කොලොම්බියාවේ බොගෝටා අගනුවර පෙරේදා (15) සවස කාර් බෝම්බයක් පුපුරා ගිය අතර පස් දෙනකු ඊට බිලිවී, 39 දෙනෙක් තුවාල ලැබූහ.
කොලොම්බියාවේ මේ අයුරින් කාර් බෝම්බයක් පුපුරා ගිය දෙවැනි අවස්ථාව මෙයයි. බෝම්බය පුපුරා ගියේ බොගෝටා නුවර කාර්ය බහුල වීදියකය. බෝම්බය පුපුරා යෑමට මොහොතට පෙර කොලොම්බියා ජනපති යුවාන් මැනුවෙල් සැන්ටෝන් එම වීදියේ ගමන් කර තිබුණි. ආරක්ෂක අංශ අනුමාන කරන්නේ බෝම්බය අටවා තිබෙන්නට ඇත්තේ ජනපතිවරයා ඉලක්ක කර ගනිමින් බවය. පිපිරීමට හසුවී ජීවිතක්ෂයට පත්වූ සියල්ලෝම සිවිල් වැසියෝ වෙති. තුවාල ලැබූවන් අතර එරට හිටපු අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයකු වන ආචාර්ය ෆර්නෑන්ඩෝ ලොන්ඬේනෝ ද සිටින බව ජනපතිවරයා ඊයේ (16) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.
බෝම්බ ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු බාර ගෙන නොමැති නමුත් ආරක්‍ෂක අංශ පවසන්නේ එය එරට කි‍්‍රයාත්මක මත්ද්‍රව්‍ය කල්ලියක සැහැසි කි‍්‍රයාවක් බවය. මෙක්සිකෝවේ මෙන් කොලොම්බියාවේ කි‍්‍රයාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි නිරන්තරයෙන් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරයි.
නවීන අවි ආයුධවලින් ද සන්නද්ධ ඔවුහු ආරක්ෂක අංශවලට බියක් නොදක්වති. ජනපති සැන්ටෝස්ගේ මෙහෙයවීම යටතේ කොලොම්බියා රජය මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලිවලට එරෙහිව සටන් ආරම්භ කර තිබේ.
මීට පෙර කොලොම්බියාවේ බොගෝටා අගනුවර කාර් බෝම්බයක් පුපුරා ගියේ 2010 වසරේදීය. ඒ, සැන්ටෝස් ජනපති ධුරයේ දිවුරුම්දී දින දෙකකට පසුවය. එම ප‍්‍රහාරයෙන් නව දෙනෙක් තුවාල ලැබූහ.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කොලොම්බියාවේ කාර් බෝම්බයක් පිපිරී 5 ක් මියයති: 39 කට තුවාල