IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ජනපති ලුකෂෙන්කෝට ජය

රුසියාව අසල පිහිටි, යුරෝපා රාජ්‍යයක් වන, බෙලරූසයේ ජනාධිපතිවරණය පැවැත්වුණු අතර, 1994 වසරේ සිට වසර 30 ක් තිස්සේ එරට බලයේ සිටින ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝට යළිත් ජනවරමක් හිමිවිය.

ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ බටහිර රටවල් විසින් හඳුන්වනු ලබන්නේ යුරෝපයේ අවසාන ඒකාධිපතියා යනුවෙනි. ලුකෂෙන්කෝ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම මිතුරෙකු වන අතර, රුසියාව සහ බෙලරූසය අතර පවතින්නේ සමීපතම මිත්‍රත්වයකි.

ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ 70 හැවිරිදි ලුකෂෙන්කෝ, 2030 වසර තෙක් බෙලරුසියාවේ ජනාපධිති ලෙස කටයුතු කරනු ඇත. බෙලරූසියා ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහකි. ජනාධිපතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල අනුව ලුකෂෙන්කෝ ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 86.82 කි.

බෙලරුසියාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් දැඩි ලෙස මර්දනයට ලක් කිරීමට ලුකෂෙන්කෝ සහ ඔහුගේ රජය කටයුතු කර ඇත. මෙය බටහිර රටවල දැඩි අප්‍රසාදයටත් විරෝධයටත් හේතුවකි. ලුකෂෙන්කෝ බටහිර රටවල් විසින් හඳුන්වනු ලබන්නේ ද එබැවිනි.

බෙලරුස් රාජ්‍යයේ ස්වාධීන මාධ්‍ය තහනම් කරමින් විපක්ෂයේ ප්‍රමුඛතම නියෝජිතයින් සිරගත කර හෝ විදේශගත කර ඇති බැවින් පැවැත් වුණු මෙම ජනාධිපතිවරණය සාධාරණ මැතිවරණයක් නොවන බවට ඇමෙරිකාවත් යුරෝපා සංගමයත් චෝදනා කර ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ජනපති ලුකෂෙන්කෝට ජය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 786 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 580 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site