ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස්, ප්‍රංශයේ පැරිස් නුවර ‘ඉලීසේ’ ජනාධිපති මන්දිරයේ දී ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් හමුවී සාකච්ඡා පැවැත්වීය.
ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් පමණක් නොව, ඔහුගේ කැබිනට් මණ්ඩලයම ප්‍රංශයේ පැරිස් අගනුවරට පැමිණියේය. ඒ, කලක් සතුරුන් වූ ජර්මනිය සහ ප්‍රංශය යුරෝපා සංගමයේ මැදිහත් වීමෙන් මිතුරන් බවට පත් වී වසර 60 ක් සපිරීමේ විශේෂ උත්සවයට සහභාගී වීමටය. උත්සවය පැරිස් අගනුවර සෝබෝන් විශ්ව විද්‍යාලයේ දී පැවැත්විණි.
සෝබෝන් විශ්ව විද්‍යාලයේ පැවැති උත්සවයට ජර්මන් සහ ප්‍රංශ මැති ඇමැතිවරුන් 300 කට වැඩි පිරිසක් එක් වී සිටි බවත් ඔවුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කෙරුණි.
පසුගිය කාලයේ රුසියන් යුක්රේන අර්බුදය හේතුවෙන් හටගත් බලශකත්ති අර්බුදය මුල්කොට ගනිමින් ජර්මනිය සහ ප්‍රංශය අතරේ මත ගැටුම් නිර්මාණය විය. එම ගැටුම් සමතයකට පත් කර ගැනීමට ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතරේ ඉලිසේ මාලිගයේ දී සාකච්ඡා පැවැත්වූයේ එම අර්බුදය සම්බන්ධයෙනි.
(ඒ.එෆ්.පී.)
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු සහ කැනඩාව ඇමෙරිකාවේ ජනපදයක් බවට පත් කර ගැනීමේ තීන්දු තීරණ මධ්‍යයේ කැනඩාවේ මහ මැතිවරණය පැවැත්වුණු අතර, එ
ඉන්දු කාශ්මීරයේ පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තාන ‘යූ ටියුබ්’ නාළිකා රැසක්, ඉන්දියාවේ තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත. ඒ, එම පාකිස්තාන ය
නව පාප්වහන්සේ තෝරාපත් කර ගැනීම සඳහා වන කාදිනල්වරුන්ගේ රහසිගත හමුව සහ ඡන්ද විමසුම ලබන 5 වැනිදා හෝ 6 වැනිදා පැවැත්වෙනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක ද
රුසියන් යුක්රේන යුද්ධයේ දී තමන්ගේ සහාය රුසියාවට ලබා දෙන බවත්, තම හමුදා රුසියන් හමුදා සමඟ එක් වී, යුක්රේන හමුදා සමඟ සටන් වදින බවත් උතුරු කොරියාව නිල වශයෙ
කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ විය. ඒ, එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජර්මන් චාන්සලර් ප්‍රංශ ජනපති හමුවෙයි
ganegoda Monday, 23 January 2023 02:41 PM
රුසියාව නේටෝ එක්ක යුද්ධයක් ඇතිවීමේ භයානක කම ගැන තමයි කතාබහ කරලා තියෙන්නේ