IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


චාවේස් නැති වෙනිසියුලාවක් කොහිද?

ලතින් ඇමරිකාවේ පෙරළිකාර නායකයා වශයෙන් හැඳින්වෙන වෙනිසියුලාවේ ජනාධිපති හියුගෝ චාවේස් පසුගිය ඉරිදා පැවැති ජනාධිපතිවරණයෙන් සිය ප‍්‍රතිවාදියා වූ හෙන්රික් කැප‍්‍රිලේස් පරදවා සිව්වැනි වරටත් ජනාධිපති ධුරයට තේරී පත්වූයේය. එක්සත් ජනපදයේ මූල්‍ය වෙළෙඳපොළ වන වෝල් ස්ටී‍්‍රට් හි නොමද සහාය ලත් හෙන්රික් ගැන විපක්ෂය විශාල බලාපොරොත්තු රැඳවුවද ඔහුට ලබා ගත හැකි වූයේ මුළු ඡුන්ද ප‍්‍රමාණයෙන් සියයට 44.97 ක් පමණි. චාවේස්ට මුළු ඡන්ද ප‍්‍රමාණයෙන් සියයට 54.42 ක් ලැබුණ ද 2006 වසරේ ජයග‍්‍රහණය හා සසඳා බලන විට මද පසුබෑමක් දක්නට ලැබිණ. ඔහු එම ඡන්ද විමසීමේදී සිය ප‍්‍රතිවාදියාට වඩා සියයට 25 ක වැඩි ඡන්ද ප‍්‍රමාණයක් ලබා ගැනීමට සමත් වූයේය. වැඩි ඡන්ද ප‍්‍රමාණයේ කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබුණද චාවේස්ට එරෙහිව දේශීය හා විදේශීය වශයෙන් පෙළ ගැසුණ දේශපාලන හා ආර්ථික බලවේග හා සසඳන විටත් වසර 14 ක් එක දිගට බලයේ සිටීම නිසා ඡන්දදායකයින් අතර ඇතිවන කලකිරීමත් සැලකිල්ලට ගැනීමේදී මෙම ජයග‍්‍රහණය සුළුපටු නොවේ. එමෙන්ම ඡුන්ද විමසීමේදී දුෂණ හා වංචා සිදුවූ බවට කිසිදු චෝදනාවක් තම ප‍්‍රතිවාදියාට ඉදිරිපත් කිරීමට නොහැකි වීමත් චාවේස්ගේ ජයග‍්‍රහණයකි. මෙම ඡන්ද විමසීම නිරීක්ෂණය කළ හිටපු ඇමරිකානු ජනාධිපති ජිමී කාටර් වෙනිසියුලාවේ ඡන්ද ක‍්‍රමය එක්සත් ජනපදයේ පවතින ක‍්‍රමයට වඩා නිරවද්‍ය වංචාවලට ඉඩක් නැති වැඩ පිළිවෙළක් ලෙස සහතික කළේය. මෙම මැතිවරණයට පෙර ගිය වසරේ මැද භාගයේදී චාවේස්ට පිළිකා රෝගය වැළඳීම නිසා තුන්වරක් ප‍්‍රතිකාර ගැනීමට සිදු විය. ඔහු ප‍්‍රතිකාර ලබාගත්තේ ඇමරිකානු සම්බාධක නිසා දශක ගණනාවක් තිස්සේ පීඩාවට පත්ව සිටින කියුබාවට ගොසිනි. සමහර නිරීක්ෂකයින් කියුබාවේ වෛද්‍ය ප‍්‍රතිකාර ගැන සැක පහළ කළද සිය දේශපාලන දැක්ම පෙරටු කර ගත් චාවේස් තෝරා ගත්තේ ඔහුගේ ඉමහත් ගෞරවාදරයට පාත‍්‍ර වී සිටින පිදෙල් කැස්ත්‍රෝගේ කියුබාවයි. චාවේස් ගේ රෝගී තත්ත්වය තම වාසියට යොදා ගත හැකි යැයි සිතු දක්ෂිණාංශික විපක්ෂය මෙවර ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට හැකිවනු ඇතැයි අනාවැකි පළ කර තිබිණ. බහු ජාතික සමාගම්වලට හා එක්සත් ජනපද මූල්‍ය ආධිපත්‍යයට