ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්ත සභා මැතිවරණය පෙරේදා (28) ආරම්භ වූ අවස්ථාවේදී, මාවෝ කැරැලිකරුවන් ඡන්ද පොළකට කඩා වැදී එල්ල කළ වෙඩි තැබීමකින් පුද්ගලයෝ පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මනිපූර් පොලිස්පති පි‍්‍රයා සිං ප්‍රකාශ කළේ එය ඉන්දීය රජයට එරෙහිව ආයුධ අතට ගෙන සිටින නාගලන්ත මාවෝවාදී බෙදුම්වාදී කැරැලිකරුවන් එල්ල කළ ප්‍රහාරයක් බවය. වෙඩි ප්‍රහාරයෙන් මැතිවරණ නිලධාරීන් තිදෙනකු, හමුදා භටයකු සහ සිවිල් වැසියකු ජීවිතක්ෂයට පත්වූ බව පොලිස්පතිවරයා වැඩි දුරටත් කියා සිටියි. ප්‍රහාරයෙන් තවත් සිවිල් වැසියෝ දෙදෙනෙක් තුවාල ලැබූ අතර ඔවුන් කඩිනමින් රෝහල් ගත කෙරුණි. මාවෝවාදී කැරැලිකරු- වන්ගේ ප්‍රහාරයට හසුවූයේ මනිපූර් ප්‍රාන්තයේ අගනුවර වන ඉම්පාල් නුවරට දකුණු දෙසින් පිහිටි තංග්පායි නමැති ගම්මානයේ ඡන්ද පොළය. මනිපූර් ප්‍රාන්තයේ ප්රචණ්ඩ කි‍්‍රයා ඇවිලෙන්න වූයේ මැතිවරණ කටයුතු ඇරැඹීමටත් පෙර සිටය. ඉකුත් සතියේ බෝම්බ තුනක් පුපුරුවමින් මාවෝවාදී බෙදුම්වාදීන් මනිපූර් වැසියන්ට අනතුරු අඟවා සිටියේ මැතිවරණය වර්ජනය කරන ලෙසටය. මාවෝ කැරැලිකරු- වන්ගෙන් එල්ල වූ එම තර්ජන හේතුවෙන් ඡන්ද පොළවලට විශේෂ හමුදා සහ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට මනිපූර් ප්‍රාන්ත මහ ඇමැති ඔක්රාම් සිං ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබේ. කැරැලිකරුවන්ගේ ප්රචණ්ඩත්වය බහුල ප්‍රදේශවල ඡන්ද මධ්‍යස්ථාන එම ප්‍රදේශයේ පොලිස් ස්ථානවල ස්ථාපිත කිරීමට ද ප්‍රාන්ත බලධාරීන් කටයුතු කර තිබෙන බව වාර්තා වේ. ඊසාන දිග ඉන්දියාවේ බෙදුම්වාදී අරගල ආරම්භ වූයේ 1947 වසරේදී ඉන්දියාව නිදහස් රාජ්‍යයක් වීමෙන් පසුවය. වාර්ගීක කැරැලිකරු- වන්ගෙන් සමන්විත මාවෝවාදී බෙදුම්වාදී කල්ලි 30 කට ආසන්න සංඛ්‍යාවක් රජය සමඟ නිරන්තරයෙන් අවි ගැටුම් ඇති කර ගනියි. මනිපූර් ප්‍රාන්තයේ පෙරේදා ඇරැඹුණු මැතිවරණ කටයුතු දින පහක් තිස්සේ පැවැත්වෙන බව ප්‍රාන්ත මැතිවරණ කොමසාරිස්වරයා පවසයි. උතුරින් නාගලන්තය, දකුණින් මිසෝරාම් සහ බටහිරින් ඇසෑම් යන ප්‍රාන්තවලට මායිම් වූ මනිපූර් නැගෙනෙහිරින් බුරුම දේශ සීමාවට යාබදව පිහිටා ඇත. දිස්ති‍්‍රක්ක නවයකින් සමන්විත වන මනිපූර් ප්‍රාන්තයේ 1984 වසරේ සිට පැවැති මැතිවරණවලදී එක් අවස්ථාවකදී හැර තම බලය පතුරුවා ගැනීමට කොංග්රස් පක්ෂය සමත් වී ඇත. මේ වනවිටත් එහි බලය ඇත්තේ කොංග්රස් පක්ෂය සතුවය. දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනා එල්ල වෙමින් සිටින ඉන්දීය අගමැති මන්මෝහන් සිංගේ කොංග්රස් පක්ෂයේ ජනපි‍්‍රයත්වය උරගා බැලීම මෙම මැතිවරණයේ ප්‍රධානතම අරමුණ වේ. මනිපූර් ප්‍රාන්ත සභා මැතිවරණයෙන් පසු ලබන සති අන්තයේදී උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත සභා මැතිවරණය ඇරැඹෙයි. උත්තර ප්‍රදේශ් මහ ඇමැතිනී මායාවතීට අභියෝග කිරීම කොංග්රස් පක්ෂයට විශාල අභියෝගයක් වී ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. එම අභියෝගයට මුහුණ දීමට ඉදිරිපත්ව සිටින්නේ ඉන්දියාවේ මීළඟ අගමැතිවරයා වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරන 41 හැවිරිදි රාහුල් ගාන්ධිය.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කැරැලිකරුවෝ ඡන්ද පොළකට කඩා වැදී පස් දෙනකු මරාදමති