IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ජපානය සසල කළ සුනාමියට වසරයි

ලොව දෙවැනි විශාල ආර්ථිකය වන ජපානයට  (මේ ගැන පසුගිය වසරේදී චීනය අත්කරගත් නමුත් විද්‍යාව හා තාක්ෂණය අතින් ජපානය තවමත් චීනයට ඉදිරියෙන් සිටී) පසුගිය වසරේ මාර්තු 11 වැනිදා හටගත් භූමි කම්පාවෙන් හා එහිම ප‍්‍රතිඵලයක් වූ සුනාමියෙන් සිදුවූ හානියෙන් තවමත් ගොඩ ඒමට හැකිවී නැත.  භූමිකම්පාවෙන් හා සුනාමියෙන් බැට කෑ ෆුකුෂිමා න්‍යාෂ්ටික  ප‍්‍රතික‍්‍රියාකාරකයේ විකීරණ කාන්දු වීමෙන් සිදුවූ හානිය තවමත් ගණන් බැලීමට හෝ නොහැක. භූමිකම්පාව හා සුනාමිය නිසා ෆුකුෂිමා ප‍්‍රදේශයේ නිවාස හා ගොඩනැගිලි 128,500ක් හානියට පත්වූ අතර 350,000කට උන් හිටි තැන් අහිමි විය. ඉන් 330,000ක් තවමත් සිටින්නේ තාවකාලික නිවාසවලය. ගණන් බලා ඇති ආකාරයට සුන්බුන් ටොන් දශ ලක්ෂ 22.5ක ප‍්‍රමාණයක් තවම ඉවත්කර නැති නිසා නැවත ගොඩනැගීමේ කටයුතු  ආරම්භ කිරීමට ද හැකියාවක් නැත. වඩාත්ම ඛේදජනක වන්නේ තුන්වැනි වරටත් න්‍යෂ්ටික විකිරණවලට මුහුණ දීමට සිදුවූ ජපන් ජනතාවට මුහුණ දීමට ඇති තත්ත්වයයි. ප‍්‍රථමයෙන්ම ජපානයේ පාලකයන් මෙම අනතුරේ බරපතළකම අඩුවෙන් තක්සේරු කිරීමේ උත්සාහයක යෙදුන අතර ඉන්පසුව එය විසඳීමට ප‍්‍රමාණවත් සම්පත් නොයෙදු බවට චෝදනා ඉදිරිපත් විය. භූමිකම්පා හා සුනාමි ව්‍යසන ජපානයට අලූත් දෙයක් නොවන නමුත් මෙවර දක්නට ලැබුණු විශේෂත්වය වන්නේ න්‍යෂ්ටික බලාගාරයක් හානියට පත්වීමෙන් නිකුත් වූ විකිරණයි. බොහෝ නිරීක්ෂකයන් පෙන්වා දෙන ආකාරයට මෙම විනාශය, මෙතෙක් වාර්තාවී ඇති බරපතළම සිද්ධිය වන යුකේ‍්‍රනයේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ පිපිරීම්වලින් සිදුවූ හානියට වඩා විශාලය. චර්නෝබිල්හි පුපුරා ගියේ එක් න්‍යෂ්ටික ප‍්‍රතික‍්‍රියාකාරයක් වුවත් මෙහිදී ඒ සමාන ප‍්‍රතික‍්‍රියාකාරක තුනක් පුපුරා ගොස් ඇත. වඩාත්ම හානිකර තත්ත්වය වන්නේ එම ප‍්‍රතික‍්‍රියාකාරක සිසිල් කිරීම සඳහා පොම්ප කරන ලද මුහුදු ජලය නැවත විකිරණශීලි අංශූ සමඟ සාගරයට එකතු වීමෙන් වූ හානියයි. එමෙන්ම හානියට පත් පතිකි‍්‍රයාකාරක සිහිල් කොට වසා දැමීමට හැකිවූයේ පසුගිය දෙසැම්බර් මාසයේදීය. නිරීක්ෂකයන් පෙන්වා දෙන ආකාරයට එම ප‍්‍රදේශයේ විකිරණශීලී තත්ත්වය තවමත් ඉතා ඉහළ මට්ටමක පවතින නිසා පිළිසකර කිරීමට තවත් වසර ගණනාවක් ගතවිය හැක. ඒ කාලය තුළ විකිරණ නිසා සිදුවිය හැකි හානිය ගැන නිසි තක්සේරුවක් කිරීමත් අපහසුය. විකිරණශීලී  තත්ත්වයට ගොදුරු වූ එම ප‍්‍රදේශයේ ජනතාව අතර දැනටමත් රෝගී තත්ත්වයන් වාර්තාවී ඇති අතර එම නිසා න්‍යෂ්ටික විදුලි බලාගාරවලට එරෙහිව ජනතාව උද්ඝෝෂණයක් ජපානයේ පමණක් නොව තායිවානය, ආජන්ටිනාව වැනි රටවල ද ව්‍යාප්ත වෙමින් පවතී. සුනාමිය ඇතිවීමට පෙර ජපානයේ න්‍යෂ්ටික ප‍්‍රතික‍්‍රියාකාරක 54ක් ක‍්‍රියාත්මක වුවද දැනට ඉන් දෙකක් හැර අන් සියල්ල වසා දමා ඇත. මෙම ප‍්‍රතික‍්‍රියාකාරකවලට එරෙහිව පවතින ජනමතය උත්සන්න වන අතර රජයද ප‍්‍රතිපත්තියක් වශයෙන් නව ප‍්‍රතික‍්‍රියාකාරක ඉදිකිරීම අත්හිටුවා ඇති බව ද  