අර්බුද වලට මුහුණ පා සිටින සංවර්ධනය වෙමින් පවතින රටවල් 22 ක් එම අර්බුද වලින් ගොඩ ගැනීම සඳහා 2008 සහ 2021 වසර තුළ චීනය, ඇමෙරිකන් ඩොලර් බිලියන 240 ක මුදලක් එක් මාවතක් එක් තීරයක් ව්‍යාපෘතිය යටතේ යටිතල පහසුකම් වර්ධනය කිරීම සඳහා ලබා දී ඇතැයි ප්‍රකාශයට පත් කළ අධ්‍යයන වාර්තාවක දැක්වෙයි.
ඉන් සියයට 80 ක ප්‍රමාණයක්, 2016 සහ 2021 වසර කාලය තුළ ප්‍රධාන වශයෙන් ආර්ජන්ටිනාව, පාකිස්තානය සහ මොංගෝලියාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබා දී ඇති බව ද අධ්‍යනය සිදු කළ පර්යේෂකයන් පවසා ඇත.
චීනය සංවර්ධනය වෙමින් පවතින රටවල යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා බිලියන ගණනක් ලබා දී ඇතත්, 2016 වසරෙන් පසු ව්‍යාපෘති බොහොමයක් අසාර්ථක වී ඇති බවත් චීනය බලාපොරොත්තු වූ ලෙස ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකි වී ඇති බවත් අධ්‍යයන වාර්තාව පෙන්වා දී තිබේ.
ණය අර්බුදයෙන් පීඩා විඳින රටවල් චීනය ලබා දී ඇති ණය අතරින් ආර්ජන්ටිනාවට, ඇමෙරිකානු ඩොලර් බිලියන 111.8ක්, පාකිස්තානයට ඇමෙරිකානු ඩොලර් බිලියන 48.5 ක් සහ ඊජිප්තුවට ඇමෙරිකානු ඩොලර් බිලියන 15.6 ක් ලබා දී ඇති අතර රටවල් 9 කට ලබා දී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියනයකට වඩා අඩු මුදලක් බව අධ්‍යයන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.
එසේම චීන මහජන බැංකුව විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ ඇමෙරිකානු ඩොලර් බිලියන 170 ක මුදලක් සුරිනාමය, ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව ඇතුළු රටවලට ලබා දී ඇතැයි එම වාර්තාවේ සඳහන් වෙයි.
එසේම චීන රාජ්‍ය බැංකු කෙටි කාලීන මූල්‍ය පහසුකම් යටතේ ඇමෙරිකානු ඩොලර් බිලියන 70 ක මුදලක් අර්බුද වලින් පීඩා විඳින සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබා දී ඇතැයි එම වාර්තාවේ සඳහන් වී තිබේ.
(රොයිටර්)
ඉන්දු කාශ්මීරයේ පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තාන ‘යූ ටියුබ්’ නාළිකා රැසක්, ඉන්දියාවේ තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත. ඒ, එම පාකිස්තාන ය
නව පාප්වහන්සේ තෝරාපත් කර ගැනීම සඳහා වන කාදිනල්වරුන්ගේ රහසිගත හමුව සහ ඡන්ද විමසුම ලබන 5 වැනිදා හෝ 6 වැනිදා පැවැත්වෙනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක ද
රුසියන් යුක්රේන යුද්ධයේ දී තමන්ගේ සහාය රුසියාවට ලබා දෙන බවත්, තම හමුදා රුසියන් හමුදා සමඟ එක් වී, යුක්රේන හමුදා සමඟ සටන් වදින බවත් උතුරු කොරියාව නිල වශයෙ
කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ විය. ඒ, එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
චීනය ව්‍යාපෘතිවලට ඩොලර් බිලියන 240 ක් වැය කරලා