අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ නවතම සාමාජිකයෝ සිටිනුයේ කුහුඹුවෝය.
මෙම කුහුඹුවන් නාසා ආයතනයම අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත යවනු ලැබූවන්ය.වාර්තා වන අන්දමට කුහුඹු ජනපද 8 ක් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත යැවීමට නාසා ආයතනය සැරසෙයි.
අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ගුරුත්වය රහිත පරිසරයේ කුහුඹුවන් කෙසේ හැසිරෙනු ඇත්දැයි නිරීක්ෂණය කිරීම නාසා විද්‍යාඥයින්ගේ අරමුණයි.එම නිරීක්ෂණයන් ආධාර කරගෙන රොබෝවරු නිපදවීමට ඔවුන් බලාපොරොත්තු වන බව සදහන්ය.
කුහුඹුවෝ සමූහ වශයෙන් ක්‍රියාකාරී වෙති. තවද එක් එක් කුහුඹුවාට නිශ්චිත වූ වගකීමක් ඇතැයි කුහුඹු ජනපද නිරීක්ෂණය කිරීමෙන් නිගමනයකට එළැඹීමට විද්‍යාඥයින්ට හැකිව තිබේ. කුහුඹු ජනපදයක් මුලදී කුඩා වපසරියක ක්‍රියාකාරී වෙයි. පසුව ක්‍රමයෙන් ජනපදයේ වපසරිය වැඩි කර ගන්නා අන්දම විද්‍යාඥයින් නිරීක්ෂණය කර ඇත.කුහුඹුවන් ඔවුන්ගේ හිස් මත පිහිටා ඇති ‘ඇන්ටනා‘ හෙවත් ස්පර්ශක මගින් එකිනෙකා හා ‘කතා‘ කිරීමද විද්‍යාඥයින්ගේ අවධානය දිනා ගැනීමට සමත්වී තිබේ.
නමුත් ගුරුත්වය අඩු පරිසරයකදී කුහුඹුවන්ට නව පරිසරයට අනුවර්තනය වීමට සිදුවනු ඇත.එහිදී කුහුඹුවන්ට තම තමන්ගේ රාජකාරි වල යෙදීමට නව උපක්‍රම භාවිතා කිරීමට සිදුවනු ඇතැයි විද්‍යාඥයෝ අනුමාන කරති. කුහුඹුවන් ඉක්මනින්ම විවිධ පරිසර තත්ත්වයන්ට අනුගත වන සත්ත්වයින් විශේෂයක් වේ.
මේ සියල්ල නිරීක්ෂණය කොට කුහුඹුවන් හා ක්‍රියාකාරීත්වයෙන් සමාන රොබෝවරු තැනීම විද්‍යාඥයින්ගේ අපේක්ෂාවයි.එම රොබෝවරු ආධාරයෙන් ගොඩනැගිල්ලක් තැනීම වැනි භාරධූර වැඩකටයුතුද සපුරා ගත හැකි වනු ඇතැයි ඔවුන් විශ්වාස කරයි.
තනි තනිව ක්‍රියාකාරී වනවාට වඩා එක්ව ක්‍රියාකිරීමෙන් වැඩකටයුතු කාර්යක්ෂමව නිම කර ගත හැකිවීම කුහුඹුවන්ගෙන් තමන් උගත් ලොකුම පාඩම බව විද්‍යාඥයෝ කියයි.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කුහුඹු ජනපද අටක් උඩු ගුවනේ
පබ් Tuesday, 21 January 2014 01:09 AM
කුහුබුවන් අභ්‍යවකාශයට යවනවා වෙනුවට, එම පරිසර තත්වයන් විද්‍යාගාරයක් තුල ඇතිකලනම් අඩු වියදමෙන් කරන්න තිබුන..(අ)
ධම්ම Sunday, 19 January 2014 02:29 PM
නාසා ආයතනයට ඇති තරම් කුහුඹු ජනපද සපයන්න මට පුළුවන්. අපේ ගෙදර ඉන්න කුහුඹුවෝ මට හරි කරදරයක් වෙලා තියෙන්නේ. ගෙදර අය උන් විනාශ කරනවට කැමතිත් නැහැ.(දිල්)
දයා අලහාකොන් Monday, 20 January 2014 01:12 PM
කුහුඹුවෝ ගනලාද නැතිනම් කිලෝ ගානට දෙන්න බලාපොරොත්තුව (දී)
සමන් Wednesday, 22 January 2014 04:10 PM
ලංකාවේ කොහෙද කූඹ් ඇඹලයෝ නේ ඉන්නේ.(නදී)
අනුර ගුණවර්ධන Monday, 20 January 2014 12:30 AM
ඉස්සෙල්ලම ඔක්කොම අල්ලලා පෙටිටියකට දාන්න. පස්සේ බැරියැ නාසා එකට කතාකරන්න.(නදී)
ප්‍රේමකුමාර Thursday, 23 January 2014 08:47 PM
නිල් තල්මස් ජනපදයකුත් හදමු (අ)