ගාසා තීරයේ පුළුල් සටන් විරාමයක් ඇති කළ යුතු බවත්, පලස්තීනයේ සහ ලෙබනනයේ දුක්ඛිත තත්ත්වයන් අවසන් කළ යුතු බවත් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (24දා) රුසියාවේ කසාන්හිදී පැවැති BRICS ප්ලස් නායකයන්ගේ සංවාදය අමතමිනි.
මානව සංහතිය වෙනුවෙන් හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සඳහා ගෝලීය දකුණේ බලවත් බලවේග පෙළගැස්විය යුතු බවද ඔහු එහිදී සඳහන් කළේය.
ගෝලීය දකුණේ සාමූහික නැගීම ලොව පුරා සිදු වූ මහා පරිවර්තනයේ සුවිශේෂී ලක්‍ෂණයක් බවත්, ගෝලීය දකුණු රටවල් නවීකරණය කරා එකට ගමන් කිරීම ලෝක ඉතිහාසයේ පෙර නොවූ විරූ දෙයක් බවත්, එය මානව ඉතිහාසයේ සන්ධිස්ථානයක් වන බවත් ඔහු කීය.
නවීකරණය කරා යන ගමනේදී ගෝලීය දකුණු රටවල් මුහුණ දෙන දැඩි අභියෝග පිළිබඳ අවධාරණය කළ චීන ජනාධිපතිවරයා පොදු ආරක්ෂාව සඳහා සාමය තහවුරු කිරීමට, පොදු සමෘද්ධිය සඳහා සංවර්ධනය යළි ප්‍රබෝධමත් කිරීමට සහ විවිධ ශිෂ්ටාචාරවල සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා වන ඒකාබද්ධ උත්සාහයක අවශ්‍යතාවද මතු කළේය.
මෙවර බ්‍රික්ස් සමුළුව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රධානත්වයෙන් රුසියාවේ කසාන්හිදී පැවැත්වෙයි.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගාසා තීරයට සටන් විරාමයක් ඕනෑ - චීන ජනපති බ්‍රික්ස් නායකයන්ට කියයි