‘කොවිඩ් 19’ වයිරසයට සමාන, ස්වසන අපහසුතා ඇති කරන Human metapneumovirus (HMPV) වයිරස උණ රෝගයක් ඉතා ශීඝ්‍රයෙන් චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින බවත්, රෝගීන්ගෙන් රෝහල් පිරී යෑමට පටන් ගෙන ඇති බවත් ඉකොනොමික්ස් ටයිම්ස් පුවත් අඩවිය උපුටා දක්වමින් ඩේලි මිරර් පවසයි.
මෙම වයිරසය සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ද පුවත් පැතිර යෑමට පටන් ගෙන ඇත. රෝහල් උණ රෝගීන්ගෙන් පිරී ඇති අයුරු දැක්වෙන වීඩියෝ දසුන් ද මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී ඇත.
චීනයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ සූදානමක් ද පවතින බව පැවැසෙයි. තහවුරු නොවුණත් ලැබෙන වාර්තා අනුව, මෙම වයිරසය ඉන්ෆ්ලුවෙන්සා, කොවිඩ් 19 ඇතුළු වයිරස කීපයක් මිශ්‍රවී නිර්මාණය වූ නව වයිරසයක් යැයි බියක් පවතී.
කෙසේ නමුත් වයිරස ව්‍යාප්තියක් ගැන චීන සෞඛ්‍ය අංශ මෙතෙක් කිසිවක් පවසා නැත.
චීනය තුළ පැතිර යමින් පවතින බව කියන වෛරස් තත්ත්වයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව මෙරට වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඩේලිමිරර්
උතුරු චීනයේ, හෙබෙයි පළාතේ, චෙන්ග්-ඩේ නගරයේ වැඩිහිටි නිවාසයක ගින්නන් හටගත්තේය. ගින්නට හසුවීමෙන්, 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.
කැරිබියානු රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ, සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී 80
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය හැර සෙසු රටවල් සඳහා පැනැවූ තීරු බදු සඳහා දින 90 ක විරාමයක් ප්‍රකාශ කිරීමත් සමඟ ආසියා පැසිෆික් කොටස් වෙළෙඳපොළ අග
බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඇමෙරිකාවට පැමිණ තම සමාගම් ආරම්භ කරන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනග්ඩ් ට්‍රම්ප් විදෙස් සමාගම්වලින් ඉල්ලා ඇත. එසේ කරන්නේ නම්, ඒ සමාගම්වලට කිසිදු බදු මුදල
පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තමන් සූදානම් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. මෙය පලස්තීන වැසියන්ගේ අයිතීන් සුරැකීමට හේතුවක් වන
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
චීනයේ තවත් කොරෝනා වයිරසයක්
sathyapala Saturday, 04 January 2025 01:28 AM
මේ වයිරසය ගැන ප්‍රවුර්ති අන්තර්ජාලයේ හොයලා බලපුවාම ඉන්දියාවේ පුවත් ආයතන පමණයි. මේ ගැන මහා හඩක් නගන්නේ. ලෝකයේ ප්‍රසිද්ධ ප්‍රවුර්ති ආයතන කිසිවක් මේ ගැන ලොකු කලබලයක් හෝ හඩ නැගීමක් නෑ. අරුගම්බේ ප්‍රදේශයේ ප්‍රහාරයක් එල්ලවෙනවා කියමින් අපේ රටේ සංචාරක කර්මාන්තය බිඳ දමන්නට කවුරුන් හෝ කළා මෙන් චීනයේ ආර්ථිකය කඩා දමන්නට කරන බියගැන්වීමක්ද කියලත් සොයා බලන්න ඕනේ. HMPV කියන වයිරසය අලුත් එකක් නොවෙයි. ඒ ගැන අන්තර්ජාලයේ පෙර සිටම තොරතුරු තිබෙනවා...
බද්රානි Saturday, 04 January 2025 02:31 PM
අපෝ! අපි නම් ඔය වයිරස් වලට බය නැහැ. ඒ කාලේ කොවිඩ් වලට හදපු පැණියක් අපි ළඟ තියනවා. ඒක බිව්වාම ඔය කියන කිසිම වයිරසයකින් අපිට හානි වෙන්නේ නැහැ. ඒ වුණාට කෝකටත් කියලා සෞඛ්‍ය ඇමැතිතුමා ගඟකට මුට්ටියක් දෙකක් අත හැරියා නම් හොඳයි. ඒ විතරක්ද..., දැන්මම ඉඳලා හෝටල් නිරෝධානයට ලැහැස්ති කරලා, විදේශගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ගානක් කඩා ගන්න සැලසුම් කලොත්, නරකද? මුදල් අතේ නැති ශ්‍රී ලාංකිකයින්ට මේ රට වහලා එහෙටම වෙලා ඉන්න කියන්නත් පුළුවන්. ඇන්ටිජන් කට්ටලෙන් ගාන අතට එන එක ගැන හීන මවනවා ඇති අර හාදයා...
ජගත් ලියනගේ Saturday, 04 January 2025 02:37 PM
ඖෂධ නිෂ්පාදකයින් පොහොසත් කිරීම සඳහා, මිනිසා විසින්ම නිර්මාණය කරන වෛරස ඕවා...
රුවන් Saturday, 04 January 2025 05:37 PM
දෙරණ දිලිත් ජයවීර නම් දැනටමත් ලැස්තිවෙලා ඇති හොර ගේම්වලට. මතකයිනේ ගියපාර කරපුවා..!
Mohan Saturday, 04 January 2025 06:12 PM
මම අවුරුදු දාසයක් විතර චීනයේ උතුරු ප්‍රදේශය ඉන්නේ. මෙහෙම කියන තත්ත්වයක් නෑ. සාමාන්‍යයෙන් චීනයේ මේ කාලයේදී සෙම රෝගවල කිසියම් වැඩිවීමක් තියෙනවා. මෙය ඉන්දියානු පහත් මාධ්‍ය වලින් ප්‍රකාශ වන කුමන්ත්‍රණයක්...