ජර්මන් පාර්ලිමේන්තුවට කඩා වැදී, රජය පෙරළා බලය අල්ලා ගැනීමට තැත් කළ නියෝ නාසිවාදී ‘රයික්බර්ග්’ කල්ලියේ තවත් සාමාජිකයන් 27 දෙනකු සොයා රට පුරා මෙහෙයුම් සිදු කරන බව පොලිසිය පවසයි.
‘රයික්බර්ග්’ කල්ලි සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් ජර්මන් පොලිසිය එරට ප්‍රාන්ත 16 න් 11 ක වැටලීම් සිදු කළේ 7 වැනිදා ය. එම අවස්ථාවේදී ‘රයික්බර්ග්’ කල්ලි සාමාජිකයන් 25 දෙනකු අත්අඩංගුවට ගැණුනි.
පාර්ලිමේන්තුවට කඩා වැදී රජය පෙරළා රටේ බලය අත්පත් කර ගැනීමට කුමන්ත්‍රණය මෙහෙයවූයේ ‘රයික්බර්ග්’ නායක 71 ක් හැවිරිදි හෙන්රික් නමැත්තාය. මොහු ජර්මානු රජ පෙළපතකින් පැවැත එන අයකු බව ද පැවැසෙයි. ‘රයික්බර්ග්’ මොහු හඳුන්වන්නේ 13 වැනි හෙන්රික් කුමරු යනුවෙනි.
අත්අඩංගුවට ගත් සාමාජිකයන් 25 දෙනාගෙන් 22 දෙදෙනෙකු කැරැල්ල සැලසුම් කළ අය බවත් 3 දෙනෙකු අනුබල දුන් අය බවත් ජර්මානු පොලිසිය ප්‍රකාශ කර තිබේ. ඔවුන් අතර හමුදා සාමාජිකයන් ද සිටින බව පොලිසිය පවසා ඇත.
‘රයික්බර්ග්’ කල්ලිය සාමාජිකයන් 50 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් බවත්, තවත් සැකකරුවන් 27 දෙනෙකු සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් ජර්මානු පොලිසිය පැවැසීය.
දහතුන්වෙනි හෙන්රික් ජර්මනියේ 12 වෙනි සියවසේදී ආරම්භ වූ රෝස් රජ පෙළපතෙන් පැමිණෙන්නෙකු බව පැවැසෙයි.රෝස් පෙළපතේ පාලනය 1918 ජර්මානු විප්ලවය තෙක් වසර සිය ගණනක් දිව යයි.
1951 වසරේ දෙසැම්බර් 4 වැනිදා උපන් මොහු ෆ්‍රෑන්ක්ෆර්ට් හි දේපළ වෙළඳාම්කරුවෙකි. සූසන් ජලාලි නම් ඉරාන ජාතික කාන්තාවක සමග මොහු විවාහ වී සිටී. විවාහයෙන් පසු සූසන් රෝස් කුමරිය ලෙස ඇයව හඳුන්වන බව ද ජර්මන් මාධ්‍ය පවසා ඇත. දහතුන්වෙනි හෙන්රික් සහ සූසන් ට පුත්‍රයකු සිටින බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇත.
(රොයිටර්)
ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ හෝටලයක හටගත් ගින්නකින් 14 ක් ජීවිතක්ෂයට පත්වූහ. සිවු දෙනෙක් බරතළ ලෙස තුවාල ලැබූහ.
ඊසානදිග චීනයේ ලියාඕයැං නගරයේ අවන්හලක ගින්නක් හටගත්තේය. එම ගින්නට හසුවීමෙන්, විසි දෙදෙනකු මියගොස් තවත් තිදෙනක් තුවාල ලැබූහ.
ඉන්දු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාව සමඟ යුදමය තත්ත්වයක් නිර්මාණය වී, ඉන්දියාව එල්ල කරන ප්‍රහාරයකට
තායි රජු සහ රැජින පසුගිය අප්‍රේල් 25 වැනිදා ඔවුන්ගේ බෝයිං වර්ගයේ නිල ගුවන් යානය පියාසර කරමින්, භූතානයේ නිල සංචාරයක් සඳහා පැමිණියහ.
කැනඩා මහ මැතිවරණයෙන් දිගටම බලයේ රෑදී සිටීමට අවස්ථාවක් උදා වූ ලිබරල් පක්ෂය ප්‍රමුඛ එහි නායක මාර්ක් කාර්නි, ලිබරල් පක්ෂයට සහාය දක්වන සෙසු පක්ෂ හවුල් කර
ස්වීඩනයේ, උප්සාලා නගරයේ වෙඩි තැබීමක් සිදුවිය. පොලිසිය වාර්තා කර ඇත්තේ, එම වෙඩි තැබීමෙන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජර්මන් අන්තවාදී කල්ලි සාමාජිකයන් සොයා මෙහෙයුම්
ganegoda Thursday, 08 December 2022 01:25 PM
මෙයාලා ලොකු සැලසුම් හදාගෙන ලෝකයේ හැම රටකටම ගොඩබැහැලයි ඉන්නේ... අපේ රටේත් අපිට උදව් කරන්න ඇවිත් ඉන්න ජර්මන් ජාතිකයින් ගැන සැලකිලිමත් වෙන්න...!
ganegoda Thursday, 08 December 2022 03:23 PM
මේගොල්ලෝ ඉස්සෙල්ලම ජර්මනියේ ජීවත්වන විදේශික මනුස්සයින්ට ගහලා, අතපය කඩලා නිදාගෙන ඉන්න මනුස්සයින්ගේ ගෙවල්වලට ගිනිතියලා ගැහැණුන්, දරුවන්, මිනිසුන් ඒ ගින්නෙන්ම ගිනිබත්වෙලා විනාශ වුණා..