ඊශ්‍රායල ප්‍රහාරවලින්, පලස්තීන දරුවන් සහ බිලිඳන් මියයෑම සම්බන්ධයෙන් දැඩි සේ කනගාටුවටත්, කනස්සල්ලටත් පත්ව සිටින පලස්තීන ජාතික කලාකාරියක වන රානා බිෂාරා, නත්තල නිමිත්තෙන් ජේසු බිලිඳාගේ ප්‍රතිමාවක් යොදා ගනිමින් නව කලා නිර්මාණයක් එළිදක්වා ඇත.
රානාගේ කලා නිර්මාණයෙන් පෙන්නුම් කරන්නේ, ඉන්කියුබේටරයක් තුළ සිටින ජේසු බිලිඳාය. ජේසු බිලිඳා උපන්නේ බෙත්ලෙහෙමේය. බෙත්ලෙහෙම අද අයත් වන්නේ පලස්තීනුවන් බහුලව වෙසන බටහිර ඉවුරටය. ඊට අමතරව පලස්තීනුවන් වාසය කරන්නේ ගාසා තීරයේය. අද යුද ගැටුම් පවතින්නේ ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානය සහ ඊශ්‍රායල හමුදා අතරේය.
ඉන්කියුබේටරයේ සිටින ජේසු බිලිඳාගේ මෙම කලා නිර්මාණය දකින්න ලැබෙන්නේ, බෙත්ලෙහෙම දේවස්ථානය ඉදිරිපිටය.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ රෝහල් ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරයි. ගාසා රෝහල් සියල්ලම පාහේ එම ප්‍රහාර හේතුවෙන් අඩපණ වී ඇතැයි පැවැසෙයි.
ගුවන් ප්‍රහාර මැද, රෝහල්වල සිටි නොමේරූ බිලිඳන්, ඉන්කියුබේටර පිටින් ම ඊජිප්තුවේ රෝහල්වලට රැගෙන යන දසුන් පසුගිය කාලයේ දකින්න ලැබුණි.
රානා බිෂාරා, සිය කලා නිර්මාණය ගැන අදහස් දක්වමින්, මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ ජේසු බිලිඳා අද උපන්නොත්, උපදිනු ඇත්තේ යුද ගැටුමක් මැද බවය.
(අල් ජසීරා)
අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව
වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි
නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ
ඇෆ්ගන් තලේබාන් සංවිධානය, තම ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කිරීමට රුසියන් රජය තීරණය කළ බව එරට විදේශ අමත්‍යාංශය පවසා ඇත.
ඊශ්‍රායල හමුදාව, ලෙබනනයේ බේරූට් අගනුවර භූගත බංකරයක සැඟවී සිටි හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කිරීමෙන් පසු, හිස්බුල්ලා නායකත්වයට තවමත
ඉන්දියාවේ හර්යානා ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ අතර වසර 10 කට පසු, හර්යානා ප්‍රාන්තයේ බලය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන භාරතීය ජනතා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජේසු බබා ඉන්කියුබේටරයේ