වාර්තා වේ. මෙම තත්ත්වය ඇතිවීමට පෙර ජපානයේ බලශක්තියෙන් සියයට 30ක් ලබා ගත්තේ ප‍්‍රතික‍්‍රියාකාරක වලින් නිසා ජපානයට ඉදිරියේ දී බලශක්ති අර්බුදයකට මුහුණ දීමට සිදුවිය හැකිය. එවිට විකල්පය වන්නේ ඛනිජ තෙල් භාවිතය වැඩි කිරීමය. එහිදී මුහුණ දීමට ඇති ගැටලූවක් වන්නේ මෙතෙක් ජපානයේ ප‍්‍රධාන තෙල් සැපයුම්කරු වන ඉරානය සම්බන්ධයෙන් එක්සත් ජනපදය පනවා ඇති සම්බාධක නිසා තෙල් සැපයුම අඩාලවීමේ අනතුරයි. මෙය දශකයකට ආසන්න කාලයක් තිස්සේ ආර්ථික පසුබෑමකට ලක්ව සිටින ජපානයට පහසුවෙන් මුහුණ දිය හැකි තත්ත්වයක් නොවේ. පසුගිය වසරේදී ජපානයේ දල දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 0.7ක් ලෙස වාර්තා වුවද මෙම වසරේදී එය සෘණ අගයක් ගනු ඇතැයි බොහෝ නිරීක්ෂකයෝ පෙන්වා දෙති. මෙම ප‍්‍රවණතාව නිසා 2013 වනවිට රාජ්‍ය ණය ප‍්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 227වනු ඇත. මෙවැනි පසුබිමක් යටතේ බලශක්ති සැපයුම ස්ථාවර කර ගැනීම සඳහා නැවත වරක් න්‍යෂ්ටික ප‍්‍රතික‍්‍රියාකාරක වෙත යොමු වීමට ඇති ප‍්‍රවණතාවද බැහැර කළ නොහැකිය. සමහර නිරීක්ෂකයන් පෙන්වා දෙන ආකාරයට ෆුකුෂිමා න්‍යෂ්ටික අනතුර ගැන නිවැරැදි වාර්තා ලබා දීමට අපොහොසත්ව ඇත්තේද න්‍යෂ්ටික බලශක්තිය වෙනුවෙන් ඉදිරිපත්ව සිටින බලපෑම් කණ්ඩායම් නිසාය. එසේ වුවත් විකිරණශීලී තත්ත්වය නිසා මිනිසාට විය හැකි හානිය ඉන් බැහැර වන්නේ නැත. මාර්තු 11 වැනි දා ජපානයේ ෆුකුෂිමා ව්‍යසනය මුල් කරගෙන තායිවානය හා ආර්ජන්ටිනාව වැනි රටවල විරෝධතා දැක්වූයේ එවැනි අනතුරු ප‍්‍රතික‍්‍රියාකාරක ඇති කුමන ස්ථානයක හෝ විය හැකි නිසාය. භූමි කම්පාවෙන් හෝ සුනාමියෙන් විය හැකි හානිය එම මොහොතට සීමා වුවද ප‍්‍රතික‍්‍රියාකාරකයක් අනතුරට පත්වීමෙන් සිදුවන හානිය පරම්පරා ගණනාවක් පවතින නිසාය.

සටහන - මහින්ද හත්තක
සුනාමියෙන් මියගිය පුද්ගලයන් සිහිකරමින්... ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය  



අදහස් (0)

ජපානය සසල කළ සුනාමියට වසරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 924 1

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ


චීනය ඇමෙරිකන් ගුවන් යානා එපා කියයි
2025 අප්‍රේල් මස 17 498 0

චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.


කොංගෝ බෝට්ටුවක් ගිනිගෙන ගිලී 50 ක් මරුට
2025 අප්‍රේල් මස 17 123 0

අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.


ඇමෙරිකන් තානාපති කාර්යාල වසා දැමීමේ තීරණයක්
2025 අප්‍රේල් මස 17 8390 7

ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම


චීන ජනපති මැලේසියාවේ
2025 අප්‍රේල් මස 16 153 0

ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි


හාවඩ් විශ්ව විද්‍යාලයට ජනපති ට්‍රම්ප්ගෙන් තර්ජන
2025 අප්‍රේල් මස 16 234 0

ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 308 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 250 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site