නව වසර උදාවත් සමඟ ජපානය කැලැඹූ ප්‍රබල භූමි කම්පාවෙන් සහ අතුරු භූමි කම්පාවලින් සිදුවුණු හානිය අතිමහත් බවත්, ප්‍රබල භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසක් බිමට සමතලා වූ බවත්, බොහෝ දෙනකු තවමත් සුන්බුන් අතරේ සිරවී සිටින බවත් ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මාධ්‍ය හමුවේ පැවැසුවේය.
සුන්බුන් අතරේ සිරවුණු පිරිස් මුදා ගැනීමට සහන සේවකයන්, කාලය සමඟ සටනක නියැලී සිටින බවත්, හමුදාවේ සහාය ද සහන සේවකයන්ට හිමිවන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පැහැදිලි කළේය. අග්‍රාමාත්‍ය කිෂිඩා මෙම හමුවේ අදහස් දැක්වූයේ සහන සේවකයන් සහ ආපදා කළමණාකරන නිලධාරීන් හමුවී ඔවුන් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය.
ජපන් ආරක්ෂක අමාත්‍ය මොනෝරු කිහාරා පැවැසුවේ, විපතට පත්වූවන් ආධාර ලබා දීමට හමුදාවේ 1,000 ක් යොදවා ඇති බවත්, තවත් 8,500 ක් සීරුවෙන් තබා ඇති බවත්ය. භූමි කම්පාවෙන් සිදුවුණු හානිය සම්බන්ධයෙන් සොයා බැලීම හමුදා ගුවන් යානා යොදා ගනිමින් සිදුවන බව ද පැවැසෙයි.
රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් සටහන් කළ භූමි කම්පාවෙන් ඉෂිකාවා පළාතට දරුණු හානි සිදුවිය. ගොඩනැගිලි සහ නිවාස බොහොමයක් බිමට සමතලා විය. විදුලි බල සැපැයුම් සම්පූර්ණයෙන්ම බිඳ වැටුණි. 45,000 කට වැඩි පිරිසක් විදුලි බලය නොමැතිව පීඩාවට පත් වී සිටින බව ජපන් අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පවසා ඇත. මාර්ග රැසක් ඉරි තලා පුපුරා ගොස් ඇති බවත්, ගමනා ගමන කටයුතු මුළුමනින්ම පාහේ අඩපණ වී ඇති බවත් ජපන් මාධ්‍ය වාර්තා කළේය. නිවාස අහිමි වුණු 1,000 කට වැඩි පිරිසක් හමුදා කඳවුරුවල රැඳී සිටින බව ද පැවැසෙයි.
භූමි කම්පාවෙන් මියගිය ගණන 24 ක් යැයි ඇතැම් ජපන් මාධ්‍ය පැවැසුවත්, ජපන් රජය පවසා ඇත්තේ මියගිය ගණන 13 ක් පමණක් බවය. තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කර ඇති බවත්, ඔවුන් අතරේ බරපතල තුවාල ලැබූ පුද්ගලයන් සිටින බවත් ජපන් මාධ්‍ය වැඩි දුරටත් පවසා තිබේ.
දකුණු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සැලවීමත් සමඟ, සෞදි නිල සංචාරය අතරමඟ නවත්වා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කඩ
ජම්මු කාශ්මීරයේ පහලගම් පළාතේ දී ත්‍රස්තවාදීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ඉන්දීය සංචාරකයන් ඇතුළු 26 දෙනකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන්, පාකිස්තාන රජය
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හමුවේ, ඇමෙරිකාවත් ඉන්දියාවත් අතරේ ද්වී පාර්ශ්වීක නව වෙළෙඳ ගිවිසුමක් ගැන සාකච්ඡා පැවැත්වෙයි.
ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 26 වැනිදා පැවැත්වෙන බව වකිතානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන අතර, නව පාප්වරයකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි දි
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජපන් භූමි කම්පාවෙන් සිදුවුණු හානිය බරපතලයි
Thilak Tuesday, 02 January 2024 02:22 PM
අපගේ කනගාටුව .අනතුරෙන් තුවාල ලැබූ අය සුවපත්වේවා