඬනැගූ සමාජ ක්‍රියාකාරිනියක ලෙස ප්‍රකට අමෙරිකාවේ වර්ජිනියා ජිෆ්රේ මියගොස් ඇතැයි පැවැසෙයි.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයෙකු වන ෆර්නැන්ඩෝ කොලර් ද මොලෝට වසර අටක් සහ මාස 10 ක සිරදඬුවමක් නියම විය.
පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සැලවීමත් සමඟ ඉන්දීය විපක්ෂ නායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වන කොංග්‍රස් ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කාම්බෝජ අගමැති පුතාට බලය පවරයි