IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


චීනය බලු මස් කන්න සැරැසෙයි

වසරේ දිගුම දිනය හෙවත් ‘‘සූර්යනිවෘන්ති‘‘ (සොල්ස්ටිස්) දිනය අත ළග හෙයින් එය සැමරීම සදහා මහා පරිමානයෙන් බල්ලන් එක් රැස් කිරීම චීනයේ දැනටමත් ආරම්භ වී ඇත.

මෙම එක්රැස් කරගන්නා සුනඛයින් අවසානයේ මරා දැමෙන අතර එම මස් අනුභව කිරීමෙන් සීත සෘතුව සුවෙන් ගත කළ හැකි යැයි චීන ජාතිකයෝ විශ්වාස කරති.

මේ විශ්වාසයේ එල්බ ගෙන සිටින්නවුන් බලූ මස් කෑමෙන් යෙදෙනුයේ කිලෝ ගණනිනි.බලූ මස් මිලදී ගැනීම සදහා වෙනම වෙළද සල්ද මේ සමයෙහි චීනයේ ඉදිකෙරේ.

කෙසේනමුත් අතීතය හා වර්තමානය සැළකීමේදී ගෝලීයකරණයත් සමග චීන ජාතිකයින් බොහෝ දෙනා මෙවැනි චාරිත‍්‍ර පිළිකෙව් කරති.විශේෂයෙන් තමන්ගේම යැයි සුරතලූන් ඇතිකරන පුද්ගලයෝ මෙවන් චාරිත‍්‍ර විධි අනුගමනය කිරීමෙන් වැළකී සිටින්නෝය.

චීනයේ සිදුවන මේ මහා සත්ත්ව සංහාරය සත්ත්ව හිමිකම් සම්බන්ධයෙන් පෙනී සිටින සංවිධානයන්ගේද අවධානය දිනා ගෙන ඇත.මෙනිසාම වසරක් පාසා සූර්යනිවෘන්ති දිනය ළං වෙද්දී ඔවුහු නොයෙකුත් ආකාරයේ විරෝධතා සංවිධානය කරති.

මෙවන් සංවිධාන වල විරෝධතා නිසා චීනයේ බොහෝ ප‍්‍රදේශවල මෙවන් චාරිත‍්‍ර විධි දැනට කි‍්‍රයාත්මක වන්නේ නැත.

කෙසේවුවද චීනයේ සිටින චාරිත‍්‍ර විධි ගැති ජන කොට්ඨාශය කිසියම් සංවිධානයක් කියූ පමණින් තම පුරුදු අත්හැරීමට සූදානම් නැත.මෙවර ඔවුන් කර ඇත්තේ සූර්යනිවෘන්ත දිනයේදී විවිධ සංවිධානයන් තමන්ගේ සතුටට බාධා කිරීමට පැමිණෙන හෙයින් එම දිනයට කලින්ම ඇති පදම් මස් අනුභව කිරීමයි.

සත්ත්ව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ මෙසේ සුනඛයින් මරා අනුභව කිරීම කිසිදු ප‍්‍රමිතියක් අනුව සිදුනොවන්නක් බැවින් විවිධාකාරයේ ලෙඩ රෝග ඇතිවීමේ අවදානමකටත් චීන ජාතිකයින් මුහුණ දෙන බවයි.තමන් පෙනී සිටින්නේ සතුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වුවත් මිනිසුන්ට වන හානිය ගැනද සැළකිලිමත් බව එම සංවිධානයන් කියයි.

 



අදහස් (0)

චීනය බලු මස් කන්න සැරැසෙයි

බණ්ඩාර Saturday, 21 June 2014 12:43 AM

ජීවක බොහෝ චීන අයට ආගමක් නෑ... සමහරු බෞද්ධ..බොහෝ අයගේ ආගමත් කොමියුනිස්ට්.. (දී)

:       0       0

සීතා Saturday, 21 June 2014 08:41 PM

මමත් බලු මස් කාලා තියෙනවා . අනෙක් මස් එක්ක වෙනසක් නැහැ. නමුත් ඉතා ගුණ කෑමකි. (ස)

:       0       0

ජීවක Sunday, 22 June 2014 09:59 PM

බණ්ඩාර පින්වත,එහෙමවත් කියලා හිත සනසා ගනිමු නේද? (නි)

:       0       0

සේරම් Monday, 23 June 2014 04:40 PM

මෙන්න අපේ රටේ ළඟම යාළුවගේ හැටි . මෙයාව ලං කරගෙන හිටියොත් අපිටත් ළඟදීම අපිවම කාගන්න වෙයි .(දී)

:       0       0

ජානක Friday, 20 June 2014 04:40 PM

බල්ලන්ගේ ජරාවත් කන උෟරන්ව අපි කනව. චීන්නු බල්ලෝ කෑවම මොකද?

