‘කොවිඩ් 19’ වයිරසය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පවසයි.
‘කොවිඩ් 19’ වයිරසය, මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස නම් කෙරුණේ 2020 වසරේදීය. වයිරසය හිස එසවූයේ 2019 වසර අවසානයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි. 2020 වනවිට ‘කොවිඩ් 19’ ගෝලීය වසංගතයක් බවට පත් විය.
කෙසේ නමුත් තවමත් 'කොවිඩ් 19' චීනයට හිසරදයකි. චීනය 'කොවිඩ් 19' පාලනයට පැනැවූ සෞඛ්‍ය සීමා, ජනතා විරෝධය හේතුවෙන් ලිහිල් කර සහ ඉවත් කර තිබේ. ඒ අනුව, වයිරස ව්‍යාප්තිය පාලනයකින් තොරව සිදුවන බව පැවැසෙයි.
කෙසේ නමුත් ලොව සෙසු රටවල මෙම තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්ය.
සාර්ථක එන්නත්කරණයත්, ‘කොවිඩ් 19’ වයිරසයේ සැර බාලවීමත් සමඟ වයිරස අවදානය කෙමෙන් පහව ගිය බවත්, තව දුරටත් ‘කොවිඩ් 19’ සම්බන්ධයෙන් බියක් ඇති කරගත යුතු නැති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ජිනිවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.
‘කොවිඩ් 19’ වසංගතයේ අවදානම පහව ගොස් ඇති බව නිල වශයෙන් දැනුම් දීම මෙම වසර අවසන් වීමට පෙර සිදු කරන බව ද ගෙබ්‍රියේසිස් එම මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන්නේය.
‘කොවිඩ් 19’ පමණක් නොව, ‘එම්-පොකිස්’ හෙවත් ‘මංකි පොක්ස්’ (වදුරු පැපොල) සම්බන්ධයෙන් ද ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
‘කොවිඩ් 19’ මෙන්ම ‘එම්-පොකිස්’ ද අවදානම් තත්ත්වය ඉක්මවා ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මාධ්‍ය හමුවේ දී පැහැදිලි කළේය.
“කොවිඩ් 19 හෝ එම් මොක්ස් හෝ තව දුරටත් ලෝකයට තර්ජනයක් නොවෙයි. අවදානම් තත්ත්වය මේ වනවිට පහව ගොස් අවසන්. 2023 වසරට පය තබද්දී, මෙම වයිරස සම්බන්ධයෙන් පැනැවූ හදිසි තත්ත්වයන් ඉවත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ අනුව, සෞඛ්‍ය සීමා මුළුමනින්ම ඉවත් වේවි. කෙසේ නමුත් ‘කොවිඩ් 19’ සම්බන්ධයෙන් අප පාඩම් ඉගෙන ගන්න ඕනෑ. යළි එවැනි අවදානම් තත්ත්වය ඕනෑම මොහොමත ඇති වෙන්න පුළුවන් බව සිහියට ගන්න ඕනෑ” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී පැවැසීය.
(රොයිටර්)
ඊසානදිග චීනයේ ලියාඕයැං නගරයේ අවන්හලක ගින්නක් හටගත්තේය. එම ගින්නට හසුවීමෙන්, විසි දෙදෙනකු මියගොස් තවත් තිදෙනක් තුවාල ලැබූහ.
ඉන්දු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාව සමඟ යුදමය තත්ත්වයක් නිර්මාණය වී, ඉන්දියාව එල්ල කරන ප්‍රහාරයකට
තායි රජු සහ රැජින පසුගිය අප්‍රේල් 25 වැනිදා ඔවුන්ගේ බෝයිං වර්ගයේ නිල ගුවන් යානය පියාසර කරමින්, භූතානයේ නිල සංචාරයක් සඳහා පැමිණියහ.
කැනඩා මහ මැතිවරණයෙන් දිගටම බලයේ රෑදී සිටීමට අවස්ථාවක් උදා වූ ලිබරල් පක්ෂය ප්‍රමුඛ එහි නායක මාර්ක් කාර්නි, ලිබරල් පක්ෂයට සහාය දක්වන සෙසු පක්ෂ හවුල් කර
ස්වීඩනයේ, උප්සාලා නගරයේ වෙඩි තැබීමක් සිදුවිය. පොලිසිය වාර්තා කර ඇත්තේ, එම වෙඩි තැබීමෙන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය කළ ඉල්ලීමට කන් දී, තෙදිනක ඒකපාර්ශ්වීය සටන් විරාමයක් සඳහා රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ ක
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘කොවිඩ් 19’ තවදුරටත් තර්ජනයක් නොවේ