එරෙහිව පෙනී සිටින චාවේස් වෙනුසියුලා දේශපාලනයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාවක්ද ඔවුන්ට තිබිණ. දේශීය හා විදේශීය ප‍්‍රාග්ධනයට නිදහසේ කි‍්‍රයාත්මක වීමට ඉඩක් නොමැති වෙනිසියුලාවේ ආර්ථිකය ඉක්මනින්ම බිඳවැටෙන බවට අනාවැකි පළ කිරීමද නිතර දක්නට ලැබිණ. ඇමරිකානු සම්බාධකවලට ලක්වීම නිසා ඩොලර් වැනි මුදල්වලින් තෙල් මිලදී ගත නොහැකි කියුබාව වැනි රටවලට භාණ්ඩ හුවමාරු කර ගැනීමේ ප‍්‍රතිපත්තියක් යටතේ තෙල් සැපයීම නව වෙළෙඳ පොළ විශ්ලේෂකයින් හැඳින්වූයේ සම්පත් අපතේ යැවීමක් ලෙසිනි. වෙනිසියුලාවේ දක්ෂිණාංශය නියෝජනය කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී එකමුතුව පක්ෂයේ නායක හෙන්රික් කැප‍්‍රිලේ සිය ඡුන්ද ව්‍යපාරයේදී යොදා ගත්තේ මෙම චෝදනා හා විවේචනය ජනසතු කරන ලද තෙල් කර්මාන්තය අකාර්යක්ෂම අදුරදර්ශී පාලනයකට යටත්ව ඇතැයි හෙන්රික් හෙළා දුටුවේය. රටේ අපනයන ආදායමෙන් සියයට 95 ක්ම ලැබෙන්නේ තෙල් කර්මාන්තයෙන් නිසා එය දුර්වල වීමෙන් රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමේ අනතුරක් පවතින බවද ඔහු අවධාරණය කළ බවත් වැදගත් කාරණයකි. ඡුන්ද විමසීම ආසන්නයේදී එක් තෙල් පිරිපහදුවක හටගත් හදිසි ගින්න පවතින ආකාර්යක්ෂම පාලනයට නිදසුනක් සේ දැක්විණි. ඊට අමතරව වෙනිසියුලාවේ අගනුවර වන කරකාස් හි හා වෙනත් ප‍්‍රදේශවල උත්සන්න වී ඇති අපරාධ රැල්ල හා දුෂණයද චාවේස්ගේ දුර්වල හිතුවක්කාර පාලනයේ ප‍්‍රතිඵලයක් සේ දැක්වීමට ඔහුගේ විරුද්ධවාදීන් පසුබට වූයේ නැත. එක්සත් ජනපදයේ ආධිපත්‍යයට එරෙහිව වාමාංශික නැඹුරුවකින් යුත් ලතින් ඇමරිකානු රටවල් අතර සහයෝගිතාව වර්ධනය කිරීමේ උත්සාහයද චාවේස්ගේ විරුද්ධවාදීන් දුටුවේ සම්පත් අපතේ යැවීමක් ලෙසිනි. ඉහළ යන අපරාධ රැල්ල හා දුෂණය වැනි චෝදනාවල සත්‍යතාවක් තිබෙන නිසා මෙවර චාවේස් පරාජය කිරීම පහසුවනු ඇතැයි ඔහුගේ විරුද්ධවාදීන් තක්සේරු කිරීම පුදුමයට කරුණක්ද නොවේ. තෙල් සම්පතින් ලොව ඉහළම තැනක සිටින වෙනිසියුලාව මීට දශකයකට පමණ පෙර ලොව දුප්පත්ම රටවලින් එකකි. කරකාස් නගරයේ මුඩුක්කුවල ජීවත්වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ ජීවන තත්ත්වය තුන්වැනි ලෝකයේ මට්ටමෙන් වුවද ඉතාම පහත්ය. තෙල් අපනයනයෙන් ලැබුණු ආදායමේ සම්පූර්ණ හිමිකරුවන් වූයේ බහුජාතික සමාගම් කීපයක් හා ඔවුන්ට සම්බන්ධ වෙනිසියුලානු ඉහළ ධනපතීන්ය. සාමාන්‍ය ජනතාවගේ ආහාර, අධ්‍යාපනය හා නිවාස රජය සම්පූර්ණයෙන්ම අමතක කළේය. මෙම ක‍්‍රමයට එරෙහිව හමුදා නිලධාරියෙකුව සිටි චාවේස් 1992 දී කුමන්ත‍්‍රණයක් දියත් කළද එය සාර්ථක වූයේ නැත. එහි ප‍්‍රතිඵලය වූයේ ඔහු සිරගෙට නියම වීමය. වසර හතරකින් පසු නිදහස ලත් චාවේස් දේශපාලනය අත හැරියේ නැත. 1998 පැවැති ජනාධිපතිවරණයෙන් ඔහු ජයගත්තේ සිය ප‍්‍රතිවාදීන් විමතියට පත් කරමිනි. ඔහුට විරුද්ධව 2002 දී හමුදා කුමන්තණයක් දියත් වුවද කුමන්ත‍්‍රණකරුවන්ට බලයේ සිටීමට හැකි වූයේ දින දෙකක් පමණි. හමුදාවේ චාවේස් පක්ෂපාතී කණ්ඩායම්වල විරෝධය හා දිළිඳු ජනතාවගේ නැගිටීම නිසා චාවේස්ට නැවත වරක් පාලන බලය හිමි කර ගැනීමට හැකි විය. මෙම කුමන්ත‍්‍රණයෙන් පැහැදිලි වූ වැදගත්ම කරුණ වන්නේ වෙනිසියුලාවේ දිළිඳු හා දුප්පත් ජන කොටස් චාවේස්ගේ නායකත්වය කෙතරම් අගය කරන්නේද යන්නයි. මේ නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන ක‍්‍රමවලින් චාවේස් බලයෙන් පහ කිරීම බුද්ධිගෝචර නොවන බව ඔහුගේ විරුද්ධවාදීහු තේරුම් ගත්හ. කියුබාවේ පිදෙල් කැස්ත්‍රෝට පසුව ලතින් ඇමරිකාව ජනප‍්‍රියතම නායකයෙකු වන හියුගෝ චාවේස්ට වසර 14 ක් ජනාධිපති තනතුරේ සිටීමටත් තවත් වසර හයක කාලයක් එම තනතුරේම රැඳී සිටීමටත් අවස්ථාවක් ලැබෙන්නේ ඔහු අනුගමනය කරන ආර්ථික වැඩ පිළිවෙළ නිසා බවට සැකයක් නැත. පසුගිය දශකයට අධික කාලයක් තිස්සේ තෙල් මිල ඉහළ යෑමෙන් ලැබුණු ආදායමෙන් වැඩිම කොටසක් ඔහු වෙන් කළේ දුප්පත් ජන කොටස්වල ජීවන තත්ත්වය නගා සිටුවීමටය. අඩු ආදායම්ලාභීන්ට නිවාස තනාදීම නොමිලයේ හෝ අඩු මිලට සෞඛ්‍ය පහසුකම් ලබාදීම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පාලනයක් යටතේ සුලබව ලබාදීම ඔහුගේ ප‍්‍රතිපත්ති ප‍්‍රමුඛතාව විය. කුසට අහරක් හෝ හිසට නිවහනක් නොමැති අති බහුතරයට මෙම වැඩ පිළිවෙළ නිසා ඉතා කෙටි කාලයකදී සිය ජීවන තත්ත්වය උසස් කර ගැනීමට හැකි විය. 2002 කුමන්ත‍්‍රණයෙන් චාවේස් බලයෙන් පහ කළ විට ඔහුගේ සහායට ඉදිරිපත් වූයේ මෙම ජන කොටස්ය. තෙල් කර්මාන්තය අඩපණ කිරීම සඳහා උසස් නිලධාරීන් අනුගමනය කළ කඩාකප්පල්කාරී පියවර පරාජය කිරීමට හැකි වූයේද ඔවුන්ගේ සහාය හා කැපවීම නිසාය. පසුගිය ඉරිදා පැවැති ජනාධිපතිවරණයේ දී ඡන්දය ප‍්‍රකාශ කළ සියයට 80 න් කැපී පෙනෙන බහුතරයක් චාවේස්ගේ නායකත්වය