ප‍්‍රංශයේ හිටපු ජනපති නිකලස් සාර්කෝසිගේ අණ පරිදි එරට බුද්ධි අංශ නිලධාරීන්, කර්නල් මුවම්මාර් ගඩාෆි මරන්න ලිබියානු කැරැලිකරුවන් උසි ගැන්වූ බවට රහස් තොරතුරු තමන්ට ද ලැබී ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසයි. රුසියා ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ලිබියානු කැරැලිකරුවන්ගේ රහස් වාර්තා පාදක කර ගනිමින්ය. සාර්කෝසිගේ උපදෙස් පරිදි ගඩාෆි ඝාතනය වූයේ යැයි මීට පෙර ද පුවත් පළ වී තිබුණු නමුත් ඒ බව තහවුරු වූ ප‍්‍රථම අවස්ථාව මෙයයි. ලිබියාවේ ගැටුම් උත්සන්න වී, තුවාල ලබා සැඟවී සිටි ගඩාෆි කැරැලිකරුවන් අතට පත්වූ අවස්ථාවේ ඔහු අත්අඩංගුවට නොගෙන වෙඩි තබා මරා දමා ඇත්තේ ප‍්‍රංශ බුද්ධි අංශ නිලධාරීන්ගේ උපදෙස්වලට අනුවය. ගඩාෆි අත්අඩංගුවට ගෙන නඩු විභාගයක් පැවැත් වූයේ නම් ජනපති සාර්කෝසිට පමණක් නොව බි‍්‍රතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්ට ද විශාල අවාසියක් වීමට ඉඩ තිබුණි. ඒ, ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනින් ඔවුන් දෙදෙනා ගඩාෆි සමඟ කළ අයථා මුදල් ගනුදෙනු හේතුවෙනි. 2007 වසරේ ප‍්‍රංශ ජනාධිපතිවරණයේදී සාර්කෝසිට මුදල් ආධාර විශාල වශයෙන් ලැබුණේ ගඩාෆිගෙනි. ගඩාෆිගේ පාලනය පෙරළා දැමීමට කැරැුලිකරුවන්ට සහාය දුන්නේ ප‍්‍රශය සහ බි‍්‍රතාන්‍යයයි. ප‍්‍රංශ බුද්ධි අංශ නිලධාරීන් පමණක් නොව බි‍්‍රතාන්‍ය බුද්ධි අංශ නිලධාරීහු ද ලිබියාවට ගොස් කැරැලිකරුවන් සමඟ එක් වී ගඩාෆිගේ හමුදා සමඟ සටන් කළහ. සිවිල් වැසියන් බේරා ගත යුතු යැයි අවධාරණය කරමින් ගඩාෆි රජයේ හමුදා ඉලක්ක කර ගෙන මුලින්ම ගුවන් ප‍්‍රහාර එල්ල කළ රට වන්නේද ප‍්‍රංශයයි. ඒ, ජනපති සාර්කෝසිගේ අණ පරිදිය. පසුගිය වසරේ පැවැති ප‍්‍රංශ ජනාධිපතිවරණයෙන් සාර්කෝසි පරාජයට වීමට එක් හේතුවක් වූයේ ද ඔහු ලිබියාව සම්බන්ධයෙන් ගත් එම තීරණයයි.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හමුවේ, ඇමෙරිකාවත් ඉන්දියාවත් අතරේ ද්වී පාර්ශ්වීක නව වෙළෙඳ ගිවිසුමක් ගැන සාකච්ඡා පැවැත්වෙයි.
ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 26 වැනිදා පැවැත්වෙන බව වකිතානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන අතර, නව පාප්වරයකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි දි
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගඩාෆි මරන්න ප‍්‍රංශ බුද්ධි අංශය කැරැලිකරුවන්ට උපදෙස් දුන්නැයි රුසියානු ජනපති පුටින් හෙළිකරයි
ආනන්ද Saturday, 06 October 2012 09:40 PM
ඔන්න මල්ලී ඉගෙන ගන්න කෙළෙහීගැණ සළකණ වීදීය(නු)
ජීව Sunday, 07 October 2012 02:28 AM
සුදු කොඩියක් අතේ නොතිබුනත් ගෙඩාෆි මරන වෙලාවෙ කියන්න ඇතිනෙ "මාව මරන්න එපා" කියල.නමුත් ඒ ඒ මනුෂ්‍යව මැරුව.ඒ ගැන හොයන්න අද කවුරුත් නැහැ නේද.මේකෙන් ගොඩගියෙ වටේ තියෙන රටවල් ටික. ඇයි , දැන් ගත්තු ණය ටික ගෙවන්න ඕනෙ නැහැනෙ.(නු)
silva paris Sunday, 07 October 2012 02:24 AM
කාට කියන්නද
රාජා Sunday, 07 October 2012 03:40 PM
ලෝකේ පුරා පැතිරීයන රටවල් අස්ථාවර වීමට වගකියන්න ඕනෑ ඔය බටහිර රටවල් තමයි. (නි)
කුසුම් Saturday, 06 October 2012 01:05 PM
ලිබියාවට කරපු ටික තමයි ලංකාවටත් කරන්න හැදුවේ .(ස)
අනිල් Saturday, 06 October 2012 01:40 AM
ඔබ රුසියාවට අව්‍යාජ නායකයෙක්. නිර්බයව ඇත්ත ලොවට හෙළිකරන ඔබ වගේ අය ලෝකයටම ආඩම්බරයක් .ජය වේවා රුසියාවට! (නි)
රාජා Saturday, 06 October 2012 03:45 PM
අනෙක් රටවලට කෙනෙහිලිකම් කරන ගමන් එයාල පෙන්නන්නෙ හරිම සුද්දවන්තයෝ කියල. අපිටත් ඕකම කරන්න තමයි දත කන්නෙ. ටික දෙනෙක් හැර අපේ රටේ අය රටට ආදරේ හන්ද ඒටික කරගන්න බැහැ. (ස)
ලක්ෂාන් Saturday, 06 October 2012 07:20 AM
මේවා මේ ආත්මයේදීම පළදෙන්න ඕනෑ. විදවන්න පුලුවන් ලෙඩක් හැදිලා විදවන්න වෙන්න ඕනෑ. (නි)
පද්මි Saturday, 06 October 2012 06:27 PM
පූටින් කියන්නේ නොම්මර එකේ ඒකාධිපතිවරයෙක්. (නි)
චන්ද්‍රසිරි Sunday, 07 October 2012 12:58 PM
පූටින්ගේ පක්ෂය ගැන සතුටුයි. (නි)