:       0       0

නිහාල් ප්‍රනාන්දු Saturday, 21 June 2014 12:54 PM

චීන්නු ඕනෑම දෙයක් කනවා. ඔවුන් කෘතීම කිකිළි බිත්තර නිෂ්පාදනය කරනවා. මිනිස් කලලරුප සුප් අනුභව කරනවා. ලිංගික උත්තේජනය සඳහා දුර්ලබ සතුන්ගේ මස් ගිලිනවා. ඉන්දියාවේ ඇතැම් අය අසුචිත් කන එකේ ඕක මොකක්ද? (අ)

:       0       0

කමනි Friday, 20 June 2014 04:55 PM

අනේ මෙච්චර දියුණු ලෝකෙක මෙහෙමත් මොඩයින් තාම ඉන්නවා නේද? (ස)

:       0       0

ඉසුරන්දි Saturday, 21 June 2014 01:28 PM

මිනිමස් කන මිනිස්සුත් ඉන්න එකේ බල්ලව කන එක අහන්න දෙයක්ද.අනේ දෙයියනේ ඔය වසංගත විසබීජ අපේ රටටනම් ගෙන්න දෙන්න එපා මතු භවයකදිවත් (අ)

:       0       0

සමන් Friday, 20 June 2014 05:04 PM

බලු මස් ක‍ෑවහම මොකද වෙන්නේ? අනෙක් මස් එක්ක ගත්තහම එච්චර වෙනසකුත් නැහැනේ (නි)

:       0       0

රංග Saturday, 28 June 2014 04:19 PM

එහෙම කාපුදෙන් මෙහෙටනම් එපා (දී)

:       0       0

බමුණු Saturday, 21 June 2014 06:19 AM

මිනිසුන් කන්න පුරුදු වෙලා තිබෙන්නේ මස් නොකන සතුගේ මස් නේද? (නදී)

:       0       0

කල්ප Sunday, 22 June 2014 11:41 PM

පවු අසරණ සත්තු (නි)

:       0       0

කමල් Sunday, 22 June 2014 11:41 PM

අපි මොනවා කරන්නද ඉතින්? (නි)

:       0       0

සිරා Saturday, 21 June 2014 02:18 PM

මම ආසම කරන සුරතල් සතා බල්ලා. බල්ලා තරම් විස්වාසවන්ත සතෙක් තිය මිනිසෙක් වත් නැහැ. (අ)

:       0       0

ලලිත් - එස්.එල් Friday, 27 June 2014 12:30 PM

ශාන් බළලා මිනිසාගේ මිතුරා. එතකොට කිරි හරකා ට කියන්නේ කිරි අම්මා කියල නේද ? ඒ සතාට මොකද වෙන්නේ අපේ රටේ දී. (නදී)

:       0       0

ශාන් Monday, 23 June 2014 12:33 AM

මිනිසාගේ පරම (අතිජාත ) මිතුරාට අත්වූ ඉරණම? (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 25 June 2014 10:30 PM

අපෝ චීනයට බනින්න එපා හදිසියේ උදහස් උනොත්.(දී)

:       0       0

හර්ෂණ Friday, 20 June 2014 12:28 PM

චීන්නු කියන්නේ ඕනෙම දෙයක් කන්න පුළුවන් ජාතියකට. මම දැක්කා සර්පයන් හම ගහලා ඩෙවල් එකක් වගේ රස කර කර කනවා. බලු මස් කෑම අනාදිමත් කාලයක ඉදන් එන චීන සිරිතක්.(නදී)

:       0       0

සමන්ති Sunday, 22 June 2014 06:23 AM

සත්ව මස් අනුභවය සංස්කෘතිය අනුව වෙනස් වෙනවා. මෙහෙ ඌරු මස් අනුභව කරන්නේ. කුකුලා , උෟරා ඇතුළු බොහෝ සතුන් විෂ සහිත සර්පයන් ආහාරයට ගන්නවා. අපි ඒවා අනුභව කරනවා නේද ?(නදී)

:       0       0

සෝමදාස Saturday, 21 June 2014 08:22 AM

චීන ජාතිකයින්‍ නොයෙකුත් සතුන් සර්පයින් කෘමින් ආහාර වශයෙන් ගන්නවා. සීසීටීවී චන්ද්‍රිකා රෑපවාහිනී වැඩසටහන් වලින් මේවා ලංකාවෙ අපට බලාගන්න පුලුවන්. (අ)

