ශීත කාලය අවසන් වීමත්, වේගවත් එන්නත්කරණයත්, ඔමික්‍රෝන් විකෘතිය සැර බාලවීමත් නිසා යුරෝපා රටවල 'කොවිඩ් 19' සටන් විරාමයක් නිර්මාණය වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා ප්‍රධානී හාන්ස් ක්ලූග් පැහැදිලි කරයි.
''ඔමික්‍රෝන් විකෘතිය නිසා දෛනිකව ආසාදිතයන් වැඩි වුවත්, ඔමික්‍රෝන් විකෘතිය සැර බාල වීම නිසා කොවිඩ් 19 වසංගතයේ සැලැකිය යුතු අඩුවක් අපට දකින්න ලැබෙනවා. ඒක හරියට සටන් විරාමයක් හා සමානයි. ඒත් ඕනෑම අවස්ථාවක කොවිඩ් 19 දරුණු වෙන්න පුළුවන්.'' යැයි හාන්ස් ක්ලූග් මාධ්‍ය හමුවේ පෙන්වා දෙයි.
පසුගිය සතියේ යුරෝපා රටවලින් වාර්තා වූ 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන මිලියන 12 කි. එසේ වුවත්, රොහල් ධාරිතා ඉක්මවා යෑමක් හෝ අසාධ්‍ය තත්ත්වයට පත් වූ රෝගීන් ගැන හෝ වාර්තා නොවුණු බව හාන්ස් ක්ලූග් වැඩි දුරටත් පවසා ඇත.
මේ වනවිට ඩෙන්මාර්කය, එරට සෞඛ්‍ය අංශ අංශ උපදෙස් අනුව, 'කොවිඩ් 19' සඳහා පනවා තිබුණි ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණ පැලඳීම ද ඇතුළු සියලු තහංචි ඉවත් කර තිබේ. ඒ අනුව, යුරෝපා රටවල් අතරින් සියලු සෞඛ්‍ය තහංචි ඉවත් කළ පළමු රට ඩෙන්මාර්කයයි. යුරෝපා රටවල් වන නෝර්වේ සහ ස්වීඩනය පවසා ඇත්තේ ලබන 9 වැනිදා සිට සෞඛ්‍ය නීතී මුළුමනින්ම ඉවත් කරන බවය.
ආසාදිතයන් දිගින් දිගටම වාර්තා වුවත්, 'කොවිඩ් 19' වසංගතයේ තර්ජනාත්මක මෙන්ම අනතුරුදායක ස්වරූපය පහව යමින් පවතින බව යුරෝපා රටවල් බොහොමයක වෛද්‍ය විශේෂඥයෝ අවධාරණය කරති. ඔමික්‍රෝන් විකෘතියෙන් ආරක්ෂා වීමට කඩිනමින් 'බූස්ටර්' එන්න ලබා ගැනීමට යොමු වෙන්නැයි ඔවුන් ජනතාවගෙන් දිගින් දිගටම ඉල්ලීමක් කර තිබේ.
(බීබීසී)
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’කොවිඩ් 19’ සටන් විරාමයක්