රටේ සිදුවන දුෂණ වංචා නැවැත්වීමට නීති සකස් කිරීමට කොංග‍්‍රස් පක්ෂය ප‍්‍රමුඛ ඉන්දීය රජය අපොහොසත් වී ඇතැයි පවසමින් ගාන්ධි අනුගාමික අන්නා හසාරේ යළිත් වරක් නවදිල්ලි අගනුවර උපවාසයක් කිරීමට සැරැසෙයි.
රටේ සිදුවන දුෂණ වංචා නැවැත්වීමට අගමැති මන්මෝහන් සිංගේ රජයට කිසිදු වුවමනාවක් නැතැයි කියමින් හසාරේ පෙරේදා (25) නවදිල්ලි නුවර දැවැන්ත විරෝධතා රැලියක් ද පැවැත්වීය. ඊට දහස් ගණනක් සහභාගී වූ බව නවදිල්ලි පොලිසිය පැවසීය.
විරෝධතා රැලියට සහභාගීවූවන් අමතමින් හසාරේ කියා සිටියේ ලබන 29 වැනිදා සිට ඔහු රජයට එරෙහි යළිත් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බවය.
හසාරේ (79) මීට පෙර අවස්ථා කිහිපයකදීද උපවාස කරමින් ඉන්දීය අගමැති මන්මෝහන් සිං ප‍්‍රමුඛ රජයට බල කළේ රජයේ දුෂණ වංචා නැවැත්වීමට වහා පියවර ගන්නා ලෙසටය.
ඉකුත් වසරේ අගෝස්තුවේ ඔහු දින 12 ක උපවාසයක නියැලූණු අතර එය අවසන් වූයේ ඉන්දීය අගමැති සිං මැදිහත්වී දුෂණ වංචා විරෝධී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පොරොන්දුවක් දීමෙනි.
‘ලොක්පාල්’ යනුවෙන් නම් කෙරුණු එම පනත් කෙටුම්පත ඉන්දීය රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ඉන් පසුවය. එහෙත් එරට විපක්ෂ කණ්ඩායම්වලින් සහ සිවිල් කි‍්‍රයාකාරීන්ගෙන් විරෝධයක් ඊට එල්ල වූ අතර උත්තර මන්තී‍්‍ර මණ්ඩලයේ ද අනුමැතිය ඊට හිමි නොවිණි.
දුෂණ වංචා නැවැත්වීමේ අරමුණ ඇතිව පූර්ණ බලතල සහිත පාර්ලිමේන්තු කොමසාරිස්වරයකුගේ ප‍්‍රධානත්වයෙන් මණ්ඩලයක් පත් කිරීම ‘ලොක්පාල්’ පනත් කෙටුම්පතේ අරමුණ වේ. අධිකරණ ක්ෂේත‍්‍රයේ ඉහළම තනතුරක් දරන අයකු කොමසාරිස්වරයා ලෙස තෝරා ගැනීමටත් ඔහුගේ සහායට තවත් අධිකරණ ක්ෂේත‍්‍රයේ නිලධාරීන් දස දෙනකු තෝරා ගැනීමටත් නියමිතව ඇත. මණ්ඩලයේ තීන්දු අභිබවා යෑමට නොහැකි ආකාරයේ බලතල ද ඊට හිමි වේ.
කිසියම් හෝ අකටයුත්තක්, දුෂණ වංචාවක් සිදුවේ නම් ඉන්දීය මධ්‍යම රජයේ ඇමැතිවරුන්ට, රජයේ ජ්‍යෙෂ්ට නිලධාරීන්ට එරෙහිව පැමිණිලි කිරීමට මෙම නව පනත් කෙටුම්පත යටතේ ඉන්දීය ජනතාවට අවසර ලැබේ.
කෙටුම්පත පාර්ලිමේන්තුවට හඳුන්වා දුන් අවස්ථාවේ ඉන්දීය සිවිල් කි‍්‍රයාකාරීන් සහ විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඊට විරෝධය පළ කරමින් කියා සිටියේ කොමසාරිස්වරයාගේ තනතුර සඳහා කෙනකු තෝරා ගැනීමේ දී සැලකිල්ලට භාජන කරන්නන්ගේ ලැයිස්තුවට ප‍්‍රාන්ත අගමැතිවරුන් සහ රජයේ ජ්‍යෙෂ්ට නිලධාරීන් ද ඇතුළත් කළ යුතු බවය.
පනත කෙටුම්පත් කිරීමේදී තමන්ගේ අදහස් විමසා බැලූ නමුත් පසුව එම අදහස් සැලකිල්ලට නොගෙන පනත කෙටුම්පත් කර ඇතැයි ඉන්දීය සිවිල් කි‍්‍රයාකීරීහු ද රජයට චෝදනා කරති.
පනත කෙටුම්පත් කිරීමට සහාය දී ඇත්තේ ද හසාරේය. නමුත් හසාරේ චෝදනා කරන්නේ ඔහුගේ අනුදැනුමකින් තොරව එම පනත් කෙටුම්පත ඉතා දුර්වල අන්දමට සකස් කර ඇති බවය.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගාන්ධි අනුගාමික හසාරේ යළි උපවාසයකට සැරැසේ