ජනතා අප‍්‍රසාදයට පත් යේමන ජනාධිපති අලී අබ්දුල්ලා සාලේ රටේ පාලනය උප ජනපතිවරයාට පවරා පෙරේදා (22) ඇමෙරිකාව බලා පිටත්ව ගියේ වසර 33 ක් තිස්සේ ජනපති ධුරයේ සිටිද්දී තමා අතින් වරදක් සිදුවූයේ නම් ඒ ගැන යේමන ජනතාවගෙන් සමාව ඉල්ලන බවට විශේෂ ප‍්‍රකාශයක්දකරමිනි. ”දෙවියන්ගේ කැමැත්තට අනුව මා ඇමෙරිකා යනවා. මා යන්නේ වෛද්‍ය ප‍්‍රතිකාර සඳහායි. ඒ සඳහා ඇමෙරිකාවෙන් මට අවසර ලැබී තිබෙනවා. මා ආපසු එන්නේ ප‍්‍රතිකාර ලබා ගැනීමෙන් පසුවයි. මාගේ පාලන කාලයේදී මා අතින් කිසියම් වරදක් හෝ අතපසුවීමක් හෝ සිදුවුණා නම් ඒ ගැන මා ඔබ සැමගෙන් සමාව ඉල්ලන්න කැමැතියි. යේමන වැසියන්ගෙන් මා සමාව ඉල්ලනවා” යැයි ජනාධිපති සාලේ ජාතිය අමතමින් කියා සිටියේය. යේමන ජනාධිපති සාලේට ඇමෙරිකාවට ඇතුළුවීමට තමන් වීසා ලබා දී ඇති බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ද පවසා ඇත. ඇමෙරිකාව බලා යෑමට පෙර ඔහු අසල්වැසි ඕමානයේ දින දෙකක් රැුඳී සිටීමට නියමිත බව ද වාර්තා වේ. මේ අතර සියලූ දූෂණ වංචා චෝදනා සහ මිනිමැරුම්වලින් ජනාධිපති සාලේ නිදොස් කිරීමට එරට පාර්ලිමේන්තුව ගත් තීරණය යේමන ජනතාවගේ දැඩි විරෝධයට හේතු වී ඇත. යේමනයේ විරෝධතා හටගත් අවස්ථාවේ විරෝධතාකරුවන් දහස් ගණනින් අමු අමුවේ මරා දැම්මේ යැයි විරෝධතාකරුවෝ ජනාධිපති සාලේට එරෙහිව චෝදනා කරති. යේමනයේ ජනතා පිබිදීම ඇති වූයේ ද ටියුනීසියාවෙන්, ඊජිප්තුවෙන් සහ ලිබියාවෙන් ආරම්භ වූ ‘අරාබි වසන්තය’ හරහාය. එහෙත් යේමන ජනාධිපති සාලේ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල මිතුරෙක් විය. එම නිසා ගඩාෆිට සිදුවූවාක් මෙන් ධුරයෙන් ඉවත් වන්නැයි ඇමෙරිකාවෙන් හෝ බටහිර බලවතුන්ගෙන් ජනාධිපති සාලේට බලපෑම් එල්ල නොවිණි. යේමනයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සටන්කාමීන් සමඟ ගැටුම්වලදී ඇමෙරිකාවට යේමනයේ සහාය නොඅඩුව ලැබීම ඊට හේතුව විය. කෙසේ නමුත් ජනපති සාලේ රාජ්‍ය විරෝධීන් මර්දනයට හමුදාව යෙදවීමත්, විරෝධතාකරුවන් ඝාතනය වීමත්, විරෝධතාකරුවන් එරට ගෝති‍්‍රක සටන්කාමීන් සමඟ එක්වී රජයේ හමුදා සමඟ සටන් වැදීමත් ආදී කරුණු කාරණා හේතුකොට ගෙන යේමනයේ සිවිල් යුද තත්ත්වයක් හට ගැනුණි. එම අවස්ථාවේදී ඇමෙරිකාව කියා සිටියේ යේමන ජනපති සාලේ ජනතා හඬට කන් දී ධුරයෙන් ඉවත් විය යුතු බවය. එහෙත් ජනපති සාලේ එය ප‍්‍රතික්ෂේප කළේය. අසල්වැසි ගල්ෆ් රටවල බලපෑම් මත බලය බෙදා ගැනීමේ යෝජනාවලියකට එකඟ වී උප ජනපති අබ්ද් රාබූ මන්සූර් හාඞීට බලය පවරා බලයෙන් ඉවත්වීමට සාලේ මීට මාස කිහිපයකට පෙර අකමැත්තෙන් එකඟ වූයේය. ඇමෙරිකාවේ ප‍්‍රතිකාර ලබා ගැනීමෙන් පසු තමා යළි යේමනයට පැමිණීමට සූදානමින් සිටින බවත් තමා පැමිණෙන්නේ යේමන ජනපති ලෙස නොව පාලක ජනතා කොංග‍්‍රස් පක්ෂයේ නායකයා ලෙස යැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් හමුවෙමින් සාලේ පවසා ඇත. ජනාධිපති සාලේ ඇමෙරිකාව බලා පිටත්ව ගියේ උප ජනාධිපතිවරයා හමුදා ජනරාල්වරයකු ලෙස උසස් කරමින්ය. ඒ මිලියන 23 ක ජනගහනයකින් යුත් යේමනයේ හමුදාව ශක්තිමත්ව තබා ගැනීමේ අරමුණ ඇතිවය.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනතාවගෙන් සමාව ඉල්ලා යේමන ජනාධිපති සාලේ ඇමෙරිකා යයි