අනුමත කළේද රාජ්‍ය සුබසාධනය යනුවෙන් නව ආර්ථික විද්‍යාඥයින් හෙළා දකින මෙම වැඩපිළිවෙළ නිසාය. සමහර ගණන් බැලීම අනුව ලොව විශාලතම තෙල් සම්පත් හිමි රටක් වශයෙන් වෙනිසියුලාවට කොපමණ කලක් සුබසාධන රාජ්‍යයක් පවත්වා ගෙන යා හැකිද යන්න ඔහුගේ විවේචකයින් නගන ප‍්‍රශ්නයකි. වෙනිසියුලාව තෙල් අපනයනයෙන් විශාල සම්පත් ප‍්‍රමාණයක් හිමි කර ගෙන ඇති නමුත් දියත් කර ඇති සුවිශාල සුබ සාධන වැඩ පිළිවෙළ නිසා රාජ්‍ය වියදම්ද ඉතා ඉහළය. මේ නිසා වෙනිසියුලාව දිනකට බොර තෙල් බැරල් දශ ලක්ෂ 3 කට අධික ප‍්‍රමාණයක් අපනයනය කරන නමුත් දේශීය හා විදේශීය වශයෙන් විශාල වශයෙන් ණය ගැනීමට සිදුව ඇත. චාවේස්ගේ සමීප මිතුරු රටක් වන චීනයෙන් පසුගිය වසර කීපය තුළ ලබා ගෙන ඇති ණය ප‍්‍රමාණය ඩොලර් කෝටි 3300 කි. රාජ්‍ය වියදම් ඉහළ යෑමේ අනෙක් ප‍්‍රතිඵලය වන්නේ උද්ධමන වේගය වැඩි වීමය. දැනට සියයට 14 මට්ටමේ පවතින උද්ධමනය ලතින් ඇමරිකානු රටවල් අතුරෙන් ඉහළම අගයයි. ඔහුට මුහුණ දීමට ඇති අනෙක් අභියෝගය වන්නේ අපරාධ මර්දනය හා දුෂණ තුරන් කිරීමය. සුබ සාධන වැඩ පිළිවෙළ නිසා රාජ්‍ය අංශයේ දුෂණ ක‍්‍රියා ඉහළ යෑමක් පවතින බවද බොහෝ නිරීක්ෂක යෝ පෙන්වා දෙති. ඇත්තෙන්ම සුබ සාධන වැඩ පිළිවෙළ දිගටම පවත්වා ගැනීම පලදායි පියවරක් ලෙස චාවේස් දකින්නේ නැත. අධ්‍යාපනය හා තාක්ෂණය ඉහළ මට්ටමකට පත් කිරීමෙන් සමාජයේ දුප්පත් වරප‍්‍රසාද රහිත ජන කොටස් බල ගැන්වීමට ඔහු අදහස් කරයි. අධ්‍යාපනය හා තාක්ෂණය පහසුවෙන් ලබා ගැනීමට හැකි වීම නිසා එම ක්‍ෂේත‍්‍රවල ඇති වන තරගයෙන් සාමාන්‍ය ජනතාවට එම සේවාවන් පහසු මිලකට ලබා ගත හැකිය යන්න ඔහුගේ ස්ථාවරයයි. බහු පාක්ෂික ක‍්‍රමයක් යටතේ කියුබානු පන්නයේ ආර්ථිකයක් නිර්මාණය කිරීම චාවේස්ගේ දර්ශනය බව පැහැදිලිය. වෙනුසියුලාව සතු ඉමහත් තෙල් සම්පත ද මේ සඳහා ඇති දිරි ගැන්වීමකි. බහු ජාතික ක‍්‍රමය නිසාම ඔහුට දේශපාලන වශයෙන් නිවැරදි පියවර ගැනීමට කෙරෙන බලපෑම්ද වඩාත් ප‍්‍රබලය. එහෙත් තීරණාත්මක සාධකය වන්නේ හියුගෝ චාවේස්ගේ ආකර්ෂණීය නායකත්වයෙන් තොරව මෙම වෙනිසියුලා සමාජවාදය පවත්වාගෙන යා හැකිද යන්නයි. ඒකාධිපති මූල්‍ය හා දේශපාලන ආධිපත්‍යයට එරෙහිවූ මෙම ක‍්‍රමය එක රටක පමණක් පවත්වා ගැනීම පහසු කටයුත්තක් නොවන නමුත් නිවැරැදි දේශපාලන දැක්මක් හා කැපවීමෙන් යුත් නායකත්වයකට ඒ ජයගත නොහැකි අභියෝගයක් නොවේ.

