IMG-LOGO

2025 පෙබරවාරි මස 24 වන සඳුදා


ජනපති ධුරය අත්හරින්න සූදානම්

යුක්රේනයට සාමය උදාවන්නේ නම්, ඕනෑම වේලාවක තමන් යුක්රේන ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව, ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා ඇත. 

ඊට අමතරව, සෙලෙන්ස්කී ඉල්ලා ඇත්තේ, යුක්රේනයට ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය ද හිමිවිය යුතු බවය.

‘යුක්රේනයට සාමය උදා වෙන්නේ නම්, මා දැන්ම ජනාධිපති ධුරයෙන් සමුගන්නවා. හැබැයි යුක්රේනයට නේටෝ සාමාජිකත්වය හිමිවිය යුතුයි. එසේ සාමාජිකත්වය හිමිවෙනවා නම්, මා ධුරයෙන් ඉවත් වීමට සූදානම්’ යැයි සෙලෙන්ස්කී පැහැදිලි කර ඇත.

යුක්රේන රුසියන් යුද්ධයට මේ වනවිට වසර තුනක් ගතවී ඇත. යුද්ධය ආරම්භ වීමට හේතුව, යුක්රේනය, නේටෝ සාමාජිකත්වය ඉල්ලීමය. ‘නේටෝ’ යනු යුද සන්ධානයකි. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ‘නේටෝ’ සංවිධානය පිහිටුවා ඇත්තේ රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමටය.

යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය හිමිවීම, රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයකි. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්,  යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රිටාමාර්ගයක් අනුගමනය කළේ එහෙයිනි.

යුක්රේන රුසියන් යුද්ධය අවසන් කිරීමේ අරමුණ ඇතිව, සාම වැඩපිළිවෙළකට යෑමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය කටයුතු කරමින් සිටී.

ඇමෙරිකන් නියෝජිතයන් සහ රුසියන් නියෝජිතයන් අතරේ හමුවක් ද පසුගිය දා සෞදි අරාබියේ රියාද් නුවරදී පැවැත්විණි. එම සාකච්ඡා සඳහා යුක්රේනයට ඇරැයුම් කිරීමක් සිදු වූයේ නැත.

මේ සම්බන්ධයෙන් යුක්රේන ජනපති සෙලෙන්ස්කී මැසිවිලි නගද්දී, ට්‍රම්ප්, යුක්රේන ජනාධිපතිට චෝදනා කළේ ඔහු ඒකාධිපතියකු කියාය. ඒ, රුසියන් යුක්රේන යුද්ධය අතරතුරේ සෙලෙන්ස්කීගේ ධුර කාලය අවසන් වුණු බැවින් සහ සෙලෙන්ස්කී ජනාධිපතිවරණයක් පැවැත්වීමට කටයුතු නොකළ බැවිනි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ජනපති ධුරය අත්හරින්න සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

ජනපති ධුරය අත්හරින්න සූදානම්
2025 පෙබරවාරි මස 24 2195 0

යුක්රේනයට සාමය උදාවන්නේ නම්, ඕනෑම වේලාවක තමන් යුක්රේන ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව, ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා ඇත.


ඇමෙරිකා සරම්ප පැතිරේ
2025 පෙබරවාරි මස 24 35 0

ඇමෙරිකාවේ ජනපද කීපයක සරම්ප වසංගත තත්ත්වයක් වාර්තා වන බවත්, මේ වනවිට සෞඛ්‍ය අංශ සරම්ප රෝගීන් සිය ගණනක් හමුවී ඇති බවත් වාර්තා වේ.


ජර්මන් මැතිවරණයෙන් හිටපු විපක්ෂයට ජය
2025 පෙබරවාරි මස 24 1078 2

ජර්මන් මහ මැතිවරණයෙන් දක්ෂිණාංශික මතධාරී විපක්ෂ සන්ධානයට ජය හිමි විය. ඒ අනුව, එම සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන කොන්සවර්ටිව් ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍ර


පාප්තුමන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවෙලා
2025 පෙබරවාරි මස 24 687 0

පෙනහලු ආසාදනයක් සහ ස්වසන ආබාධ හේතුවෙන්, රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ වකුගඩුවල ක්‍රියාකාරීත්වය මේ වනවිට යම්තාක් දුරකට


චීනයෙන් නව කොරෝනා වයිරසයක්
2025 පෙබරවාරි මස 23 1566 1

මෙම වයිරසය නම් කර ඇත්තේ HKU5-CoV-2, යනුවෙනි. මෙය ’කොවිඩ් 19’ කොරෝනා වයිරසයට බෙහෙවින් සමානය.


පාප්තුමන්ගේ තත්ත්වය නරක අතට
2025 පෙබරවාරි මස 23 1388 0

පෙනහළු ආසාදනයක් හේතුවෙන් සතියකට වැඩි කාලයක් තිස්සේ රෝහල්ගතව සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගතවුණු පැය 24 දී නරක අතට හැරුණු


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 182 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 409 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 177 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site