ඝාතනය කෙරුණු ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පුතු සෙයිෆ් අල් ඉස්ලාම්ට රහස් ලියකියවිලි දීමට උත්සහ ගනිද්දී ලිබියා රජයේ අත්අඩංගුවට පත් තම නීතීඥවරුන් සිවුදෙනා නිදහස් කිරීමට ලිබියා රජය තීරණය කළ බව ජාත්‍යන්තර අපරාධ අධිකරණය නිවේදනය කරයි. මෙම නීතීඥවරුන් සිවු දෙනා ලිබියා රජයේ අත්අඩංගුවට ගැනුණේ ඉකුත් 7 වැනිදාය. නීතීඥ කණ්ඩායමේ නායිකාව වන්නේ මෙලින්ඩා ටේලර් නමැති ඕස්ටේ‍්‍රලියා ජාතික නීතීඥවරියයි. නීතීඥයන් සිවුදෙනා ලිබියාවට පැමිණ ඇත්තේ ලිබියා රජයේ අත්අඩංගුවේ පසුවන ගඩාෆි පුතු සෙයිෆ් අල් ඉස්ලාම් හමුවීමටය. ඔවුන් ලිබියාවේ බටහිරින් පිහිටි සින්ටානා නගරයට ගොස් ඇත. ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ ලිබියාවෙන් පලා යෑමට උත්සාහ කළ අවස්ථාවේදී අල්ලා ගැනීමෙන් පසු සෙයිෆ් අල් ඉස්ලාම් රඳවා තැබෙන්නේ සින්ටානා නගරයේය. නීතීඥ කණ්ඩාම සින්ටානා බන්ධනාගාරයේ දී සෙයිෆ් අල් ඉස්ලාම් හමුවූ අවස්ථාවේදී මෙලින්ඩා ටේලර් ලිබියා රජයේ අනුදැනුමකින් තොරව අල් ඉස්ලාම් කිසියම් ලියකියවිලි වගයක් දීමට උත්සාහ කර ඇති අතර එහිදී ආරක්ෂක අංශ ඇයත් ඇගේ සගයන් තිදෙනාත් අත්අඩංගුවට ගත්තේය. එම අවස්ථාවේදී නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය කියා සිටියේ ඔවුන්ගේ නීතීඥ කණ්ඩායම සම්බන්ධයෙන් ලිබියා රජය එල්ල කරන චෝදනා ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වන බවටය. වසර 42 ක් තිස්සේ ලිබියාව පාලනය කළ ගඩාෆිගෙන් පසු රටේ බලය හිමිවීමට නියමිතව තිබුණේ සෙයිෆ් අල් ඉස්ලාම්ටය. ගඩාෆිගේ දූ දරුවන් අතරින් දේශපාලනයට පිවිස සිටින්නේ ද ඔහුය. ඉකත් වසරේ ලිබියාවේ ගඩාෆිගේ පාලනයට එරෙහි විරෝධතා ආරම්භ වූ අවස්ථාවේදී විරෝධතාකරුවන් නිර්දය ලෙස ඝාතනය කිරීමට අණ දීමෙන් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කළේ යැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණ සෙයිෆ් අල් ඉස්ලාම් චෝදනා එල්ල කර ඇත. ලිබියා කැරැලිකරුවන් අල් ඉස්ලාම් ඉකුත් වසරේ අල්ලා ගත් අවස්ථාවේදී ජාත්‍යන්තර අපරාධ අධිකරණ ලිබියා නව රජයෙන් ඉල්ලා සිටියේ සෙයිෆ් අල් ඉස්ලාම් තමන්ට බාර දෙන ලෙසටය. නමුත් ලිබියා රජය කියා සිටියේ ලිබියාවේ පවතින නීතියට අනුව සෙයිෆ් අල් ඉස්ලාම්ට ලිබියාවේදී දඬුවම් ලබා දීමට කටයුතු කරන බවය. ලිබියා නව රජය තවමත් අල් ඉස්ලාම්ට එරෙහිව නඩු විභාගයක් පවත්වා නැත. බන්ධනාගාරයේදී අල් ඉස්ලාම් නිරන්තරයෙන් වධ බන්ධනයන්ට ලක් වන බව ජාත්‍යන්තර අපරාධ අධිකරණ චෝදනා කරයි.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගඩාෆි පුතුට රහස් ලියවිලි දෙන්න තැත්කළැයි ලිබියා අත්අඩංගුවේ සිටි නීතීඥයන්ට නිදහස