මීටර් 1.5 ක විෂ්කම්භයක් ඇති අබිරහස් ගෝලාකාර වස්තුවක්, ජපානයේ හමාමාට්සු නගරයට අයත් මුහුදු වෙරළට ගොඩගසා තිබේ. එම වස්තුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත.
ගෝලාකාර වස්තුව, පළමුවෙන්ම දකින්න ලැබුණේ උදෑසන වෙරළට ආ නගර වැසියන් කිහිප දෙනකුටය. ඔවුන් ඒ බව නගර බලධාරීන්ට සහ පොලිසියට දැනුම් දුන්නේය.
පොලිසිය සහ හමුදා පැමිණ මුහුදු වෙරළ ජනතාවට තහනම් කලාපයක් කළේය. ඒ, ගෝලාකාර වස්තුව, දෙවැනි ලෝක යුද සමයේ භාවිතයට යොදා ගත් මුහුදේ රැඳවූ පුපුරා නොගිය බෝම්බයක් යැයි ද සැක කළ බැවිනි. බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායමක් ද එය පරීක්ෂා කිරීමට පැමිණියේය.
එක්ස් කිරණ පරීක්ෂණයකින් අනාවරණය වූයේ ගා්ලාකාර වස්තුව තුළ කිසිවක් නොමැති බවය. ගෝලාකාර වස්තුවේ ‘හැඩල’ දෙකක් ඇතැයි ද පැවැසෙයි. එයින් අදහස් වන්නේ එය කිසියම් දෙයකට සම්බන්ධ කළ හැකි බව පොලිසිය පසුව පැවැසුවේය.
(රොයිටර්)
ඩොනල්ඩ් ට්‍රම්ප් බිරිඳ මෙලානියා ට්‍රම්ප්, ජනාධිපති ආර්යාව ලෙස ධවල මන්දිරයේ පදිංචියට පැමිණීම සැක සහිත යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් ජනාධිපති ධුරයට තේරීපත් වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින වත්මත් ජනාධිපති ජෝ බයිඩන්
ට්‍රම්ප් ඔහුගේ සමීපයකු මෙන්ම, රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන කොංග්රස් සාමාජිකයකු ද වන 42 හැවිරිදි මැට් ගේට්ස් ඇමෙරිකන් නීතිපති ධුරයට තෝරාගෙන ඇත. ඒ අනුව,
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් ජාතික බුද්ධි සේවා ප්‍රධානියා ලෙස, ඔහුගේ සමීපතම හිතවතියක ද වන තුල්සි ගැබාඩ් නම් කර
ඇමෙරිකන් ජනාධිපති ලෙස තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, එරට රාජ්‍ය ලේකම් ලෙස ෆ්ලොරීඩා ජනපදය නියෝජනය කරමින් සෙනෙට් සභාවට තේරී පත් වී සිටින 53 හැවිරිදි
ඊශ්‍රායලයේ ඇමෙරිකන් තානාපති ලෙස ආකන්සාස් ජනපදයේ හිටපු ආණ්ඩුකාරවරයා ද වන මයික් හකබී පත් කරන බව ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්ර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජපන් වෙරළට අබිරහස් වස්තුවක් ඇවිල්ලා
Ruwan R Thursday, 23 February 2023 02:26 PM
වෙලාවට ලංකාවේ නොවුනේ...