යුද්ධයෙන් දිවි බේරා ගැනීමට වනයට පලාගොස් යුද්ධය අවසන් වූ බව නොදැන වනයේම වසර 40 ක් ජීවත්වූ වියට්නාම පියපුතු දෙපළක් සොයාගැනීමට
වියට්නාම බලධරයෝ සමත් වුහ.
පියා හෝ වැන් ත්න්හ් (81) ලෙසද පුතා හෝ වැන්ග් ලැන්ග් (41) ලෙසද හදුනාගෙන තිබේ.පියාට වියට්නාම බස කතා කිරීමට යම් තරමකට හැකියාව තිබුණද පුතාට හැක්කේ යන්තම් වචනයක් දෙකක් මිමිණීම පමණි.
වසර 40 කට පෙර ඇමරිකා වියට්නාම යුද සමයේදී ජීවත්වූ ගම්මානයට එල්ල කළ බෝම්බ ප‍්‍රහාරයකින් පවුලේ සාමාජිකයින් තිදෙනෙකු මියයාමෙන් පසු තමන්ගේ ජීවිතද අනතුරේ බව වටහාගත් මේ පියපුතු දෙපල දිවිබේරා ගැනීමට වනගතව තිබේ.වනයේ ඉතා දුරට ගමන් කර ඇති මොවුන් දෙදෙන එදා සිට ජීවත්ව ඇත්තේ වනයේමය.
මොවුන් සොයාගැනීමට හැකිව ඇත්තේ දර කැඞීමට වනයට ගිය ගම්වාසීන් පිරිසක් තමන් ‘‘කැළෑ මිනිසුන්‘‘ දෙදෙනෙකු දුටුවේයැයි බළධාරීන්ට පැමිණිළි කිරීම මාර්ගයෙනි.
ඔවුන්ගේ ඇදුම් නිමවා තිබී ඇත්තේ ගස් පොතු වලින් වන අතර නිවහන වී ඇත්තේ පොළවට මිටර 5 ක පමණ උසකින් ගසක ඉදිකරගත් පැලකි.
ආහාර වනයෙන්ම සපයාගෙන ඇති අතර තිරිගු වගාවක්ද පවත්වාගෙන ගොස් තිබේ.
පියපුතු දෙපළ දැන් සිටිනුයේ රෝහල් ගතවය.ඔවුන් යළිත් සමාජගත කිරීමේ වැඩකටයුතුද ඉක්මනින් ආරම්භ කරන බව බලධරයෝ කියති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කැලෑ මිනිස්සු දෙන්නෙක් වියට්නාමයේ
දිල්ශානි Monday, 12 August 2013 09:33 PM
දෙපාවුන් සමග ජීවත් වෙනවාට වඩා වනයේ සිව්පාවුන් සමග ජීවත් වීම අගය ඔවුන්ට දැනේවි වැඩිකල් නොගොසින්ම. (ස)
චන්ද්‍රසිරි Sunday, 11 August 2013 12:39 PM
හරිම දුක හිතෙන කතාවක්.(නදී)
දුම්මලසූරිය Monday, 12 August 2013 11:01 PM
අසරණ මිනිස්සු...අපේ රටේ මිනිස්සුත් ඔය අත්දැකීම කාලයක් වින්දා. (නි)
ජූඩ් විජේසිංහ Monday, 12 August 2013 11:42 PM
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මේ ගැන දරන අදහස මොකක්ද දන්නේ නැහැ?පිල්ලේ මහත්මිය ලංකාවට ආපුවහම යනගමන් වියට්නාමේ පැත්තටත් ගොඩවැදිලා යන්න කියමු. (නි)
ලොක්කේ Sunday, 11 August 2013 01:34 PM
කතාවේ මුල් ටික නම් දුකයි. ඒත් වනාන්තරය කියන මිහි මවගේ සෙවනෙන් සමාජගත කරනවාය කියන මිනිසුන්ගේ තිරිසන් ලෝකයට ගෙන එන එක යුද්ධය වගේම කටුකයි?(නදී)
රොෂාන් සංජීව Tuesday, 13 August 2013 02:07 AM
තිබුණු හොද ජීවිතේ මේ කට්ටිය නැති කළා (නි)
ගමගේ Monday, 12 August 2013 10:22 AM
ඇමරිකාව තමයි වග කියන්න ඕනේ (දී)
මහසෙන් Monday, 12 August 2013 03:25 PM
මේ කියන්නේ ඇමෙරිකාව මොන තරම් කුරීරු යුද්දයක් වියට්නාමයේ ගෙනගියද කියන එක තාමත් සාධක සහිතව ඔප්පුවෙනවා කියන එක තමයි.. මේකට තමයි කියන්නේ සත්‍ය කවදාවත් සැඟවිය නොහැක කියන එක... මේවා අපේ දේශපාලනඥයන්ටත් හොඳ පාඩම්.