සටහන: මහින්ද හත්තක
මැතිවරණ රැස්වීමෙන් පසු චාවේස් රංගනයක චාවේස්ගේ ආධාරකරුවන් ඡන්දය ප‍්‍රකාශ කරන යුවතියක් වෙනිසියුලාවේ විපක්ෂ ජනාධිපති අපේක්ෂක හෙන්රික් කැපි‍්‍රලේස් ඡන්දය නැවත ගණනන් කරන ලෙස ඉල්ලමින් සිසු විරෝධතා



අදහස් (0)

චාවේස් නැති වෙනිසියුලාවක් කොහිද?

චාමි Sunday, 14 October 2012 08:33 PM

සුභ පැතුම්! (නි)

:       0       0

ජයනාත් Saturday, 13 October 2012 06:36 PM

චාවේස්ට ජය වේවා! (නි)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 13 October 2012 01:23 PM

බුද්ධිමත් ජනතාවගේ එකම තේරීම. නමුත් දැන් වෙන ක්‍රමයක් යොදයි. (නි)

:       0       0

ගුණරතන Saturday, 13 October 2012 10:32 PM

බටහිරට ගැති නොවන නායකයෙක්...!(නු)

:       0       0

සිල්වා Friday, 12 October 2012 01:10 PM

කුමන්ත්‍රණ වලට නොරැවටෙන උගත් ජනතාවට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

ඊ.ඒ.ගයානි Thursday, 18 October 2012 12:01 PM

චාවෙස්ට ජය වේවා..!(නු)

:       0       0

විමල් Saturday, 13 October 2012 11:25 AM

චාවේස් රට රැකගනීවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 993 1

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ


චීනය ඇමෙරිකන් ගුවන් යානා එපා කියයි
2025 අප්‍රේල් මස 17 643 0

චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.


කොංගෝ බෝට්ටුවක් ගිනිගෙන ගිලී 50 ක් මරුට
2025 අප්‍රේල් මස 17 148 0

අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.


ඇමෙරිකන් තානාපති කාර්යාල වසා දැමීමේ තීරණයක්
2025 අප්‍රේල් මස 17 8436 7

ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම


චීන ජනපති මැලේසියාවේ
2025 අප්‍රේල් මස 16 164 0

ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි


හාවඩ් විශ්ව විද්‍යාලයට ජනපති ට්‍රම්ප්ගෙන් තර්ජන
2025 අප්‍රේල් මස 16 246 0

ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 548 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site