අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් පිහිටා ඇති ග‍්‍රහලෝකයක ජීවය පැවැතිය හැකි බවට සාක්ෂි තමන්ට ලැබී ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය ඊයේ (5) අනාවරණය කළේය.නාසා විද්‍යාඥයන් මේ බව ප‍්‍රකාශ කළේ ඔවුන් විසින් අභ්‍යවකාශයේ රඳවනු ලැබූ ‘කෙප්ලර්’ නමැති අති ප‍්‍රබල දුරේක්ෂයෙන් ලබා ගත් ඡුායාරූප සහ දත්ත පාදක කර ගනිමින්ය. ඔවුන් එම ග‍්‍රහලොව නම් කර ඇත්තේ ‘කෙප්ලර් 22බී’ යනුවෙනි.නාසා විද්‍යාඥයන් කෙප්ලර් දුරේක්ෂය අභ්‍යවකාශයේ රඳවා තිබෙන්නේ ද අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් පිහිටා ඇති ග‍්‍රහලෝකවල ජීවීන් සිටිත්දැයි සෙවීමේ අරමුණ ඇතිවය.නාසා ආයතනය අති නවීන තාක්ෂණයෙන් නිර්මාණය කළ ප‍්‍රබල කැමරාවකින් ද සමන්විත කෙප්ලර් දුරේක්ෂය අභ්‍යවකාශයේ රැඳවූයේ 2009 වසරේදීය. එය ලබන වසරේ එනම් 2012 වසරේ නොවැම්බර් මාසය තෙක් විශ්වයේ ඈත කෙළවරේ ඇති දත්ත සහ ඡුායාරූප පෘථිවියට එවනු ඇත.‘කෙප්ලර් 22 බී’ ග‍්‍රහලෝකයේ ජීවය පවතින බවට සාක්ෂි විද්‍යාඥයන්ට හමුවී ඇත්තේ ඒ අනුවය.‘කෙප්ලර් 22බී’ පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600 ක් දුරින් යැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති. මෙම ග‍්‍රහලොව ගැන මුලින්ම තාරකා විද්‍යාඥයන්ට තොරතුරු ලැබී ඇත්තේද 2009 වසරේදීය. පෘථිවියට වඩා විශාල වන මෙම ග‍්‍රහලෝකය අපගේ සූර්යයාට වඩා කුඩා තරුවක් වටේ භ‍්‍රමණය වෙයි. ග‍්‍රහලොවේ ජීවය පැවැතීමට අවශ්‍ය සාධක තිබෙන බවත් එය විශ්වයේ පිහිටා ඇත්තේ ජීවය පැවැතිය හැකි කලාපයක බවත් හෙළි කර ගැනීමට හැකි වී ඇත්තේ කෙප්ලර් දුරේක්ෂයේ උදව්වෙනි.
උතුරු චීනයේ, හෙබෙයි පළාතේ, චෙන්ග්-ඩේ නගරයේ වැඩිහිටි නිවාසයක ගින්නන් හටගත්තේය. ගින්නට හසුවීමෙන්, 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.
කැරිබියානු රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ, සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී 80
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය හැර සෙසු රටවල් සඳහා පැනැවූ තීරු බදු සඳහා දින 90 ක විරාමයක් ප්‍රකාශ කිරීමත් සමඟ ආසියා පැසිෆික් කොටස් වෙළෙඳපොළ අග
බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඇමෙරිකාවට පැමිණ තම සමාගම් ආරම්භ කරන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනග්ඩ් ට්‍රම්ප් විදෙස් සමාගම්වලින් ඉල්ලා ඇත. එසේ කරන්නේ නම්, ඒ සමාගම්වලට කිසිදු බදු මුදල
පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තමන් සූදානම් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. මෙය පලස්තීන වැසියන්ගේ අයිතීන් සුරැකීමට හේතුවක් වන
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
ජීවීන් සිටිය හැකි ග‍්‍රහලොවක් හමුවෙයි