පාරා Sunday, 11 August 2013 09:16 PM
ඔවුන් ගේ නිදහස ඔවුන්ට දෙන්න.(නදී)
නුවන් Sunday, 11 August 2013 02:33 PM
මහා ලොකු බලාපොරොත්තු නැති , කිසිම තරග කාරී ජීවිතයක් නැති ,මානසික ආතතිය නැතිව නිදහසේ ජීවත් වෙන්න ඇති. ඒකත් නැති කරා මේ මිනිස්සු ගිහිල්ලා. ෂුවර් එකට සීනී නෑ, කොලොස්ටරෝල් නෑ, අදික රුධිර පීඩනය නැහැ. මොකද නිදහස් ජීවිතේ. ගමේ හිටියනම් 81ක් ඉන්නේ නැහැ. එක්කෝ ලෙඩක් හැදිලා මැරෙනවා. නැත්තම් එකක් ඇවිල්ල මරනවා කැලේ සත්තු මිනිස්සු තරම් නරක නෑ. කට්ටිය ටාසන් ගේ ෆිල්ල්ම් එක එහෙම බලලා ඇති නේද ? අන්තිමට ටාසන් ඔක්කොම දාලා අපහු කැලේට ගියා.(නදී)
අබ්දුල් Monday, 12 August 2013 05:24 PM
සියල්ල සිදුවන්නේ අල්ලාහ්ගේ කැමැත්ත අනුවයි. උන් වහන්සේ ඔබ දෙන්නාව කැළෑවෙන් පිටතට එවීමට තීරණය කළ පසු පිටතට ගෙන ඒමට බාහිර මිනිසුන් අවශ්‍ය නැත. (නි)
පිටිගල Sunday, 11 August 2013 03:22 PM
අපරාදේ ඒ මිනිස්සුන්ට පාඩුවේ ඉන්ඩ හරින්නැයි තිබුනේ ජීවිතේ ඉතිරි කාලයත්..( ඒ රටේ සමාජයත් අපේ රටේ වගේ නම්.) නැත්නම් සමාජගත කිරීමේ වටිනාකමක් තියෙනවා. පුද්ගලිකව මම නම් කැමතියි මේ කෲර සමාජයෙන් මිදිලා ඈත කැලේකට යන්න තියෙනවනම්. ගස් වැල් සතුන්, කුරුල්ලන්, වතුර, සිසිල හරිත වනය තුල මොනතරම් සැනසීමක්ද?(නදී)
ට්‍රියෝන් Sunday, 11 August 2013 03:25 PM
ඕක මොකක්ද අපේ රටේ දෙසිය විසි ගානක් ඉන්නේ.(නදී)
ටෙනිසන් Tuesday, 13 August 2013 05:42 PM
මේ දෙන්නා කැළේට ගියෙත් කාගෙහරි කැමැත්තටද නැත්නම් ජීවිතේට ඇති ආදරයටද? යුද්ධය අවසන් වී වසර තිහකටත් වැඩි කාලයක් යනතුරු,අප්පෙකුයි පුතෙකුයි දුක්විදින අයුරු බලා ඉන්න තරම් මහා කාරුණික හදවතක් ඇති පරම දයාබරයා කවරෙක්ද? (නි)