ශුද්ධ වූ කුරානයේ පිටපත් ප්‍රසිද්ධියේ ගිනි තබමින්, ඉස්ලාම් දහමට නිගරු කිරීම වැළැක්වීමට, යුරෝපා රාජ්‍යයක් වන ඩෙන්මාර්කය, නව නීති හඳුන්වා දී තිබේ.
මීට මාස කීපයකට පෙර, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය ඇතැයි කියමින්, ඩෙන්මාර්කයේ සුදු අන්තවාදී කණ්ඩායම්, ප්‍රසිද්ධියේ කුරානයේ පිටපත් ගිනි තබා විනාශ කළේ, එරට පොලිසිය ඊට ඉඩ දී බලා සිටිද්දීය.
ලොව මුස්ලිම් ප්‍රජාව, ඩෙන්මාර්කය සමඟ විරසකයක් ඇති කර ගැනීමට එම සිද්ධිය හේතු විය. ශුද්ධෝත්තම පාප්තුමන් ද පෙන්වා දී තිබුණේ, ඉස්ලාම් දහමට නිගරු කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවය.
නව නීති හඳුන්වා දීම සිදුවූයේ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව පනත් කෙටුම්පත, පැය 5 ක් තිස්සේ පැවැති වාද විවාදවලින් පසු වැඩි ඡන්දයෙන් සම්මත වීමෙනි. 94 දෙනකු පක්ෂව ඡන්දය පළ කළ අතර, විරෝධය දැක්වූයේ 77 කි.
ඩෙන්මාර්ක අධිකරණ ඇමැතිවරයා මාධ්‍ය හමුවේ පැවැසුවේ, කුරාණයේ පිටපත් ගිනි තැබීමෙන් ඩෙන්මාර්කයේ ප්‍රතිරූපයට දැඩි ලෙස හානි සිදුවුණු බවත්, එවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීමට, පාර්ලිමේන්තුවේ දී සම්මත වුණු නව පනත් කෙටුම්පතට අදාලව නීති සම්පාදනය කර ගැනීමට හැකි වනු ඇති බවය. මෙය ඓතිහාසික අවස්ථාවක් බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැහැදිලි කළේය.
යුරෝපා සංගමය, ඇපල් සමාගමටත් සහ ෆේස්බුක් මවු සමාගම වන ‘මෙටා’ සමාගමටත් නඩු පවරා ඇත. ඒ, ඇපල් සමාගමට ඇමරිකන් ඩොලර් මිලියන 570 ක් සහ මෙටා සමාගමට ඇමෙරිකන් ඩොලර්
තුර්කියේ ඉස්තාන්බුල් නගරය, රික්ටර් මාපකයේ 6.2 ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පකින් සහ පසු කම්පන මාලාවකින් කැලඹිණි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි
ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්
දකුණු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සැලවීමත් සමඟ, සෞදි නිල සංචාරය අතරමඟ නවත්වා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කඩ
ජම්මු කාශ්මීරයේ පහලගම් පළාතේ දී ත්‍රස්තවාදීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ඉන්දීය සංචාරකයන් ඇතුළු 26 දෙනකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන්, පාකිස්තාන රජය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කුරානයට අපහාස බෑ: නව නීති එයි
චන්දන Friday, 08 December 2023 07:30 AM
ආගම ආරක්ෂා කර ගැනීමට නීති ගේන්න තරමට සමාජය පිරිහිලා. කුමන ආගමකට වුණත් නිදහසේ ඇදහීමට... විශ්වාස කිරීමට.. ඕනෑම අයකුට ඕනෑම රටක නිදහස තිබිය යුතුයි. කොටින්ම කවුරු මොන ආගම විශ්වාස කළත් වෙනත් අයකු ඒ ගැන කිසිම තැකීමකට භාජනය කළයුතු නැහැ...!
සුජිත් පල්ලේවත්ත Friday, 08 December 2023 10:14 AM
තම රටේ කීර්ති නාමයට සැබැවින්ම ආදරය කරන පාර්ලිමේන්තුවක්...
sudda Friday, 08 December 2023 11:32 AM
අප රටේත් බුදුදහමට නිගා කරමින් හැසිරෙන, ප්‍රකාශ කරන හාමුදුරු ගොල්ලන් සහ ඔවුන් සමග එක්ව කටයුතු කරන අන්ත ආගමිකයින්ට එරෙහිව නීති සම්පාදනය කළ යුතුයි.
Hira Friday, 08 December 2023 11:53 AM
ක්‍රිෂාන්ති සහ මුස්ලිම් ආගම් යනු එකම කාසියේ දෙපැත්ත. විවේචන, ප්‍රශ්න බැහැ.... ආගම නිර්මාණය කරපු පුද්ගලයාගෙයි මතවාද ඉදිරියටත් ඇදගෙන යන්න... නැතිනම් ස්වර්ගයේ තැනක් හම්බවෙන එකක් නැහැ.. ඔබලාට...
මැක්ස් Friday, 08 December 2023 12:18 PM
ලංකාවේ නම් අනෙක් ආගම්වලට කෙසේ වෙතත් බුදුදහමට අපහාස කරන්න පුළුවන්. නීතියෙන් ඊට ඉඩ නොලැබුනත්, සමාජ මාධ්‍ය වීරයින් ගෙන්, ඇන්ජීඕ කප්පිත්තන් ගෙන්, උන්ගේ ඩොලර්වලින් යැපෙන තුට්ටු දෙකේ දේශපාලකයන් ගෙන්, සමහර නීති විසාරදයන් වැනි සකලවිධ දේශද්‍රෝහීන් ගෙන් බුදු දහමට අපහාස කරන්නන්ට ලැබෙන්නේ ඉහල පිළිගැනීමක්.
Bamunuarachchi Friday, 08 December 2023 04:47 PM
ඕවා ලංකාවේ කරන්න ලැහැස්ති වෙන්න එපා. ඕන මගුලක් කරගනිල්ලා අපිට අදාළ නැහැ...