IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ගඩාෆිගේ බුද්ධි අංශ ප‍්‍රධානියා මුරුෂානියාවේදී කොටුවෙයි

මරා දැමුණු ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ බුද්ධි අංශ ප‍්‍රධානී අබ්දුල්ලා අල් සෙන්සුයි පෙරේදා (17) බටහිර අපි‍්‍රකානු රාජ්‍යයක් වන මුරුෂානියාවේදී අත්අඩංගුවට ගැණින. ගඩාෆිට එරෙහි ලිබියාවේ විරෝධතා ආරම්භ කළ අවස්ථාවේදී කැරැුලිකරුවන්ට පහරදීමට උපදෙස් දුන් බවටත්, කැරැලිකරුවන් ඝාතනය කරමින්, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකළ බවටත් ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් සෙන්සුයිට චෝදනා එල්ල වී ඇත. එම චෝදනා හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගන්නැයි ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලිස් කොමිසම වරෙන්තු නිකුත් කළේ ඉකුත් ජූලි මාසයේදී ගඩාෆිට සහ ගඩාෆි පුතු සෙයිෆ් අල් ඉස්ලාම්ට වරෙන්තු නිකුත් කළ අවස්ථාවේදීමය. අල් සෙන්සුයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති නමුත් ලිබියාවේ නව පාලකයන් පවසන්නේ සෙන්සුයිට එරෙහිව නඩු පවරා දඬුවම් දීමේ කටයුතු ලිබියාවේදී සිදු කිරීමට තමන් බලාපොරොත්තු වන බවය. ලිබියාවෙන් පැන යෑමට උත්සාහ කරද්දී අල්ලා ගත් ගඩාෆි පුතු සෙයිෆ් අල් ඉස්ලාම් ද මේ වනවිට මාස කීපයක් තිස්සේ ලිබියා නව පාලකයන්ගේ අත්අඩංගුවේ පසුවෙයි. ඔහුට විරුද්ධව මෙතෙක් කිසිදු ආකාරයක නඩු විභාගයක් පවත්වා නැත. මුරුෂානියා බලධාරීන්ගේ අත්අඩංගුවේ පසුවන අල් සෙන්සුයි තමන්ට බාර දෙන්නැයි ලිබියා නව රජය ඉල්ලීමක් ද කර තිබේ. ”අපට දැන ගන්න ලැබුණා අල් සෙන්සුයි මුරුෂානියාවේ  නුකාචොට් ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී තරුණයකුත් ඔහු සමඟ සිටියා. අප විශ්වාස කරනවා ඒ ඔහුගේ පුතු කියලා.” යැයි ලිබියා නව රජයේ ප‍්‍රකාශක නසීර් අල් මානී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය. ලිබියා කැරැලිකරුවන් අතින් ගඩාෆි ඝාතනය කෙරුණු අවස්ථාව වන විට අල් සෙන්සුයි, කැරැලිකරුවන්ගෙන් බේරී ලිබියාවෙන් පැනගොස් සිටියේය. ඔහු මුරුෂානියාවට පැමිණ ඇත්තේ මොරොක්කෝවේ සිටය. ඒ, ව්‍යාජ ගමන් බලපත‍්‍රයක් සකස් කර ගනිමිනි. අල් සෙන්සුයි අත්අඩංගුවට ගැනීමේදී මුරුෂානියා බලධාරීන්ට සහාය දී ඇත්තේ ප‍්‍රංශ රජයයි. ගඩාෆිට එරෙහිව සටන් වැදීමට කැරැලිකාර පාර්ශවයට ආයුධ දුන්නේ ප‍්‍රංශසයයි . කැරැලි කරුවන්ගේ දේශපාලන හඬ වූ ‘ලිබියා අන්තර්වාර පාලක මණ්ඩලය’ ලිබියාවේ සැබෑ ජනතා හඬ යැයි මුලින්ම නිල වශයෙන් පිළිගෙන ආධාර දුන් රට වන්නේද ප‍්‍රංශයයි. ප‍්‍රංශ ජනපති නිකලස් සාර්කෝසිගේ කාර්යාලය විශේෂ ප‍්‍රකාශයක් මාධ්‍ය වෙත නිකුත් කරමින් කියා ඇත්තේ, 1989 වසරේ යූ.ටී.ඒ. ගුවන් යානය බෝම්බ ප‍්‍රහාරයකින් විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල් සෙන්සුයිට දඬුවම් ලබාදීමට ප‍්‍රංශයට ගෙන්වා ගත යුතු බවය. මුරුෂානියාව රෝම ප‍්‍රඥප්තියට අස්සන් නොකළ රටක් වන නමුත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඔවුන්ගේ ඇති  බැඳීම හේතුවෙන්, අල් සෙන්සුයි, නෙදර්ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණයට භාර දීමට මුරුෂියානා රජය බැඳී සිටින බව ද පැවැසේ. අබ්දුල්ලා සෙන්සුයි



අදහස් (0)

ගඩාෆිගේ බුද්ධි අංශ ප‍්‍රධානියා මුරුෂානියාවේදී කොටුවෙයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1917 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 212 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site