:       0       0

ජගත් Monday, 23 June 2014 06:55 PM

චීනයට බල්ලන් අපනයනය කරන්න වැඩපිළිවෙළක් සකස් කළොත් නරකද? (නි)

:       0       0

සෙනෙවි Friday, 20 June 2014 01:11 PM

චීන්නු ගැන නම් මොන කතාද,මම දවසක් චිත්‍රපටයක් බැලුව. එ්කේ තියනවා කෙනෙක් අනිත් කෙනාගේ කටට මල පහ කරනවා, (ස)

:       0       0

අචල Friday, 27 June 2014 02:32 PM

අහිංසක සත්තුන්ට නිදහසේ ඉන්න දෙන්නේ නැති මේ වගේ මිනිස්සුන්ට ඕවා පටිසන් දෙනවා කවද හරි (දී)

:       0       0

සුපුන් Saturday, 21 June 2014 04:42 PM

බණ්ඩාර මම චීනයේ කලක් ජීවත් උන කෙනෙක්. මම මෙහෙම දේවල් දැකල තියෙනවා. එක ඒ අයගේ සංස්කෘතිය. එත් දැන් හුග දෙනෙක් මේවගේ දේවල් කරන්නේ නැ. සතුන්ගේ මස් කනවනම් මොන සතා කෑවත් ඒක පව්. (දී)

:       0       0

ඩැනියල් Saturday, 21 June 2014 04:46 PM

බලු මස් මොකද කුකුල් මස් මොකද (දී)

:       0       0

නිසා Thursday, 26 June 2014 01:31 PM

මලු හෝ මස් කියන්නේ මිනි . ඔය දෙකම කන කෙනාට බලුමසුත් තව මසක් විතරයි . පිළිකුල් කරන කෙනා මස් හෝ මලු කන්නේ නැහැ . හොදම දේ ඔයදෙකම නොකා ඉන්න එක (දී)

:       0       0

රොෂාන් Friday, 20 June 2014 02:09 PM

මාතර ඉඳන් කතරගමට දාන රේල් පාර හදන්න ඇවිත් ඉන්න චීන්නු ගෙන් ඒ පැත්තේ බල්ලෝ, පුසෝ, හරක් බේරා ගන්නේ බොහොම අමාරුවෙන් කියල මාතර ඉන්න මගේ යාලුවෙක් කිවුවා. හැබැයි හරක් හොරකම් කරලා පොලිසියට මාට්ටු වෙච්ච චීන්නු නම් දැන් හිරගෙවල් වල ඉන්නවා. (ස)

:       0       0

සමන් Friday, 20 June 2014 02:29 PM

සෙනෙවි, ඔයා බලපු චිත්‍රපටය කී වෙනි මණ්ඩලයේ එකක්ද? (නදී)

:       0       0

රියල් Friday, 20 June 2014 09:15 PM

ජනක ඔබ සියයට සියයක් හරි (අ)

:       0       0

මරිනා Tuesday, 24 June 2014 04:18 PM

හරිම පව්කාර ජාතියක් නේද? ඕවට ලගදීම දඬුවම් ලැබෙයි. (ස)

:       0       0

මාලක Sunday, 22 June 2014 11:00 AM

සුපුන්, එතකොට කන්නේ මොනවාද ???????? (දී)

:       0       0

ජීවක Friday, 20 June 2014 09:47 PM

චීන්නු බෞද්ද නේද? (දී)

:       0       0

සසික Monday, 23 June 2014 09:28 AM

කුකුළා, හරක, ඌරා, සර්පය, ගෙම්බා, කියල වෙනසක් නෑ, අපිට සර්පයො බල්ලො ගෙම්බො පනුවො හුරු පුරුදු නැති නිසයි අප්පිරිය., මොන සතාගෙත් තියෙන්නෙ පණයි, මෙහෙ කුකුල්ලු හරක් ගිල ගිලම. තමන්ට උපතින්ම නුහුරු කෑමක් කන චීන්නුන්ට බනිනව නම් එතන වරද තියෙන්නේ බනින කෙනාගෙ ඔලුවෙයි,.(අ)

:       0       0

හේතුක සෙනෙවිරත්න Friday, 27 June 2014 09:42 AM

බලුමස් කාපුවාහම එලිවෙනකම් දාඩිය දානවාලු. යටපතුල දැවිල්ලයිලු. මගේ යාලුවෙක් කොරියාවේ ඉදන් කිව්වා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 250 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 208 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 588 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 76 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 84 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 509 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site