IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


කාලගුණයට මෝරුන්ගෙන් අනාවැකි

මැක්සිකෝ බොක්කේ මෝරුන් 750ක් යොදා ගනිමින් කරන ලද පර්යෙෂණයකින් සනාථ වී ඇත්තේ සාගරයේ ඇතිවන සුළි සුළං තත්ත්ව සම්බන්ධයෙන් මෝරුන්ගෙන් පැහැදිලි අනාවැකි ලබාගත හැකි බවයි.

මැක්සිකෝ බොක්කේ පිහිනමින් සැරිසරණ මේ මෝරුන 750ගේ සිරුරුවල චන්ද්‍රිකා සංවේදී චිපයක් සවිකැර ඇත. මේ චිපය මගින් සැපයෙන දත්ත විශ්ලේෂණයෙන් සුළි සුළං තත්ත්වය පැවසිය හැකි බව ද විද්‍යාඥයෝ කියති.

මියාමි විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පසුගිය දසවසර තුල මෙම සතුන්ගේ ශරීර තුල චන්ද්‍රිකා සම්බන්ධක පතුරු සවිකරණු ලැබුවේ මෙම සාගරයේ විවිධ ගැඹුරු වලදී ජලයේ උෂ්ණත්වය සහ ලවණතාවය පටිගත කර ගැනීමේ අපේක්ෂාවෙනි.

මෙම මත්‍යසයන් ක්‍රියා කරණ්නේ ජෛව සංවේදක ලෙස බව සමුද්‍ර ජීව විද්‍යාඥ ජෙරල්ඩ් ඔල්ට් මාධ්‍යයට පවසා ඇත. මොවුන් කිමිදෙමින් ජලයේ උෂ්ණත්වය දැක්වෙන ලම්බාකර චිත්‍රයක් නිර්මානය කරයි.

මෙම ලම්බාකාර චිත්‍රය මගින් විද්‍යාඥයන්ට සාගරයේ තාප අන්තර්ගතය ක්‍රමාංකනය කිරීමට හැකි අතර අවදානම් සංඛ්‍යාතය මගින් කුනාටුවේ වේගයේ  ප්‍රබලතාවය පිලිබඳ අනාවැකි පලකළ හැකිය.

මෝරුන්ගේ මෙම සම්බන්ධක මගින් චන්ද්‍රිකා උපයෝගී කැර ගනිමින් ලබාගත නොහැකි  ඉතා සියුම් දත්ත වලට ප්‍රවිෂ්ට වීමට කාලගුණ විද්‍යාඥයන්ට හැකියාව ලැබී ඇත.

මෝරුන් ගේ සම්බන්ධක පතුර සවිකොට ඇත්තේ පිටේ ඇති වරලට පහළින් වන අතර එහි රුධිර සෛල ස්වල්පයක් ඇත. ස්නායු පටක මෙම ස්ථානයේ ඇත්තේ සුළු වශයෙනි.

මෝරුන් ජලය මතුපිටට පැමිණෙන විට හෝ ජලය දෙබෑකර යනවිට මෙම සම්බන්ධක පතුරු ආරෝපණය වේ. එවිට එහි පටිගත වී ඇති දත්ත චන්ද්‍රිකා වලට සම්ප්‍රේෂණය වේ.

මෙම දත්ත පරිශීලනයෙන් සැඩ කුණාටු මගින් විනාශ විය හැකි ජීවිත ආරක්ෂා කරණ බව ජෙරාල්ඩ් පවසයි. මෙම මත්‍ස්‍යයන් මගින් අසීමිත තොරතුරු ප්‍රමාණයක් ලබාදෙන බවත් ඇත්ත වශයෙන්ම එමගින් උද්දීපන අවකාශයක් නිරූපනය කරණ බවත් කාලගුණ හා සාගර විද්‍යාව පිලිබඳ මහාචාර්ය  හා ඇමරිකානු පුවත් පත් මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ නික් ෂේ කියයි.



අදහස් (0)

කාලගුණයට මෝරුන්ගෙන් අනාවැකි

රන්ජිත් Monday, 02 June 2014 09:38 PM

මෙම සොයාගැනීම සාර්ථක වේවා! (නි)

:       0       0

දීප්ත Tuesday, 03 June 2014 01:32 PM

මෙම සොයාගැනීම සාර්ථක වේවා. බොහොම හොඳ පර්යේෂණයක් (නදී)

:       0       0

ගිහාන් Monday, 02 June 2014 08:00 AM

බොහොම හොඳ පර්යේෂණයක්. සාර්ථක ප්‍රයත්නයක්. මෝරුන්ට බලපෑමක් නොවේ නම් ඉතාමත් හොඳයි. මේ වගේ සාර්ථක වැඩක් ගැන අපට දැනුම් දුන්නාට "ලංකාදීපයටත්" ස්තුතියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 250 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 208 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 588 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 76 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 84 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 509 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site