චීනයට අයත් යැයි සැක කෙරෙන ඇමෙරිකාවට පැමිණ ඔත්තු බැලීම් කරනවා යැයි ඇමෙරිකන් ආරක්ෂක අංශ පවසයි. ඉතා ඉහළ අහසේ සැරිසරන මෙම බැලූනය අවසන් වරට දකින්න ලැබී ඇත්තේ ඇමෙරිකාවේ මොන්ටැනා ජනපදයේ බිලින්ග්ස් නගරයට ඉහළිනි.
ඇමෙරිකා රජයට සහ ආරක්ෂක අංශවලට අයත්, ගොඩනැගිලි සහ ස්ථානවලට ඉහළින් යමින් මෙම බැලූනය ඔත්තු බැලීමේ කටයුතුවල නියැලෙන බව පැවැසෙයි.
බැලූනයට පහර දී බිම දැමීමට ඇමෙරිකන් ආරක්ෂක අංශ සූදානමින් සිටී.
කෙසේ නමුත්, බැලූනයේ කොටස් නගරවලට පතිත වීමෙන් අනතුරක් සිදුවිය හැකි බැවින්, පහර දීමක් නොකර බැලූනය ගැන විමසිල්ලෙන් සිටින බව ද ආරක්ෂක අංශ පැහැදිලි කර තිබේ.
චීනය මේ සම්බන්ධයෙන් කිසිවක් පවසා නැත. එසේ වුවත් ඇමෙරිකන් ආරක්ෂක ප්‍රධානීන් චීන බලධාරීන්ට බැලූනය ගැන පවසා ඇතැයි ද වාර්තා වේ.
ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලියොඩ් ඔස්ටින් සහ ඇමෙරිකන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මාර්ක් මයිලි මෙම බැලූනය සම්බන්ධයෙන් ඇමෙරිකන් ආරක්ෂක අංශ ප්‍රධානී හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
ඔවුන් බැලූනය සම්බන්ධයෙන් සියලු තොරතුරු ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ට ද ලබා දී ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මේ අතර ඇමෙරිකාවේ අසල්වැසියා වන කැනඩාව ද පවසා ඇත්තේ එරට ගුවන් සීමාවට ද ඔත්තු බලන බැලූනයක් පැමිණ ඇති බවය.
කැනඩා ආරක්ෂක අංශ පවසා ඇත්තේ එරට ගුවන් සීමාවට බැලුනය ඇතුළු වූයේ ඇලෙක්ස්කාවට අයතක් ඇලියුටීන් දූපත් පසුකරමින් බවය.
(ඒ.එෆ්.පී.)
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු සහ කැනඩාව ඇමෙරිකාවේ ජනපදයක් බවට පත් කර ගැනීමේ තීන්දු තීරණ මධ්‍යයේ කැනඩාවේ මහ මැතිවරණය පැවැත්වුණු අතර, එ
ඉන්දු කාශ්මීරයේ පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තාන ‘යූ ටියුබ්’ නාළිකා රැසක්, ඉන්දියාවේ තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත. ඒ, එම පාකිස්තාන ය
නව පාප්වහන්සේ තෝරාපත් කර ගැනීම සඳහා වන කාදිනල්වරුන්ගේ රහසිගත හමුව සහ ඡන්ද විමසුම ලබන 5 වැනිදා හෝ 6 වැනිදා පැවැත්වෙනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක ද
රුසියන් යුක්රේන යුද්ධයේ දී තමන්ගේ සහාය රුසියාවට ලබා දෙන බවත්, තම හමුදා රුසියන් හමුදා සමඟ එක් වී, යුක්රේන හමුදා සමඟ සටන් වදින බවත් උතුරු කොරියාව නිල වශයෙ
කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ විය. ඒ, එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
චීන බැලූනයක් ඇමෙරිකාවේ ඔත්තු බලනවා
pakeer Friday, 03 February 2023 02:53 PM
චිචී උඩ යවපු එක වෙන්න බැරිද?
chichi Saturday, 04 February 2023 02:07 AM
අපේ රටේත් කට්ටිය ඕක යවන්න ඉඩ දුන්නෙ ෆ්‍රී ෆ්යිෆියි( Free WiFi ) දෙන්න යනවා කියලයි අපේ ඇත්තු රවටල...