බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, වීඩියෝ තාක්ෂණය ඔස්සේ යුක්රේන පාර්ලිමේන්තුව ඇමැතුවේය.
රුසියන් ආක්‍රමණයට එරෙහිව සටන් වදින යුක්රේන හමුදාවට පවුම් මිලියන 300 ක් (ඇමෙරිකන් ඩොලර් මිලියන 376) වටිනා යුදෝපකරණ ලබා දීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන් එම අවස්ථාවේදී පොරොන්දුවක් ලබා දුන්නේය.
රුසියන් ආක්‍රමණය ආරම්භ වීමෙන් පසු, යුක්රේන පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කළ පළමු විදෙස් රාජ්‍ය නායකයා වන්නේ ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාය.
රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය.
රුසියන් හමුදා සමඟ සටන් වදින යුක්රේන හමුදා සොල්දාදුවන්ගේත්, සිවිල් වැසියන්ගේත් ධෛර්යය සහ වීරත්වය ඇගයීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන් පියවර ගත්තේය.
රුසියන් හමුදාවලට එරෙහිව සටන් වදින යුක්රේන වැසියන් ‘සිංහයන්’ ලෙස හැඳින්වීමට ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා අමතක නොකළේය.
දෙවැනි ලෝක යුද සමයේ දී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ වින්ස්යන් චර්චිල් 1940 දී ලෝකය අමතා කළ කථාවෙන් කොටස් උපුටා ගැනීමට පවා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන් කටයුතු කළ බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
මීට සති කීපයකට පෙර බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන්, යුක්රේනයේ කීව් අගනුවරට පැමිණ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය.
අග්‍රාමාක්‍ය ජොන්සන්, කීව් අගනුවරට පැමිණියේ බ්‍රිතාන්‍යයේ සහාය යුක්රේනයට හිමිවන බව තහවුරු කරමිණි.
රුසියන් ප්‍රහාරවලින් සිදුවන හානිය නිරීක්ෂණය කිරීමටත්, රුසියන් ප්‍රහාර හේතුවෙන් සිදුවන මානුෂීය කටයුතු සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍ය ජොන්සන්ගේ අවධානය යොමු විය.
(රොයිටර්)
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජොන්සන් යුක්රේන පාර්ලිමේන්තුව අමතයි