IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


‘කොවිඩ් 19’ තවමත් ගෝලීය හදිසි තත්ත්වයක්

‘කොවිඩ් 19’ වයිරස වසංගතය තවමත් ගෝලීය හදිසි තත්ත්වයක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ පැවැසුවේ, ‘කොවිඩ් 19’ වසංගතය අවසන් වුණැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමඟය.

බයිඩන් මෙම ප්‍රකාශය කළේ ‘සික්ස්ටි මිනිට්ස්’ නමැති දේශපාලන වැඩසටහනට එක් වෙමිනි. ඔහු කීවේ, ඇමෙරිකානුවන් මුහුණු ආවරණ පැලැඳීම නවතා ඇති බවත්, කොවිඩ් 19 වසංගතය ඇමෙරිකාවේ අවසන් බවත්ය.

ජනාධිපති බයිඩන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය අංශ ද පැහැදිලි කිරීම් ඉදිරිපත් කර ඇත. ඒ, වයිරසය අඩපණ වෙමින් පවතින නමුත් එය සම්පූර්ණයෙන් අවසන් වී නොමැත යනුවෙනි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ද ජිනීවා නුවර පිහිටි ඔවුන්ගේ මූලස්ථානයේදී හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ ‘කොවිඩ් 19’ වසංගතය තව දුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස සලකන බවය. කෙසේ නමුත් මේ වනවිට සිටියේ ‘කොවිඩ් 19’ වසංගතය කෙමෙන් අවසන් වීමට පටන් ගෙන ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් එහි මාධ්‍ය ප්‍රකාශකයෙක් අවධාරණය කළේය.

සාර්ථක එන්නත් වැඩසටහන් හරහාත්, යහපත් සෞඛ්‍ය පුරුදු හරහාත් වසංගතය අවසන් කළ හැකි බව එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.

(රොයිටර්)



අදහස් (0)

‘කොවිඩ් 19’ තවමත් ගෝලීය හදිසි තත්ත්වයක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

‘ජී20’ රාජ්‍ය නායක සමුළුව බ්‍රසීලයේ
2024 නොවැම්බර් මස 19 35 0

දරිද්‍රතාව සහ කුසගින්න නිවාරණය කිරීමේ ප්‍රධාන අරමුණින්, ‘ජී20’ රාජ්‍ය නායක සමුළුව බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවරදී ආරම්භ විය.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 3735 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 2362 1

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


බයිඩන් ඇමසන් වනාන්තරයට ගිහිල්ලා
2024 නොවැම්බර් මස 18 237 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යද්දී, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඊයේ (17) ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ද අමතක කළේ නැත.


ඊශ්‍රායලයට චෝදනා: පාප්තුමා කනස්සල්ලෙන්
2024 නොවැම්බර් මස 18 118 0

ජනසංහාර කරනවා යැයි ඊශ්‍රායලයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පැවැත්විය යුතු යැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ පෙන්වා දෙති.


හිස්බුල්ලා ප්‍රකාශක අෆීස් ඊශ්‍රායල ප්‍රහාරයෙන් මියයයි
2024 නොවැම්බර් මස 18 108 0

ඊශ්‍රායල හමුදා ලෙබනනය් බීරූට් අගනුවර ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයකින්, ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26933 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18877 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 385 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 649 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1869 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site