නැගෙනහිර චීනයේ ෂැන්ඩොන්ග් පළාතේ පොලීසිය විසින් ලදරුවන් ජාවාරම් කරණ ස්ථානයක් වටලා ළදරුවන් 37 දෙනෙක් සහ වයස අවුරුදු 3 ක් වූ ගැහැණු ළමයෙක් බේරාගත් බව චීනයේ රාජ්‍ය රූපවාහිනියක් වන චයිනා සෙන්ට්‍රල් රූපවාහිනිය පවසයි.
මෙහි වැඩිපුර විකිණීමට ඇත්තේ එච්.අයි.වී ආසාදිත හෝ මන්දපෝෂණයෙන් යුතු දරුවන් බව ද එම ආයතනය පෙන්වාදෙයි. ඔවුන් යුආන් 50,000 සිට 80,000 දක්වා (ඇමරිකානු ඩොලර් 8,000 සිට 12,912 ක් වේ ) මිලකට අළෙවි වේ. පිරිමි ළමයින් ගැහැණු ලමයින්ට වඩා මිලෙන් වැඩිය.
ජාවාරම සිදුවන ස්ථානයේ දී ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් 103 දෙනකු ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
චීනයේ මහජන ආරක්ෂාව පිලිබඳ අමාත්‍යාංශයේ දුෂණ ජාවාරම් කාර්යාලයේ අධ්‍යක්ෂක චෙන් ෂිකියු පැවසුවේ ළදරුවන් ජාවාරම් කිරීමේ අපරාධයන්හි ඒවා කෙරෙන ක්රමයේ නව ප්රවනතාවයන් ඇතිවි තිබෙන බවයි. උදාහරණයක් ලෙස ඔහු පෙන්වා දෙන්නේ සමහර අපරාධ කල්ලි විසින් ප්‍රසූතියට ආසන්න ගැබ්බර කාන්තාවන් පොදු ප්‍රවාහන සේවා උපයෝගි කරගනිමින් වෙනත් නගරවලට යවා ප්‍රසූතියෙන් පසු එම දරුවන් විකුණන බවයි.
චීන රජයේ නීතියට අනුව මෙවැනි ළමුන් ජාවාරමේ යෙදෙන්නන්ට වසර දහයක් දක්වා සිර දඩුවම් ලබා දීමට හැකියාව පවතින අතර මෙවැනි ආකාරයට ලමුන් තිදෙනෙකුට වඩා ජාවාරමේ යෙදී ඇති වැරදි කරුවන්ට මරණ දඩුවම ලබා දීමේ හැකියාව පවතී. චීන රජය ළදරුවන් ජාවාරම මැඩලීම සම්බන්ධයෙන් වඩාත් වැඩි සැලකිල්ලක් දක්වයි.
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
චීනයේ ළදරු ජාවාරමක් හෙළි වෙයි
අල්විස් Monday, 19 January 2015 09:32 AM
අපි කතා නොකළාට ලංකාවෙත් මේවා සුළු ප්‍රමාණයකින් සිද්ධ වෙනවා. අපේ ය ඔය ලොකුවට උඩදාගෙන නහින්න යන සුද්දෝ තමයි ඔය වැඩේ වගකියන්න ඕනේ. මුන්ගෙන් ළමයෙක්වත් තියාගන්න බැරුව කොහෙද රටක් බේරාගෙන ඉන්නේ? මේක මහපරිමාණයෙන් වෙන්නේ අන්තර්ජාලයෙන්. අනෙක තම දරුවන්ගේ පින්තුර ගැනීමට හෝ පලකිරීමට කාටවත් ඉඩදෙන්න එපා. මොකද ඒ පින්තුර වලින් තමයි උන් ඔය ගොඩක් නොහොබිනා වැඩ කරන්නේ. විශේෂයෙන් සංචාරකයෝ නිතර ගැවසෙන ප්‍රදේශ වල හොඳ සෝදිසියෙන් ඉන්න ඕනේ. යුරෝපා රටවල ළමයි බේරගෙන හදාගන්න පුදුම අමාරුයි. වයසින් අඩුවෙන්න වෙන්න දරුණුයි. එක නිසා ඒ සම්බන්ධව ඒ රටවල වෙනම පොලිස් කණ්ඩායම් පැය 24 පුරාම ( අන්තර්ජාල , දුරකථන..) ආදිය ගැන විමසිල්ලෙන් ඉන්නේ. (බ)