සිරියා ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය, රසායනික අවි යොදා ගනිමින් කැරැලිකරුවන්ට පහරදීමක් කළහොත්, හමුදාව යවා සිරියාවට පහර දෙන බවට ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා අනතුරු අඟවයි.
ඇමෙරිකා ජනපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (21) ධවල මන්දිරයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.
”සිරියා රජය සතුව රසායනික සහ ජීව විද්‍යාත්මක අවි තිබෙනවා. ඒවා ලෝකයටම තර්ජනයක්. සිරියා රජය ඒවා යොදා ගෙන කැරැලිකරුවන්ට පහර දීමට ඇමෙරිකාව ඉඩ දෙන්නේ නැහැ. අපි සිරියා ජනපතිට අනතුරු අඟවා තිබෙනවා එසේ කිරීමෙන් වළකින ලෙසට” යැයි ඇමෙරිකා ජනපතිවරයා කියා සිටියේය.
අසාද්ගේ රජය සතුව රසායනික අවි විශාල ප‍්‍රමාණයක් ඇතැයි ඇමෙරිකාවේ සී.අයි.ඒ. සංවිධානය මෙන්ම කැරැලිකාර පාර්ශ්වය ද පවසයි.
සිරියා රජය එම අවි යොදා ගනිමින් තමන්ට ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බව කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන ‘නිදහස් සිරියානු’ හමුදාව බිය පළ කර ඇත.
සිරියාවට එරෙහි තමන් හමුදා ප‍්‍රහාරයක් එල්ල කරන බවට ඇමෙරිකානු ජනාධිපතිවරයා තර්ජනය කළ පළමු අවස්ථාව වන්නේ මෙයයි.
මේ වනවිටත් ඇමෙරිකා රජයේ අනුදැනුම පරිදි එරට සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරීන් සිරියා කැරැලිකරුවන්ට සහාය ලබා දෙයි. සී.අයි.ඒ. නිලධාරීන් පමණක් නොව බි‍්‍රතාන්‍යයේ එම්.අයි.6 සහ ජර්මන් බුද්ධි අංශ නිලධාරීන්ගේ සහාය ද හිමි වන්නේ කැරැලිකරුවන්ටය.
මේ වනවිට කැරැලිකරුවන්ට එරෙහිව ඩමැස්කස් සහ ඇලෙප්පෝ යන නගරවල දරුණු සටන් පවතී. සිරියා රජයේ හමුදා කැරැලිකරුවන්ට පහර දෙන්නේ යුද ටැංකි, ප‍්‍රහාරක හෙලිකොප්ටර් සහ ජෙට් යානා යොදා ගෙනය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ සිරියාවේ ගැටුම්වලින් 20,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවය. එක්සත් ජාතීන්ගේ සංවිධානය, සිරියා අර්බුදය විසඳීමට හඳුන්වා දුන් ඔවුන්ගේ සාම සැලැස්ම අසාර්ථක වීමෙන් පසු සිරියාවේ සාම නිරීක්ෂණ කටයුතු නවතා දමා පිටව ගොස් ඇත.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කැරැලිකරුවන්ට එරෙහිව රසායනික අවි යොදා ගත්තොත් සිරියාවට පහර දෙනවා
සමන් Wednesday, 22 August 2012 11:49 PM
ඇමෙරිකාව අනවශ්‍ය ප්‍රශ්න දා ගන්න වගෙයි සැරසෙන්නේ. (නි)
ලංකා Thursday, 23 August 2012 01:15 AM
මුස්ලිම්වරුන් ගැන තීරණයක් ගැනීමට කාලය පැමිණ ඇත. (නි)
සෑම් Wednesday, 22 August 2012 11:11 AM
කොහොම කලත් ගහනවා නේ (දී)
මධු Wednesday, 22 August 2012 06:43 PM
මුසා වදන් සිත පතුලේ - සගවා දෙවියන් හමුවේ.... (නි)
ඩබ්ලිව්. මංගල Wednesday, 22 August 2012 09:00 PM
බොරු අවියක් හරි දාල සිරියාවට ගහන්න. (අ)
අමිල කටුනායක Wednesday, 22 August 2012 10:04 PM
මේ රටට සාමය ඉක්මණනි ලැබේවා (අ)