IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ගැහැනුන්ට නින්ද නැතිව බෑ

පිරිමින්ට වඩා ගැහැනුන්ට නින්ද අවශ්‍යයැයි ඇමෙරිකානු පර්යේෂකයෙන්  පවසයි. ගැහැණිය පිරිමියාට වඩා විවිධ වැඩකටයුතු රාශියක් දිනකට කරන බැවින් ඇයගේ මොළය යථා තත්ත්වයට පත්වීම සඳහා බොහෝ වේලාවක් නිදා ගැනීමට අවශ්‍ය බවයි. උතුරු කැරොලිනා හි ඩියුක් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පවසන්නේ නින්ද ගැන තැකීමක් නොකැන කාන්තාවන් අවපීඩනයෙන් හා අධික ලෙස තරහයාම වැනි මානසික රෝග වලින් පීඩා විදින බවයි. නමුත් ලෝක විද්‍යා වාර්තා පෙන්වා දෙන්නේ පුරුෂයන්ට නින්ද අඩුවුව ද එවැනි තත්ත්වයක් ඇති නොවන බවයි.

නින්ද අඩුකම හේතුවෙන් හෘදයාබාධ තත්වය ඉහළ යෑම, මානසික සෞඛ්‍ය ප්‍රශ්ණ, ආඝාතය සහ ශරීරය ඉදිමුම සමග දැවිල්ල වැනි තත්ත්වයන් ඇතිවෙයි. නින්ද පිලිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්වු මිචෙල් බ්‍රවුස් විශ්වාස කරන්නේ නින්ද අඩු කාන්තාවන් ශරිරය ඉදිමු ම සමගින් දැවිල්ල වැනි කායික වේදනා විදින බවයි. කෙසේ වෙතත් ටික වේලාවක් නිදා ගැනීමෙන් මෙවැනි ප්‍රශ්න වලින් ඈත් වී සිටීමට කාන්තාවන්ට හැකියාව ලැබෙන බව ද පර්යේෂකයන් පෙන්වාදෙයි. මේ කෙටි නින්ද මිනිත්තු 90ක් පමණ වඩා වැඩි නොවිය යුතු බව ද ඔවුන් පවසයි. ඊට වඩා වැඩි කාලයක් නිදා ගතහොත් නිදිබර ගතිය ඇතිවිය හැකි බව ද ඔවුන් පෙන්වාදෙයි.

නින්ද පිලිබඳ පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ලොග්බොරො සරසවියේ මහාචාර්ය ජිමි හෝර්න් පවසන්නේ නින්දේ දී සිදුවන එක්  ප්‍රධාන කාර්යක් වන්නේ මොලයේ ගෙවිගිය කොටස් නැවත අළුත්වැඩියා කිරීමට ඉඩදිම බවයි. තද නින්දේදී මොළයේ සිතීම, මතකයේ තබා ගැනීම සහ භාෂාව වැනි තත්වයන්ගේ දැනීමේ ශක්තිය මුදවාලන බවත් එමගින් ඒවා  නැවත ලබා ගත හැකි ආකාරයට පත්වන බවත් පර්යේෂකයන් පවසයි.

 

 



අදහස් (0)

ගැහැනුන්ට නින්ද නැතිව බෑ

ධම්ම Sunday, 29 December 2013 04:10 PM

ගැහැණු නිදාගන්න තරමට හොඳයි. කනක් ඇහිලා ඉන්න පුළුවන්. අපේ එක්කෙනා දන්නේ නැහැ මා මේ නමින් ලියන වග.(නදී)

:       0       0

බන්දුල Monday, 30 December 2013 01:54 PM

ධම්ම, ඔයා හරියටම හරි. අපේ එක්කෙනත් දන්නේ නැහැ මම මේ නමින් ලියන වග. නැති නම් කපෝති. (නදී)

:       0       0

අල්විස් Sunday, 29 December 2013 07:23 PM

ඔය කෙහෙල්මල් මොකුත් නෙවෙයි. ගැහුණු කැමතිම නිදිය ගන්න.(නදී)

:       0       0

මොහොමඩ් Monday, 30 December 2013 03:43 PM

ඔව් මේක හරි මගේ බිරිඳ මම වැඩ ඇරිලා එනකන් කන්නේ නැතුව නිදි මරාගෙන ඉන්නවා. දැන් එයා ගෙදර කචල්කාරියක්. හරියට තරහ යනවා. ඔය කියන ලෙඩ හැම දෙයක්ම තියනවා. නින්ද ගැහැණු කට්ටියට පිරිමින්ට වැඩිය අවශ්‍යයි. මම කන පරිප්පුව මේගොල්ලන් දැක්කා නම් මෙහෙම ලියන්න් නැහැ.(නදී)

:       0       0

මධු Tuesday, 31 December 2013 12:40 PM

ඔය පිරිමින්ගේ තියෙන ඊර්සියව තමයි (ත)

:       0       0

අසෝකා Sunday, 29 December 2013 04:24 AM

ඇමරිකාවෙන් කියල කිව්වොත් ඕනේ හිසරදයක් ඉසමුදුනෙන් පිළිගන්න අය ඉන්න කම් හොදයි. (අ)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 29 December 2013 12:39 PM

දොයි..දොයි..දොයි..දොයිය බබා..බයි බයි..බයී..බයිය..බබා.(නදී)

:       0       0

අනුර ගුණවර්ධන Sunday, 29 December 2013 01:20 PM

අසෝකා ඔයාට ඕක ලියන්න පුළුවන් උනෙත් ඇමරිකාව හින්දනේ. නැත්නම් ඔයාට කොලේක ලියලා පාරේ තියන තප්පෙක තමයි ඔය අදහස පලකරන්න වෙන්නේ.(නදී)

:       0       0

අසෝකා Monday, 30 December 2013 11:51 PM

ඔයාගේ කතාවෙත් අත්තක් තියෙනවා අනුර මහත්මයෝ, මොකද අපේ රටේ කොයි තරම් දක්ෂ අය හිටියත් ඒ අයගේ මොලයෙන් අපේ රටට ප්‍රයෝජනයක් ගන්න දෙන්නේ නැහැනේ ඔයාල වගේ අය ඉන්න කම්ම.(නදී)

:       0       0

කවිඳු Monday, 30 December 2013 12:18 PM

නැගිටලා ඉන්නකොට කොහොමත් කෙල්ලොන්ගේ මොලේ කචල්නේ. නිදා ගන්න වෙනවා යතා තත්වයට පත් කර ගන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 211 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 168 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 426 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 68 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 78 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 498 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 558 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 760 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2135 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site