කැරලිකරුවන් විසින් ලිබියානු නායක මුවම්මර් අල් ගඩාපිගේ අවසාන බල කොටුව වශයෙන් සැලකෙන වානි වැලීඞ් නගරයට ප‍්‍රහාර එල්ල කිරීම අරඹා ඇතැයි එජන්සි වාර්තා සඳහන් කරයි. ටි‍්‍රපොලි අගනුවර ගිනිකොණ දෙසට වන්නට පිහිටි වානි වැලීඞ් නගරයෙහි ගඩාපි රජයේ ඉහල නිලධාරීන් රැසක් සහ ගඩාපිගේ පුතුන් දෙදෙනාද සැඟව සිටිතැයි විශ්වාස කෙරෙයි. මේ අතර ලිබියානු අන්තර්වාර රජයේ ප‍්‍රධානියා වන මුස්ටා අබ්දුල් ජලීල් ගුවන් යානයකින් ටි‍්‍රපොලි අගනුවර වෙත පැමිණි බවද වැඩිදුරටත් ඒජන්සි ආරංචි මාර්ග සඳහන් කරයි. අබ්දුල් ජලීල් අගනුවරට පැමිණි විට දහස් සංඛ්‍යාත ආධාරකරුවෝ ඔහු වටා රොක් වී ප‍්‍රීති ඝෝෂා කළහ. අබ්දුල් ජලීල් ටි‍්‍රපොලි අගනුවරට පැමිණෙන තෙක් ලිබියාවේ නැගෙනහිර ප‍්‍රදේශයේ පිහිටි ප‍්‍රධාන නගරයක් වන බෙස්යාසා හි වාසය කර ඇත. මෙම කැරලි කෝලාහල හේතුවෙන් ලිබියාවට දරුණු හානි සිදුවී ඇතිබවත් සියලූ පාර්ශ්වකරුවන් ඒකරාශී කොට ලිබියාව යළි ගොඩනැගීම තමාගේ අරමුණ බවත් අබ්දුල් ජලීල් ජනමාධ්‍යවේදීන් අමතා පැවසීය.
ඊශ්‍රායල පලස්තීන සටන් විරාමය සාර්ථකව ක්‍රියාත්මක වෙද්දී, ගාසා තීරයේ රෆා දේශසීමාව මේ වනවිට විවෘත වී ඇත.
ගාසා තීරයේ හමාස් සංවිධානය සහ ඊශ්‍රායල රජය අතරේ සටන් විරාමය දිගටම ක්‍රියාත්මක වීමත් සමඟ හමාස් සංවිධානය ඔවුන්ගේ ග්‍රහණයේ සිටි ප්‍රාණඇපකරුවන් තිදෙනකු
ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ජනපදයේ පිලිඩෙල්පියා නුවර සිදුවුණු ගුවන් අනතුරකින් කුඩා දරුවකු, එම දරුවාගේ මව, සය තවත් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
රුසියන් හමුදාව යුක්රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවත් එයින්, යුක්රේන වැසියන් 12 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ. මියගිය පිරිස අතරේ
පැනමා ඇළ සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ කතා කිරීමට කිසිවක් නැතැයි පැනමා ජනාධිපති හෝසේ රාවුල් මුලීනෝ පවසයි.
අප්‍රිකාවට අයත් උගන්ඩා රාජ්‍යයේ කම්පාලා අගනුවරින් ඉබෝලා මරණයක් වාර්තා වේ. මරණයට පත් වී ඇත්තේ කම්පාලා අගනුවර මහ රෝහලේ හදියක බව පැවැසෙයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ගඩාෆිගේ අවසන් බළ කොටුවට ප‍්‍රහාර