IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


ජනපති ධුරය අත්හරින්න සූදානම්

යුක්රේනයට සාමය උදාවන්නේ නම්, ඕනෑම වේලාවක තමන් යුක්රේන ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව, ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා ඇත. 

ඊට අමතරව, සෙලෙන්ස්කී ඉල්ලා ඇත්තේ, යුක්රේනයට ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය ද හිමිවිය යුතු බවය.

‘යුක්රේනයට සාමය උදා වෙන්නේ නම්, මා දැන්ම ජනාධිපති ධුරයෙන් සමුගන්නවා. හැබැයි යුක්රේනයට නේටෝ සාමාජිකත්වය හිමිවිය යුතුයි. එසේ සාමාජිකත්වය හිමිවෙනවා නම්, මා ධුරයෙන් ඉවත් වීමට සූදානම්’ යැයි සෙලෙන්ස්කී පැහැදිලි කර ඇත.

යුක්රේන රුසියන් යුද්ධයට මේ වනවිට වසර තුනක් ගතවී ඇත. යුද්ධය ආරම්භ වීමට හේතුව, යුක්රේනය, නේටෝ සාමාජිකත්වය ඉල්ලීමය. ‘නේටෝ’ යනු යුද සන්ධානයකි. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ‘නේටෝ’ සංවිධානය පිහිටුවා ඇත්තේ රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමටය.

යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය හිමිවීම, රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයකි. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්,  යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රිටාමාර්ගයක් අනුගමනය කළේ එහෙයිනි.

යුක්රේන රුසියන් යුද්ධය අවසන් කිරීමේ අරමුණ ඇතිව, සාම වැඩපිළිවෙළකට යෑමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය කටයුතු කරමින් සිටී.

ඇමෙරිකන් නියෝජිතයන් සහ රුසියන් නියෝජිතයන් අතරේ හමුවක් ද පසුගිය දා සෞදි අරාබියේ රියාද් නුවරදී පැවැත්විණි. එම සාකච්ඡා සඳහා යුක්රේනයට ඇරැයුම් කිරීමක් සිදු වූයේ නැත.

මේ සම්බන්ධයෙන් යුක්රේන ජනපති සෙලෙන්ස්කී මැසිවිලි නගද්දී, ට්‍රම්ප්, යුක්රේන ජනාධිපතිට චෝදනා කළේ ඔහු ඒකාධිපතියකු කියාය. ඒ, රුසියන් යුක්රේන යුද්ධය අතරතුරේ සෙලෙන්ස්කීගේ ධුර කාලය අවසන් වුණු බැවින් සහ සෙලෙන්ස්කී ජනාධිපතිවරණයක් පැවැත්වීමට කටයුතු නොකළ බැවිනි.

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

ජනපති ධුරය අත්හරින්න සූදානම්

Nandalal de Silva - France Monday, 24 February 2025 04:07 PM

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි සිය රටට අතිශයින්ම ආදරය කරන, වසර තුනක කාලයක් තිස්සේ මිනීමරු පුටින් ගේ හමුදාවට එරෙහිව අභීත සටනක් කල නායකයා බව පැහැදිලිවම පෙනෙනවා. බිංකුඩ්ඩෙක් මෙන් භූගත බංකරයක සැඟවී, නිරායුධ යුක්රේන ජනතාව සමූල ඝාතනය කරමින්, ඩොලර් කෝටි ප්‍රකෝටි වටිනා දෙපල, අති දරුණු අවි බලයෙන් විනාශ කරපු, කාලකන්නි පුටින් වගේ අවජාතක කෙනෙක් නොවන, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ගැන පුදුම පැහැදීමක් මුළු ලෝකයටම තෙරී හමාරයි!!! යුක්රේනය සතු අතිවිශාල ඛනිජ සම්පත්, පුටින් සමග එක්ව නතුකර ගැනීමෙ කුමන්ත්‍රණයක ඇමරිකානු ජනපති ට්‍රම්ප් නියත බව දැන් පැහැදිලිවම පෙනෙනවා. ට්‍රම්ප් 2020දී පරාජයට පත්වූ විට, ඔහුගේ ත්‍රස්ත හමුදාව කැපිටල් හිල් වලට ගෙන්වා කරපු විනාශ ඔබට මතකද? සිය රටට එරෙහිව අරගල කරපු ට්‍රම්ප්, පුටින් සමග එක්ව යුක්රේනයට පහර දීමේ හැකියාවක් තිබෙන්නට වුවද පුළුවනි... අපේ රටේ හිටපු ගොඨාභය පලවා හැරීමත්, සෙලෙන්ස්කිගේ ස්වෙච්ඡාවෙන් ඉල්ලා අස්වීමට යොජනා කිරීමත් අතර විශාල වෙනසක් ඇත...

:       16       3

SCBMonday, 24 February 2025 06:21 PM

නන්දලාල්, අනිසි බියක් ගහන වගෙයි. මෙය සිදුවන්නේ ප්‍රංශයේවත් ලංකාවේ නොවෙයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

චීනයේ වැඩිහිටි නිවාසයක ගින්නක්
2025 අප්‍රේල් මස 10 23 0

උතුරු චීනයේ, හෙබෙයි පළාතේ, චෙන්ග්-ඩේ නගරයේ වැඩිහිටි නිවාසයක ගින්නන් හටගත්තේය. ගින්නට හසුවීමෙන්, 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.


රාත්‍රී සමාජ ශාලාවක වහලය කඩා වැටී 79 ක් මරුට
2025 අප්‍රේල් මස 10 28 0

කැරිබියානු රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ, සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී 80


ආසියානු කොටස් වෙළෙඳපොළ ඉහළට
2025 අප්‍රේල් මස 10 46 0

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය හැර සෙසු රටවල් සඳහා පැනැවූ තීරු බදු සඳහා දින 90 ක විරාමයක් ප්‍රකාශ කිරීමත් සමඟ ආසියා පැසිෆික් කොටස් වෙළෙඳපොළ අග


ගර්භාෂ බද්ධයෙන් පසු සාර්ථක දරු උපතක්
2025 අප්‍රේල් මස 10 747 0

බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.


ඇමෙරිකා එන්න: බදු ගහන්නේ නැහැ
2025 අප්‍රේල් මස 10 134 0

ඇමෙරිකාවට පැමිණ තම සමාගම් ආරම්භ කරන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනග්ඩ් ට්‍රම්ප් විදෙස් සමාගම්වලින් ඉල්ලා ඇත. එසේ කරන්නේ නම්, ඒ සමාගම්වලට කිසිදු බදු මුදල


පලස්තීනය පිළිගන්න මැක්රොන් සූදානම්
2025 අප්‍රේල් මස 10 97 0

පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තමන් සූදානම් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. මෙය පලස්තීන වැසියන්ගේ අයිතීන් සුරැකීමට හේතුවක් වන


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 44 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 319 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 892 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site